Posts

Showing posts from April, 2019

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

Image
මෙම ලිපිය සකස් කිරීමට මාගේ ආදරණීය බිරින්දෑගේ ආයුර්වේද දැනුම මෙන්ම ජයන්තිපුර තඹලවැව ග්‍රාමයේ පදිංචි අබේරත්න බංඩා සර්ප විෂ වෙද මහතාගේද නෙමදව සහයක් ලැබනු බව ඉතාමත් කෘතගුණ පූර්වකව මතක් කර සිටින්නෙමි. ශ්‍රී ලංකාවේ වෙදකම ගැන කතා කරන කල්හි රාවණ රජ කාලය ගැන කතා කල යුතුමය. රාවණ රජු සකල ශිල්පයන් හී දක්ෂ කම් දැක් වූ රජ කෙනෙක් නිසා ඔහු සතුව ⁣⁣⁣ඖෂධ පිලිබදවද ඉතාමත් හොද දැනුමක් තිබී ඇති බවට සැකයක් නොමැත. සමහර ඉතිහාසඥයන් අනුමාන කරන ආකාරයට හිමාලයේ ඍෂිවරුන්ගෙන් ආරම්භ උනා යැයි පවසන ආයුර්වේද වෙදකමට මුල් උනේද රාවණා මහරජුගේ ⁣දැනුමයි. තවද ආයුර්වේදයේ පැරණි පොත්පත්වල සදහන් ආකාරයට රාවණා රජු විසින් ⁣වෙද්‍යක්‍රම පිළිබදව පොත් කිහිපයක් රචනා කර ඇත. ඒවා නම්, *කුමාර තන්ත්‍රය *අර්ක තන්ත්‍රය *නාඩි ප්‍රකාශය *උඩිස් තන්ත්‍රය මෙම ග්‍රන්ථ තුලින් විශාල දැනුම් සම්භාරයක් ලබා දී ඇත. පසු කාලීනව විජය කුමාරයා ලංකාවට පැමනීමට පසුව ලංකාවේ රාජ්‍යය පාලනය, ආර්ථිකය, වෙදකම ගැන සදහන් උවද ඊට පෙර ඉතිහාසය පිළිබදව පැහැදිලි සදහනක් සොයාගත නොහැක. නමුදු විජය කුමරැ ලංකාවට පැමිනීමට පෙර සිටද ලංකාවතුල විශිෂ්ට වෛද්‍ය ක්‍රමයන් පැවැත ඇතුවාට සැකය