Friday, June 28, 2019

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

ටොරොන්ටෝ නුවර උසාවි කාමරයේ නිශ්ශබ්ද තාවය බිඳගෙන මහා හඬින් ජංගම දුරකථනයක් නාද උනා. වම් පැත්තේ ආසන පෙළේ වාඩි වෙලා හිටපු මැදිවිය ඉක්මවූ කාන්තාවක් කලබලයෙන් ඇගේ අත්බෑගයට අත පොවනවා.
"ප්ලීස් ස්විච් ඕෆ් ඕල් යුව ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් වයිල් කෝට් ඉස් ඉන් සෙෂන්" කියලා උසාවි ලිපිකරු කෑගැහුවා. විනිශ්චයකරු ඔලුව උස්සලා වත් බැලුවේ නෑ. කටයුතු සාමාන්‍ය විදියටම සිදු වෙනවා. පැය භාගයකින් විතර ඒ විදිහටම ආපහු දුරකථන නාදයක් ඇහුණා. අර කාන්තාවම කලබලයෙන් ආපහු බෑග් එකට අත දානවා පෙනුනා. තව විනාඩි දහයකින් විතර ඒ දේම ආපහු වුනා. "පව් මේ මනුස්සයා ෆෝන් එක සයිලන්ට් දාන විදිහ දන්නේ නැහැ" මට හිතුනා.
මට ඉස්සරහ පේලියේ වාඩි වෙලා හිටියේ අවුරුදු 25ක විතර තරුණයෙක්. කොට කලිසමක් සහ ටෑන්ක් ටොප් එකක් ඇඳලා හිටපු ඔහුගේ ඇඟේ කොච්චර පච්ච කොටලා තිබුණාද කිව්වොත් තව එක පච්චයක්වත් කොටන්න ඉඩ තිබුනේ නෑ කියලා මට හිතුනා. ඔහු තැනින් තැන කරාබු දහයක් පහළොවක් ම එල්ලගෙන තිබුණා. ටික වෙලාවකින් ඔහුගේ නම කියල කතා කරහම ඔහු ගිහිල්ල ඉස්සරහ හිටගත්තා. විනිශ්චයකරු ඔහුට යම් දෙයක් විස්තර කරලා, නඩු විභාගයට දවසක් නියම කරලා එදාට උසාවියේ පෙනී සිටින්න කියලත් කිව්වා. "ස්තුතියි" කියලා ඔහු යන්න ගියා.
මට දකුණු පැත්තෙ පේලියේ වාඩි වෙලා හිටපු කළු තරුණිය ඇඳලා හිටපු ඇඳුමෙන් ඇයගේ සිරුරේ ආවරණය වෙලා තිබුණ ප්‍රමාණයට වඩා නිරාවරණය වෙලා තිබිච්ච ප්‍රමාණය බොහොම වැඩියි. ලංකාවේ සම්මතය අනුව කියනවනං හිටියෙ අඩ නිරුවතින් නෙවෙයි තුන්කාලක් විතර නිරුවතින් කියන්න පුළුවන්. එයත් ඉස්සරහට ගිහින් පොලිස් නිලධාරීන් මාංචු දාලා ගෙනාපු එයාගේ සහෝදරියට ඇපකාරිය ලෙස ඉදිරිපත් වෙලා විනිශ්චයකරුගෙ ප්‍රශ්න වලට උත්තර දුන්නා.
මේ මම කැනඩාවේ උසාවියකට ගිය පළමු අවස්ථාව වූ නිසා, විනිශ්චයකරු මේවා ගැන වගේ වගක් නැතුව ඉන්නෙ මොකද කියලා මට හරි ප්‍රශ්නයක්.
පස්සේ මම මෙහෙම හිතාගත්තා...
