හෙළ විෂ ⁣වෙද පරම්පරාව

මෙම ලිපිය සකස් කිරීමට මාගේ ආදරණීය බිරින්දෑගේ ආයුර්වේද දැනුම මෙන්ම ජයන්තිපුර තඹලවැව ග්‍රාමයේ පදිංචි අබේරත්න බංඩා සර්ප විෂ වෙද මහතාගේද නෙමදව සහයක් ලැබනු බව ඉතාමත් කෘතගුණ පූර්වකව මතක් කර සිටින්නෙමි.
ශ්‍රී ලංකාවේ වෙදකම ගැන කතා කරන කල්හි රාවණ රජ කාලය ගැන කතා කල යුතුමය. රාවණ රජු සකල ශිල්පයන් හී දක්ෂ කම් දැක් වූ රජ කෙනෙක් නිසා ඔහු සතුව ⁣⁣⁣ඖෂධ පිලිබදවද ඉතාමත් හොද දැනුමක් තිබී ඇති බවට සැකයක් නොමැත. සමහර ඉතිහාසඥයන් අනුමාන කරන ආකාරයට හිමාලයේ ඍෂිවරුන්ගෙන් ආරම්භ උනා යැයි පවසන ආයුර්වේද වෙදකමට මුල් උනේද රාවණා මහරජුගේ ⁣දැනුමයි. තවද ආයුර්වේදයේ පැරණි පොත්පත්වල සදහන් ආකාරයට රාවණා රජු විසින් ⁣වෙද්‍යක්‍රම පිළිබදව පොත් කිහිපයක් රචනා කර ඇත. ඒවා නම්,
*කුමාර තන්ත්‍රය
*අර්ක තන්ත්‍රය
*නාඩි ප්‍රකාශය
*උඩිස් තන්ත්‍රය
මෙම ග්‍රන්ථ තුලින් විශාල දැනුම් සම්භාරයක් ලබා දී ඇත.
පසු කාලීනව විජය කුමාරයා ලංකාවට පැමනීමට පසුව ලංකාවේ රාජ්‍යය පාලනය, ආර්ථිකය, වෙදකම ගැන සදහන් උවද ඊට පෙර ඉතිහාසය පිළිබදව පැහැදිලි සදහනක් සොයාගත නොහැක. නමුදු විජය කුමරැ ලංකාවට පැමිනීමට පෙර සිටද ලංකාවතුල විශිෂ්ට වෛද්‍ය ක්‍රමයන් පැවැත ඇතුවාට සැකයක් නොමැත.
දේශීය වෙද්‍යක්‍රමය ගැනීමේදී එය පාරම්පරිකව කට පාඩමින් පැමින ඇති බව පැහැදිලි වේ. එසේ පාරම්පරිකව පැමිනි වෙදකම කොටස් වශයෙන් බෙදා එක් එක් පරම්පරාවට එක් එක් ක්‍රම ලෙස ද පවත්වාගෙන පැමින ඇත.
#කැඩුම් බිදුම් වෙදකම
#ගෙඩි වන පිලිකා වෙදකම
#විෂ වෙදකම
#අර්ශෂ් වෙදකම
ආදි ලෙස තවත් නොයෙකුත් ආකාරයට දේශීය වෛද්‍ය විද්‍යාව කොටස් කර දැක්විය හැකිය. මෙලෙස බෙදා වෙන් කරගෙන ඇත්තේ එ් ඒ අංශ  පිළිබඳව පරතෙරටම ඉගැනීමට එක් වෙද මහතෙකුට තම මුලු ජීවිතකාලයම උවද ප්‍රමාණවත් නොවන නිසා විය යුතුය. ඒ ඒ පරම්පරාවෙන් පරම්පරාවට වෙදකම් ක්‍රම දියුණු වෙමින් සමහර අංශ විනාශ වෙමින් අද වන විටත් සාර්ථකවම දේශීය වෙදකම ලංකාව පුරාම ව්‍යාප්තව පවති.
අපි අද කථා කරන විෂ වෙදකමද කොටස් දෙකකට වෙන්කර දැක්විය හැකිය.
#ජංගම විෂ
#ස්ථාවර විෂ
යනු ඒවාය. ජංගම විෂ යනු සත්වයෙක්, උරගයෙක් මගින් මිනිසාට හෝ වෙනත් සත්වයෙකුට ඇතුලු වන විෂ වන අතර ස්ථාවර විෂ නම් ශාක, ආහාර, විවිධාකාර රසායන වර්ග වලින් ඇතිවන විෂයි. අපිට එදිනෙදා ජීවිතයේදී වැඩිපුරම දැනගන්නට ලැබෙන්නේ ජංගම විෂ මගින් ඇතිවූ ජීවිත හානි පිළිබඳවයි. ඉතිං අද මම සදහන් කරන්න හිතුවා මේ ජංගම විෂ එහෙමත් නැත්නම් සරලවම කියනවානම් සර්ප විෂ වෙදකම ගැන.
සර්ප විෂ වෙදකම ගැන කියනවානම් එහි ලංකාවේ මූලිකවම කියැවෙන නම තමා දුටුගැමුණු මහරජුගේ රාජකීය වෛද්‍යවරයකු වූ කපුරැනාථ වෙද මහතා ගැන. මෙම නම තැනක කපුරැනාද, කපුරැනාග ආදී ලෙසද සදහන් වී තිබෙනු දක්නට ලැබුනා. නමුත් එම පරම්පරාව මගින් පැවත එන්නා වූ  වෙද මහත්වරැන්ගේ මතයනම් කපුරැනාථ යන නම හරි නම කියාය. මෙම කපුරැනාථ  වෙදදැරැතුමා ජීවත් උනේ මාතලේ ප්‍රදේශයේ කියලයි ඉතිහාසය සාක්ෂි දරන්නේ. දුටුගැමුණු මහ රජතුමා අනුරාධපුරය රාජධානිය කරගෙන රට එක් සේසත් කල කාලයේ ඔහු කැකිරාව ප්‍රදේශයට සංක්‍රමණය වී ඇති අතර, රජුට ඉතාමත් විශ්වාශණීයම වෙදදුරෙක් ලෙස කටයුතු කර තිබෙන බවට ඉතිහාස තොරතුරු සාක්ෂි දරනවා.
