Posts

Showing posts from January, 2019

පිටකොටුවේ එක්සත් බෝධිරාජ බෞද්ධ සමිතිය හැදූ කන්සන්තුරේ උපන් ෂන්මුගම් තම්බයියා සින්නදුරේ හෙවත් පිටකොටුවේ ලීලා මුදලාලි

ලීලා මුදලාලි 1903 ජූලි මස 23 වන දින සිරිලක උතුරු පෙදෙසේ කන්කසන්තු⁣රේ ග්‍රාමයේ  උපන්නේය. ජන්ම පත්‍රයේ නම ෂන්මුගම් තම්බයියා සින්නදුරේ වශයෙන් සඳහන් විය. කන්කසන්තුරේ මිෂනාරි පාසැලෙන් මූලික අධ්‍යාපනය ලැබූ මෙතුමා සමාජය නැමති විශ්ව විද්‍යාලයෙන් උගත් දේ බොහෝය. කොළඹ සිදාදියට පැමිණි තරුණ සින්නදුරේ මහතා පිටකොටුවේ "ලීලා" නමින් ව්‍යාපාරය ආරම්භ කළේය. පිටකොටුවේ ලීලා ස්ටෝස් ඉදිරිපිට තම ව්‍යාපාර ස්ථානයට හෙවන දුන් පිටකොටුව බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීම සඳහා "එක්සත් බෝධිරාජ සමිතිය" නමින් සංවිධානයක් පිහිටුවා ගත්තේ සින්නදුරේ මහතා ගේ මූලිකත්වයෙනි. පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතියේ ආරම්භක භාණිඩාගාරික තනතුර දැරුවේ මෙතුමා ය. තමන් දන්නා අදුනන ඈත එපිට මහව මංගලාරාමාධිපති හිමිනමගෙන් සර්වඥ ධාතූන් වහන්සේ නමක් වැඩමවා එම බෝධි සමීපයේ පූජනීයත්වයෙන් සපිරි පිං බිමක් බවට පත් කළේ මේ දමිළ ජාතික ව්‍යාපාරිකයාය. අද දවසේ ඔබත් මමත් වන්දනාමාන කරන්නේ ඒ පිටකොටුවේ බෝධිරාජයායි. ලීලා මුද්‍රණාලය ආරම්භ කරමින් එවකට සිරිලක විසිරී පැතිරී සිටි කවි කිවිඳියන්ගේ කාව්‍ය ග්‍රන්ථ නොමිළයේ මුද්‍රණය කර දී ඔහුන්ට විශාල අනුග්‍රහ

බලු කතා

Image
මේ දවස්වල කඩේට ගියත්, ලොතරැයි කූඩුවට ගියත්, fb ගියත්, පාර්ලිමේන්තුව පැත්තේ ගියත්, අතන මෙතන හැමතැනම ඇහෙන්නේ බලු කතා ගැන.. ඉතිං ඒ නිසා මමත් හිතුවා බලු කතාවක් කියන්න..   දං ඔය බල්ලෝ ඉන්නවා නේද?? උන් අපිට පේන්ඩ ඉන්නවාට වඩා ගොඩාක් වෙනස්.. ගොඩාක් දියුණුයි. බල්ලෝ ගැන ඉතිහාසය බලද්දි පූසෝ ගැන කතා නොකරම බෑ.. ඉස්සර මිසරයේ ජීවත් උන පූසෝ විසින් මිනිස්සුන්ව පාලනය කලා.. බලන්න මිසර චිත්‍රවල පූසන්, පූසියන් විසින් අණ කරලා පිරමිඩ හදවන විදිහ. ඉතිං ඔහොම කාලයක් පූසෝ මිනිසුන්ගෙන් වැඩ ගත්තා.. ඒකට විරැද්ධව නැගී හිටින්න තරම් ශක්තියක් මිනිස්සුන්ට තිබ්බේ නෑ.. මෙහෙම යද්දි තමා බල්ලෝ මේ ලෝකෙට ආවේ.. සමහරැ කියනවා පිටසකවලින් ආවා කියලත්. තව සමහරක් කියනවා පොලොව යට බලු රාජධානියක් තියෙනවා ඒකෙන් ආවා කියලත්. ඇවිත් මිනිසුන්ව බේරාගෙන පූසන්ව එලවලා මිනිසුන්ට මේ ලෝකේ පාලනය කරන්න ඉඩ කඩ හදලා දුන්නා.   අපේ ඈයොන්ට ඉතිං මොන දේත් මතක දවස් 7යිනේ.. ඉතිං දැං කොහොම මතක තියෙන්නද මේවා.. ඉතිං වැඩි දවස් නොයාම මිනිස්සු බල්ලන්ට බල්ලොන්ට වාගේ සලකන්න පටං ගත්තා... හැබැයි ඉතිං බල්ලෝ තරහා උනාද? නෑ.. බල්ලෝ දන්නවානේ මිනිස්සුන්ගේ හැටි. ඒ නිසා අදටත් ඉ