"උසාවියේ ගෞරවය රැඳී තියෙන්නේ තමන් ලබා දෙන තීන්දුව කොයිතරම් සාධාරණ සහ ගෞරවනීය ද කියන එක මත මිසක්, යුක්තිය පසිඳලන කටයුතුවලට කිසිසේත්ම අදාළ නොවන කරුණු මත නොවන බව මේ නඩුකාරයාට සමහරවිට තේරුම් ගිහිල්ලා ඇති".
- Jayantha Wijesinghe -

බීම හා පොලිසිය.. 1 😂😂

මාතෘකාව කියවද්දිම නිකං හි⁣තුනද මුං මහ බේබද්දෝ කියලා.. නෑ.. බේ බද්දෝ කියන්නේ දවස ගානේ අන්දෝ සංසාරයක් නැතිව පොලුපාරක් හරි වදිනවනම් ගහන අය කියලා පුරාණ ඍෂිවරයෙක් පොල් කොලේකද කොහෙද ලියලා තිබ්බා කියලා අපේ හෙල්මට් මාමා ⁣ඒ දවස්වල බොන වෙලාවක කිව්වා කියලා යාන්තමට මීටර් වෙනවා.. වැල් වටාරම් නිකම් වැඩිද මංදා.. ඒ හින්දා කථාවට බහිමුකෝ..
  මාස ගානකින් මොනවත් බොලොග් පොජ්ජේ කොටන්න බැරි උනේ එක එක වැඩ රාජකාරී නිසාම නමි කියලා මුසාවාදා දොඩන්ඩ බෑ.. කම්මැලිකමත් තිබුනා ආයුබෝවන්ඩ.. මේ ඊයේ පෙරේදා කණ්ඩයියා මරණ තර්ජන කොරන තැනටම ආව ඕං කොටන්ඩ කියාලා.. එහෙනම් ඕං මහා බේබදු අලංකාරයේ නෙකී කථාවක් ලියන්ඩ තමා යන්නේ...
   මේ සිද්ධිය වෙනකොට මංතුමා කොලොම්තොට අර හොනරබල්ලා ඉන්න පැත්තේ ඇනෙක්ෂ් එකක් අරං ගෙදර උන්දෑ සමග දැහෙමෙන් සෙමෙන් ඉද හිටලා ත්‍රීවීලර් හයර් එකක් දුවාන හිටපු කාලේනොවැ..ඉතිං මම කොලොම්තොට ඉද්දි මගේ අතිපජාත පාප මිත්‍ර කුකුල්තොමෝටත් එදාවේල සරි කොර ගන්න විදිහක් නැතුව ඔය තලවතුගොඩ පැත්තේ තියෙන අර යොහෝවාද කාගෙද පල්ලියක අලුතින් හදන බිල්ඩිං එහෙක පොටි බාස් කෙනෙක් විදිහට වැඩට ආවා..
ඉතිං මාත් මාස ගානකින් කුකුල්තොමෝ බැහැදැකපු නැති නිසා නමෝ විත්තියෙන් තලවතුගොඩ පැත්තේ හයර් එකක් යද්දි කුකුල්තෙමෝව සිහිවෙලා ෆොන් පොජ්ජෙන් කෝල් පොජ්ජක් අරගෙන ඉන්න තැන හොයාන හොයාන ගිහින් බැහැදැක්කා..
 - අඩෝ ගොඩ දවසකින්නේද?? මොනවා හරි කරමුද?
මංතුමා- (ඉබ්බා දියේ දැම්මා වාගේ) යමං යමං එහෙනම්...
දැං ඉතිං තලවතුගොඩ keels super එකට ගිහින් තෝරලා තෝරලා ඩ්‍රයිජින් බාගෙකුයි අඩුවැඩියයි අරං තුන්රෝදේ නැගී පාර්ලිමේන්තුව පැත්තට එනවා..
 - කොහෙද බං ⁣සෙට්වෙන්නේ?
මංතුමා - එහේවාගේ  මෙහේ බෑනේ බං... ඔය පාක් එකක් අයිනේවත් සෙට් වෙමු.