  දුටුගැමුණු මහරජු විසි ස්වර්ණමාලී මහා චෛත්‍ය නිර්මාණය කිරීම සදහා දෝණයක් ධාතූන් වහන්සේලා වැඩම කරවා ඇත්තේ නාග ලෝකයෙනි. ඒම හේතුව නිසා නාග ග්‍රෝතිකයන් රජු සමග අමනාපයෙන් සිට ඇති අතර හැකි සෑම අවස්ථාකදීම රජුට නාගයන් දශ්ඨ කර ඇත. නමුත් රාජකීය වෛද්‍යචාර්යය කපුරැනාථ වෙද මහතා ඉතා ඉක්මනින්ම රජුව සුව අතට පත් කර ඇත. මේ අතර නාලොව නාග කන්‍යාවක් රජු විසින් පැහැර⁣ ගත් නිසා තව තවත් ඔවුන්ගේ වෛරය වැඩිවී තිබී ඇත. නමුදු දශ්ඨ කිරීමෙන් පලක් නැති නිසා කපුරැනාථ වෙදදැරැතුමා සමගද ඔවුන් තදබල වෛරයකින් සිට ඇත. එතුමාට නාග වේශයෙන් ලංවිය නොහැකි වන ආකාරයේ යන්ත්‍ර මන්ත්‍රද දන්නා බැවින් නාගයන්ට කිසිම කරදරයක් කිරීමට හැකියාවක් ලැබී නැත.
  කෙසේ හෝ මනුෂ්‍ය වේශයක් ලබාගෙන කපුරැනාථ වෙද මහතා සමග මිත්‍රවූ එක් නාග මානවකයෙක් එතුමාගෙන් විෂ ශාස්ත්‍රය පිලිබදව දැනගෙන නැකතට අනුව කපුරැනාථ වෛද්‍යාචාර්යවරයාටද, දුටුගැමුණු මහ රජුටද එකවර දශ්ඨ කර ඇති අතර. කෙසේ හෝ කපුරැනාථ වෛද්‍යාචාර්යවරයා ජීවිතය රැකගෙන රජුට බෙහෙත් රැගෙන යන විට රජුව සුව කිරීමට හැකිව තිබූ කාලය අවසන් වී ඇති අතර දෂ්ඨ කල දින සිට සතියක කාලයක් තුල රජු මිය යන ලදි
පසු කාලීනව ඔහුගෙන් පසු පරම්පරාවෙන් පරම්පරාවට මෙම වෙද කම පැමිණි අතර රටේ තිබූ අහිතකර දේශපාලන තත්වයන් හමුවේ ජනයා කන්ද උඩරටට, ඌවට සංක්‍රමණය වීමේදී මෙම වෙදකම උරැම පරම්පරාවන්ද එම ප්‍රදේශවල පදිංචි වී ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය වෛද්‍යවරයාද එම පරම්පරාවට අයත් අයෙකි.
(ඉංග්‍රීසි පාලන සමයේ පන්සල් සතු, වෙද මහතුන්ගේ සන්තකයේ තිබූ වෙද පොත් සියල්ල පැහැරගෙන එන්ගලන්තයට රැගෙන ගොස් ඇත. එමගින් ඉතා වටිනා වෛද්‍ය ක්‍රම කිහිපයක්ම අභාවයට පත්ව ඇත.)
එම පරම්පරාවෙන් පැවත එන්නා වූ අබේරත්න බංඩා වෙද මහතා පොලොන්නරුව ප්‍රදේශයතුල අදටත් ජීවත් වෙමින් රෝගීන්ට ප්‍රතිකාර සිදුකරනු ලබයි. අද වනවිට බටහිර වෛද්‍ය ක්‍රමය පිහිට ගොස් ඇති හෙළයා දේශීය වෛද්‍ය ක්‍රමය ගැන තකන්නේ ඉතාමත්ම අඩුවෙනි. සර්ප දෂ්ඨනයකදී බටහිර ක්‍රමයට සර්පයා හදුනාගෙන තිබීම ඉතා වැදගත්ය. නමුත් දේශීය වෛද්‍ය ක්‍රමයට සර්පයා හදුනාගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. ඒ සදහා ක්‍රම කිහිපයක් භාවිතා කරන අතර ප්‍රධාන වශයෙන් ධූත ලක්ෂණ මගින් සර්පයා නිවැරැදිව හදුනා ගත හැකියාව ඇත. යමෙකුට සර්පයෙක් දෂ්ඨ කල විට ඒ පිලිබදව වෙද මහතා දැනුවත් කිරීමට පැමිනෙන්නන්ගේ ශරීර අංග චලන, කතාකරන විලාශය ආදී නොයෙකුත් දේවල් මගින් සර්පයා ගැන පැහැදිලි නිගමනයකට ඒමට දේශීය වෛද්‍යවරුන්ට ඉතා ප්‍රභල හැකියාවක් ඇත. ඒ හැකියාව ලැබුනේ අවුරැදු දහස් ගනනක් වෙද පරම්පරා ලැබූ අද්දැකීම් මගිනි.
අනික් ක්‍රම නම් නාඩි අල්ලා බැලීම, රෝග ලක්ෂණ, සර්පයා කෑ ස්ථානයේ තුවාල, ඉදිමුම, ආදියේ වෙනස්කම් මත සර්පයා හදුනා ගැනීමය. ⁣මෙලෙස සර්පයා හදුනා ගත්තද ඔවුන් ලෙඩාට හෝ පවුලේ අයට සර්පයා පිළිබඳව පවසන්නේ නැත. ඒ ලෙඩා බිය උවහොත් ලේ ගමන වේගවත් වී විෂ ඉක්මනින් ශරීර ගතවී රෝගියා මරණයට පත්වන නිසාවෙනි. ඉන් පසුව ආරක්ෂක මන්ත්‍ර කිහිපයක් මතුරා රෝගියාට ආරක්ෂාව ලබා දී මුලින්ම සර්පයාගේ විෂ බැස්සවීමට මන්ත්‍ර කියයි. එයට හේතුව මිනිසාට දශ්ඨ කල සර්පයාට මිනිසා විෂ වන නිසාවෙනි. ඒ අතරතුර අදාල සර්පයාට අදාල බෙහෙත් වර්ග ලෙඩාට කරන අතර ඉතා දක්ෂ වෙද මහතෙකුට බෙහෙත් දෙවේලක් යන විට රෝගියා සාමාන්‍ය තත්වයට ගත හැකිය.
අද වන විට සර්පයන් දෂ්ඨ කල විට කෙලින්ම රෝහල් ගත වන බැවින් වෙද මහත්වරැ ලගට එන රෝගීන් ප්‍රමාණය අඩුවී ඇත. නමුත් තාමත් සාර්ථකවම සර්ප විෂ, ගෝනසු, මී මැසි, සුනඛ, පත්තෑ ආදී සතුන්ගෙන් සිදුවන දශ්ඨ කිරීම් වලදී සාර්ථකවම අතුරැ ආබාද නොමැතිව රෝගීන් සුව කිරීමේ හැකියාව ඔවුන් සතුව පවතී..

