Posts

Showing posts from June, 2020

මින්නේරිය වැව

මහසෙන් මහ රජු යක්ෂ සහයෙන් කරවූ මින්නේරිය වැවේ ඔබ නොදන්නා කතාවයි මේ මහසෙන් රජුට හත් රජ්ජුරු බණ්ඩාර දෙවියෝ නොහොත් මින්නේරි දෙවියෝ’යි කියන්නට තරම් ඔහු වෙනුවෙන් දේවාල තනවන්නට තරම් සියවස් 17ක් තිස්සේ ඔහු වෙනුවෙන් නොකඩවා පුද පූජා කරන්නට තරම් භක්තියක් රට වැසි ජනතාවට තිබිණි. වෛතුල්‍යවාදය මුල්කර ගත් සංඝමිත්‍ර තෙරුන්ගේ බහට වැඩ කර මහසෙන් රජතුමා මුලදී මහා විහාරය අමනාප කරගත්තේය. එය බොහෝ ප්‍රශ්නවලට මුල්විය. අගනුවර වූ අනුරාධුපුරයේ රැඳී සිටින්නට බැරි තරමට වාතාවරණය දරුණු වූ බැවින් හබරණ කැකිරාව මාර්ගයේ රිටිගල කන්දේ පදිංචියට මහසෙන් පැමිණි බවට නටබුන් අදත් එහි ඇතැයි සඳහන්ය. මහ වැවකටම සරිලන මෙනේරි වැවී තිබෙන භූමි භාගයක් මාතලේ දඹුලු කඳුවැටි පාමුල සිට ගව් කිහිපයක් ඈතින් තිබෙන බවත් එය නිතර ජලයෙන් පිරී තිබෙන බවත් එහි මහ වැවක් තැනුවහොත් පළාතම එකම කෙත් යායක් වනු ඇතැයි චරපුරුෂයන් විසින් රජතුමාට දැන්වූ බව පැවසේ. ඉන්පසු චරපුරුෂයින් රිටිගල සිට හතර අතට යැවූ බව ද කියති. වියළි කලාපයක් වූ මේ පළාතේ තිබූ විශාල ප්‍රශ්නය ජලය හිඟකමයි. කුඩා වැව් රැසක් සාදා ලොව දැවැන්තම ගඩොල් ව්‍යුහය වූ ජේතවනාරාමය චෛත්‍ය කර්මාන්තයට අත ගසා තිබූ