ඔහොම රවුම් දෙක තුනක් ගිහින් දියවන්නා මංතීරැවේ වෙල් යායේ මැදින් යන පාරේ අයිනකට දාගෙන අපි දෙන්නා ලාවට හීනියට පාවිච්චි කරනවා..
ඔය අතරේ මැෂිමක් ගැන මොකක්ද එකක් අැහුවා කුකුලා.. මම ඉතිං මහන මැෂිං ගැන දන්න ලබ්බක් නැති නිසා අටං උතුමාණන්ට දුරබනුවෙන් කෝල් එකක් අරං කුකුලා අතට දීලා ලාවට සිංදුවක් ප්ලේ කරං ඉද්දි වේගෙන් ආපු බයික් එකක් නතර කලා..
නිකං බයික් එකක් නෙවෙයි ට්‍රැෆික් බයික් එකක්... ආයුබෝවන්ඩ.. ට සිරි කිව්වලු.
ට්‍රැෆික් රාලහාමි 1- තමුසෙලා මොකද මෙතන කරන්⁣නේ...?? ගන්නවා id
ට්‍රැෆික් රාලහාමි 2- සර් මුං තමා.. කෝල් එක හරි.. මේං එම්ටිය.. ගහපු පරයා දෙකට කැඩෙන්න.. මෙතන බොන තැනක්ද යකෝ...$&&%@&@#$$&@*@&*;$@@@&@*@#
 - (සිද්ධිය වෙද්දි පොර අටමා සමග සංවාදයේ..) ඇයි සර්..
පො.රා.1- අපිට 119 එකක් ආවා මෙතන නන්නාඳුනන කට්ටියක ඉන්නවා කියලා..
මංතුමා -  අනේ සර් අපි මෙහේ නෙවෙයි ⁣කූලී වැඩක් හොයාන ආවේ. තලවතුගොඩ වැඩකර කර හිටියේ දවසේ පඩියට. එතන ලොකුබාස් පඩිත් නොදී පැනලා ගියා සර්.. කරගන්න දෙයක් නැතුව ඉන්නේ..
 - අනේ ඔව් සර් අපි දෙන්නාම එකම ගමේ බොරැනම් බලන්න සර් id
පො.රා.2 - මුංගේ බොරැ සර්.. මුං මන්කොල්ල කාරයෝද කොහෙද? අරං යමු පොලිසියට...
 - අනේ එහෙම නෑ සර්.. අපි දුකට අතේ තිබ්බ සල්ලි වලින් බීවේ.. හෙට උදේ වෙද්දි ගමට යනවා..
මංතුමා- අනේ ඔවි සර්.. හයර් එකක්වත් දුවන්න මෙහේ පාරවල් දන්නෙත් නෑනේ.. අනික සර් අපි ගමේ බොන්නේ වෙල් අයිනේනේ.. ඒ පුරැද්දට මෙතනට ආවේ...
පො. රා. 2 - මුං සල්ලි නැතුව බොන්නෙත් ඩ්‍රයි ජින්.. අපි බොන්නේ යකෝ ගල්..
මංතුමා - එහෙම කරන්න එපා සර්... සරැත් ගමේ කොල්ලෙක්... අපිත් එහෙමයි.. (සාජන් මහතා රජරට පොරක් විත්තිය දැනිලා තිබ්බේ.. අනික කොල්ලෙක්.. කොස්තාපල් නම් ගෙන්දගම් පොලොවේ පොරක් හෙට අනිද්දාට වලකජ්ජගහන සයිස් එකක්)
පො.රා.1 - ඒ උනාට මල්ලිලා බෑනේ 119 වලට අපි රිපෝට් කරනන එපැයි..
 - සේප් එකක් දාන්න සර්.. අපි අනාත වෙලා නේ ඉන්නේ.. ⁣අරංගියොත් උසාවි නේ.. ⁣දඩ ගෙවන්න තියා අවුරැද්දේ කිරිබත් උයන්න හාල් ගන්නවත් විදිහක් නෑ සර්..