Comments

  1. පහුගිය සියවසේදි පාරම්පරික වෙදකම හොරැන්ගෙ අතට යාම නිසා එහි පරිහානිය උදා උනා කියල මට හිතෙනව. අනික වෙදකමට වඩා මන්තර සාස්තර වගේ අනවශ්‍ය මිත්‍යා වලට වැඩි වටිනාකමක් ආරෝපණය අදට ගැලපෙන්නෙ නෑ .. 😕

    අනික රාවණාව මැරැවෙ රාමා නෙමෙයි ... පහුගිය අඩසියවසක කාලෙදි පුහු හිතලු සමාජගත කරපු පත්තරකාරයො සහ ආචාර්යවරුන් කියාගත්ත එවුං ... උන් රාවණාගෙ දඩුමොණරයේ හිට මාළිගාවෙ ඉදං රාවණා ටොයිලට් එකේ දාපු *** වෙනකං දේවල් ගැන විස්තර කරන්නෙ බලං හිටිය වගේ 🤣

    ReplyDelete
    Replies
    1. කාන්තාවන්ට කටුසු බිත්තර අල්ලන්න හොද නැ කියන්නේ ඇයි කියල දැන ගන්න පුළුවන් ද

      Delete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

ඓතිහාසික සෝමාවතී රජමහා විහාරය - පොලොන්නරුව