පො.රා.2- (ත්‍රීවීලර් එකට නැගලා) අරං යමු සර්..
මංතුමා - එහෙම කරන්න එපා සර්.. බලන්න අර ඇමති පුත්තු ඔයාලගේ අයම යට කරලා ගියත් ඇහැක් ඇරල බලන්නේ නෑ.  අසරණ අපිට තමා නීතිය.. සොරි සර් බීලනේ.. ගනන් ගන්න එපා..
පො.රා.1 - හා හා මම කියන්නම් අපි එද්දි හිටියේ නෑ කියලා.. දැං මෙතන ඉන්නේ නැතුව හෙමීට යන්න. ඔය ඔතන ඉස්සරහ ⁣පාරෙන් යන්න කෙලින්ම තලවතුගොඩ හංදියට.. එහේ මේ වෙලාවට පොලිසිය නෑ.. පරිස්සමින් යන්න මල්ලිලා.. ආ ගිනි පෙට්ටියක් තියෙනවාද..
 - ආ සර්..
පො.රා.1 - (සිගරැට් එකක් පත්තු කරලා ඒක කුකුලාට දීලා, වීල් එකේ යතුරයි, id එහෙමත් දීලා) අපි යනවා.. දැන්මම යන් ඕන.. ආයේ එහෙම පාරවල් ගානේ බොනවා නෙවෙයි.. අර සමනල එක තියෙන්නේ ඒකට ගිහින් බීවනම් ප්‍රශ්නයක් නෑනේ..
ඔන්න ඉතිං කුකුලව සයිට් එකෙන් දාලා තව හයර් දෙක තුනකුත් දුවලා ගෙදරට ආවා.. පස්සේ දවසක ඇඹුල්දෙණිය හංදියේදි අර ට්‍රැෆික් මහතා මූනට මූන හම්බ උනා.. හිනාවක් දාලා ආවා ඉතිං..
මොනවා උනත් ආන් මහත්වරැ...

Friday, April 5, 2019

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

මෙම ලිපිය සකස් කිරීමට මාගේ ආදරණීය බිරින්දෑගේ ආයුර්වේද දැනුම මෙන්ම ජයන්තිපුර තඹලවැව ග්‍රාමයේ පදිංචි අබේරත්න බංඩා සර්ප විෂ වෙද මහතාගේද නෙමදව සහයක් ලැබනු බව ඉතාමත් කෘතගුණ පූර්වකව මතක් කර සිටින්නෙමි.
ශ්‍රී ලංකාවේ වෙදකම ගැන කතා කරන කල්හි රාවණ රජ කාලය ගැන කතා කල යුතුමය. රාවණ රජු සකල ශිල්පයන් හී දක්ෂ කම් දැක් වූ රජ කෙනෙක් නිසා ඔහු සතුව ⁣⁣⁣ඖෂධ පිලිබදවද ඉතාමත් හොද දැනුමක් තිබී ඇති බවට සැකයක් නොමැත. සමහර ඉතිහාසඥයන් අනුමාන කරන ආකාරයට හිමාලයේ ඍෂිවරුන්ගෙන් ආරම්භ උනා යැයි පවසන ආයුර්වේද වෙදකමට මුල් උනේද රාවණා මහරජුගේ ⁣දැනුමයි. තවද ආයුර්වේදයේ පැරණි පොත්පත්වල සදහන් ආකාරයට රාවණා රජු විසින් ⁣වෙද්‍යක්‍රම පිළිබදව පොත් කිහිපයක් රචනා කර ඇත. ඒවා නම්,
*කුමාර තන්ත්‍රය
*අර්ක තන්ත්‍රය
*නාඩි ප්‍රකාශය
*උඩිස් තන්ත්‍රය
මෙම ග්‍රන්ථ තුලින් විශාල දැනුම් සම්භාරයක් ලබා දී ඇත.
පසු කාලීනව විජය කුමාරයා ලංකාවට පැමනීමට පසුව ලංකාවේ රාජ්‍යය පාලනය, ආර්ථිකය, වෙදකම ගැන සදහන් උවද ඊට පෙර ඉතිහාසය පිළිබදව පැහැදිලි සදහනක් සොයාගත නොහැක. නමුදු විජය කුමරැ ලංකාවට පැමිනීමට පෙර සිටද ලංකාවතුල විශිෂ්ට වෛද්‍ය ක්‍රමයන් පැවැත ඇතුවාට සැකයක් නොමැත.
දේශීය වෙද්‍යක්‍රමය ගැනීමේදී එය පාරම්පරිකව කට පාඩමින් පැමින ඇති බව පැහැදිලි වේ. එසේ පාරම්පරිකව පැමිනි වෙදකම කොටස් වශයෙන් බෙදා එක් එක් පරම්පරාවට එක් එක් ක්‍රම ලෙස ද පවත්වාගෙන පැමින ඇත.
#කැඩුම් බිදුම් වෙදකම
#ගෙඩි වන පිලිකා වෙදකම
#විෂ වෙදකම
#අර්ශෂ් වෙදකම
ආදි ලෙස තවත් නොයෙකුත් ආකාරයට දේශීය වෛද්‍ය විද්‍යාව කොටස් කර දැක්විය හැකිය. මෙලෙස බෙදා වෙන් කරගෙන ඇත්තේ එ් ඒ අංශ  පිළිබඳව පරතෙරටම ඉගැනීමට එක් වෙද මහතෙකුට තම මුලු ජීවිතකාලයම උවද ප්‍රමාණවත් නොවන නිසා විය යුතුය. ඒ ඒ පරම්පරාවෙන් පරම්පරාවට වෙදකම් ක්‍රම දියුණු වෙමින් සමහර අංශ විනාශ වෙමින් අද වන විටත් සාර්ථකවම දේශීය වෙදකම ලංකාව පුරාම ව්‍යාප්තව පවති.
අපි අද කථා කරන විෂ වෙදකමද කොටස් දෙකකට වෙන්කර දැක්විය හැකිය.
#ජංගම විෂ
#ස්ථාවර විෂ
යනු ඒවාය. ජංගම විෂ යනු සත්වයෙක්, උරගයෙක් මගින් මිනිසාට හෝ වෙනත් සත්වයෙකුට ඇතුලු වන විෂ වන අතර ස්ථාවර විෂ නම් ශාක, ආහාර, විවිධාකාර රසායන වර්ග වලින් ඇතිවන විෂයි. අපිට එදිනෙදා ජීවිතයේදී වැඩිපුරම දැනගන්නට ලැබෙන්නේ ජංගම විෂ මගින් ඇතිවූ ජීවිත හානි පිළිබඳවයි. ඉතිං අද මම සදහන් කරන්න හිතුවා මේ ජංගම විෂ එහෙමත් නැත්නම් සරලවම කියනවානම් සර්ප විෂ වෙදකම ගැන.
සර්ප විෂ වෙදකම ගැන කියනවානම් එහි ලංකාවේ මූලිකවම කියැවෙන නම තමා දුටුගැමුණු මහරජුගේ රාජකීය වෛද්‍යවරයකු වූ කපුරැනාථ වෙද මහතා ගැන. මෙම නම තැනක කපුරැනාද, කපුරැනාග ආදී ලෙසද සදහන් වී තිබෙනු දක්නට ලැබුනා. නමුත් එම පරම්පරාව මගින් පැවත එන්නා වූ  වෙද මහත්වරැන්ගේ මතයනම් කපුරැනාථ යන නම හරි නම කියාය. මෙම කපුරැනාථ  වෙදදැරැතුමා ජීවත් උනේ මාතලේ ප්‍රදේශයේ කියලයි ඉතිහාසය සාක්ෂි දරන්නේ. දුටුගැමුණු මහ රජතුමා අනුරාධපුරය රාජධානිය කරගෙන රට එක් සේසත් කල කාලයේ ඔහු කැකිරාව ප්‍රදේශයට සංක්‍රමණය වී ඇති අතර, රජුට ඉතාමත් විශ්වාශණීයම වෙදදුරෙක් ලෙස කටයුතු කර තිබෙන බවට ඉතිහාස තොරතුරු සාක්ෂි දරනවා.
  දුටුගැමුණු මහරජු විසි ස්වර්ණමාලී මහා චෛත්‍ය නිර්මාණය කිරීම සදහා දෝණයක් ධාතූන් වහන්සේලා වැඩම කරවා ඇත්තේ නාග ලෝකයෙනි. ඒම හේතුව නිසා නාග ග්‍රෝතිකයන් රජු සමග අමනාපයෙන් සිට ඇති අතර හැකි සෑම අවස්ථාකදීම රජුට නාගයන් දශ්ඨ කර ඇත. නමුත් රාජකීය වෛද්‍යචාර්යය කපුරැනාථ වෙද මහතා ඉතා ඉක්මනින්ම රජුව සුව අතට පත් කර ඇත. මේ අතර නාලොව නාග කන්‍යාවක් රජු විසින් පැහැර⁣ ගත් නිසා තව තවත් ඔවුන්ගේ වෛරය වැඩිවී තිබී ඇත. නමුදු දශ්ඨ කිරීමෙන් පලක් නැති නිසා කපුරැනාථ වෙදදැරැතුමා සමගද ඔවුන් තදබල වෛරයකින් සිට ඇත. එතුමාට නාග වේශයෙන් ලංවිය නොහැකි වන ආකාරයේ යන්ත්‍ර මන්ත්‍රද දන්නා බැවින් නාගයන්ට කිසිම කරදරයක් කිරීමට හැකියාවක් ලැබී නැත.
  කෙසේ හෝ මනුෂ්‍ය වේශයක් ලබාගෙන කපුරැනාථ වෙද මහතා සමග මිත්‍රවූ එක් නාග මානවකයෙක් එතුමාගෙන් විෂ ශාස්ත්‍රය පිලිබදව දැනගෙන නැකතට අනුව කපුරැනාථ වෛද්‍යාචාර්යවරයාටද, දුටුගැමුණු මහ රජුටද එකවර දශ්ඨ කර ඇති අතර. කෙසේ හෝ කපුරැනාථ වෛද්‍යාචාර්යවරයා ජීවිතය රැකගෙන රජුට බෙහෙත් රැගෙන යන විට රජුව සුව කිරීමට හැකිව තිබූ කාලය අවසන් වී ඇති අතර දෂ්ඨ කල දින සිට සතියක කාලයක් තුල රජු මිය යන ලදි
පසු කාලීනව ඔහුගෙන් පසු පරම්පරාවෙන් පරම්පරාවට මෙම වෙද කම පැමිණි අතර රටේ තිබූ අහිතකර දේශපාලන තත්වයන් හමුවේ ජනයා කන්ද උඩරටට, ඌවට සංක්‍රමණය වීමේදී මෙම වෙදකම උරැම පරම්පරාවන්ද එම ප්‍රදේශවල පදිංචි වී ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය වෛද්‍යවරයාද එම පරම්පරාවට අයත් අයෙකි.
(ඉංග්‍රීසි පාලන සමයේ පන්සල් සතු, වෙද මහතුන්ගේ සන්තකයේ තිබූ වෙද පොත් සියල්ල පැහැරගෙන එන්ගලන්තයට රැගෙන ගොස් ඇත. එමගින් ඉතා වටිනා වෛද්‍ය ක්‍රම කිහිපයක්ම අභාවයට පත්ව ඇත.)
එම පරම්පරාවෙන් පැවත එන්නා වූ අබේරත්න බංඩා වෙද මහතා පොලොන්නරුව ප්‍රදේශයතුල අදටත් ජීවත් වෙමින් රෝගීන්ට ප්‍රතිකාර සිදුකරනු ලබයි. අද වනවිට බටහිර වෛද්‍ය ක්‍රමය පිහිට ගොස් ඇති හෙළයා දේශීය වෛද්‍ය ක්‍රමය ගැන තකන්නේ ඉතාමත්ම අඩුවෙනි. සර්ප දෂ්ඨනයකදී බටහිර ක්‍රමයට සර්පයා හදුනාගෙන තිබීම ඉතා වැදගත්ය. නමුත් දේශීය වෛද්‍ය ක්‍රමයට සර්පයා හදුනාගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. ඒ සදහා ක්‍රම කිහිපයක් භාවිතා කරන අතර ප්‍රධාන වශයෙන් ධූත ලක්ෂණ මගින් සර්පයා නිවැරැදිව හදුනා ගත හැකියාව ඇත. යමෙකුට සර්පයෙක් දෂ්ඨ කල විට ඒ පිලිබදව වෙද මහතා දැනුවත් කිරීමට පැමිනෙන්නන්ගේ ශරීර අංග චලන, කතාකරන විලාශය ආදී නොයෙකුත් දේවල් මගින් සර්පයා ගැන පැහැදිලි නිගමනයකට ඒමට දේශීය වෛද්‍යවරුන්ට ඉතා ප්‍රභල හැකියාවක් ඇත. ඒ හැකියාව ලැබුනේ අවුරැදු දහස් ගනනක් වෙද පරම්පරා ලැබූ අද්දැකීම් මගිනි.
අනික් ක්‍රම නම් නාඩි අල්ලා බැලීම, රෝග ලක්ෂණ, සර්පයා කෑ ස්ථානයේ තුවාල, ඉදිමුම, ආදියේ වෙනස්කම් මත සර්පයා හදුනා ගැනීමය. ⁣මෙලෙස සර්පයා හදුනා ගත්තද ඔවුන් ලෙඩාට හෝ පවුලේ අයට සර්පයා පිළිබඳව පවසන්නේ නැත. ඒ ලෙඩා බිය උවහොත් ලේ ගමන වේගවත් වී විෂ ඉක්මනින් ශරීර ගතවී රෝගියා මරණයට පත්වන නිසාවෙනි. ඉන් පසුව ආරක්ෂක මන්ත්‍ර කිහිපයක් මතුරා රෝගියාට ආරක්ෂාව ලබා දී මුලින්ම සර්පයාගේ විෂ බැස්සවීමට මන්ත්‍ර කියයි. එයට හේතුව මිනිසාට දශ්ඨ කල සර්පයාට මිනිසා විෂ වන නිසාවෙනි. ඒ අතරතුර අදාල සර්පයාට අදාල බෙහෙත් වර්ග ලෙඩාට කරන අතර ඉතා දක්ෂ වෙද මහතෙකුට බෙහෙත් දෙවේලක් යන විට රෝගියා සාමාන්‍ය තත්වයට ගත හැකිය.
අද වන විට සර්පයන් දෂ්ඨ කල විට කෙලින්ම රෝහල් ගත වන බැවින් වෙද මහත්වරැ ලගට එන රෝගීන් ප්‍රමාණය අඩුවී ඇත. නමුත් තාමත් සාර්ථකවම සර්ප විෂ, ගෝනසු, මී මැසි, සුනඛ, පත්තෑ ආදී සතුන්ගෙන් සිදුවන දශ්ඨ කිරීම් වලදී සාර්ථකවම අතුරැ ආබාද නොමැතිව රෝගීන් සුව කිරීමේ හැකියාව ඔවුන් සතුව පවතී..