පිටකොටුවේ එක්සත් බෝධිරාජ බෞද්ධ සමිතිය හැදූ කන්සන්තුරේ උපන් ෂන්මුගම් තම්බයියා සින්නදුරේ හෙවත් පිටකොටුවේ ලීලා මුදලාලි

ලීලා මුදලාලි 1903 ජූලි මස 23 වන දින සිරිලක උතුරු පෙදෙසේ කන්කසන්තු⁣රේ ග්‍රාමයේ  උපන්නේය.
ජන්ම පත්‍රයේ නම ෂන්මුගම් තම්බයියා සින්නදුරේ වශයෙන් සඳහන් විය.
කන්කසන්තුරේ මිෂනාරි පාසැලෙන් මූලික අධ්‍යාපනය ලැබූ මෙතුමා සමාජය නැමති විශ්ව විද්‍යාලයෙන් උගත් දේ බොහෝය.

කොළඹ සිදාදියට පැමිණි තරුණ සින්නදුරේ මහතා පිටකොටුවේ "ලීලා" නමින් ව්‍යාපාරය ආරම්භ කළේය.

පිටකොටුවේ ලීලා ස්ටෝස් ඉදිරිපිට තම ව්‍යාපාර ස්ථානයට හෙවන දුන් පිටකොටුව බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීම සඳහා "එක්සත් බෝධිරාජ සමිතිය" නමින් සංවිධානයක් පිහිටුවා ගත්තේ සින්නදුරේ මහතා
ගේ මූලිකත්වයෙනි.

පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතියේ ආරම්භක භාණිඩාගාරික තනතුර දැරුවේ මෙතුමා ය.
තමන් දන්නා අදුනන ඈත එපිට මහව මංගලාරාමාධිපති හිමිනමගෙන් සර්වඥ ධාතූන් වහන්සේ නමක් වැඩමවා එම බෝධි සමීපයේ පූජනීයත්වයෙන් සපිරි පිං බිමක් බවට පත් කළේ මේ දමිළ ජාතික ව්‍යාපාරිකයාය.

අද දවසේ ඔබත් මමත් වන්දනාමාන කරන්නේ ඒ පිටකොටුවේ බෝධිරාජයායි.

ලීලා මුද්‍රණාලය ආරම්භ කරමින් එවකට සිරිලක විසිරී පැතිරී සිටි කවි කිවිඳියන්ගේ කාව්‍ය ග්‍රන්ථ නොමිළයේ මුද්‍රණය කර දී ඔහුන්ට විශාල අනුග්‍රහයක් දැක්වීය.

1950 වසරේ ආරම්භ කළ "ලීලා පංචාංග චිත්‍ර දින දර්ශනය" දෙස් විදෙස් වල අදත් ප්‍රචලිතය.

සින්නදු⁣රේ මහතා ද්‍රවිඩයින් අතර සිංහලෙන් වැඩ කළ, ජාතිය හා සමගියට කැපවුණු උදාර මිනිසෙකි.

තම දරුවන් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු කොට ඔවුනට සිංහල උගන්නුවේය.⁣බොදු පිළිවෙත් වලට ගරුකරන්නට උගැන්නුවේය.

සිරිලක ආගමික ශාසනික වැඩ කටයුතු රැසක් කළ සින්නදුරේ මැතිතුමා  "අනගාරික ධර්මපාල" රන් පදක්කමෙන් පිදුම් ලැබූ එකම ද්‍රවිඩ ජාතිකයා විය.
ලීලා පංචාංග චිත්‍ර දින දර්ශනය නිර්මාණය කිරීම උදෙසා "චින්තන ශිල්පි සෙල්වර්" සම්මානයෙන් පිදුම් ලැබීය.

පිටකොටුව බෝධි මන්දිරය,මහව මංගලාරාමය, කුරුන්දන්කුලම ශ්‍රී  සද්ධර්මවංශ විවේකාශ්‍රමය, වැල්ලවත්තේ ශ්‍රී  ධර්මෝදය පිරිවෙන, තුලින් සින්නදුරේ මැතිතුමා බුදු සසුනට බැර කළ දායකත්වය සදානුස්මරණීය  වේ.

තමන් මෙන්ම තම දරුවන්ට දෑ හිතකාමී පිරිසක් කළේය.පියාගේ අඩිපාරේ යමින් බුදු දහමට හා ශාසනික කටයුතු වලට කළ අප්‍රමාණ මෙහෙවර උදෙසා සින්නදුරේ මහතාගේ පුතුන් දෙදෙනා ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකාය  මගින් "ශාසන ශෝභන ලංකා පුත්‍ර"
ගෞරව නාමයෙන් පිදුම් ලැබීය.

ජාති භේද, ආගම් භේද,  දේශපාලන භේද, ආදී පටු අදහස් වලින් බැහැර වූ සින්නදුරේ මහතා ලාංකිකයෙකු වශයෙන් බෞද්ධ ජනතාව සමඟ අත්වැල් බැඳගෙන ජාකික ආගමික කටයුතුවලදී පෙරමුණ ගෙන වැඩ කළේ ය.

උපතින් ද්‍රවිඩ ජාතිකයෙකු වුවද සිංහල ජාතියටත් බොදු දහමට එතුමා කළ උදාර සේවය තව තවත් බොහෝ කල් සිරිලක ජනී ජනයාගේ මනස් සන්තානයේ රැදී පවතිනු ඇත.
1980 මාර්තු 5 වන දින එතුමා මෙලොව හැර ගියේය..

- මංජු නැදගමුව -

මාගේ සටහන:-
ශ්‍රී ලංකාවේ ජීවත්වන බහුතරයක් සිංහල, දමිල හා මුස්ලිම් ජනතාව අන්තවාදී අය නොවෙති. නමුදු ⁣තම තමන්ගේ දේශපාලන වාසිතකා, පිටරටවල උවමනාව මත ngo කල්ලි හා දේශපාලුවන් මේ සුන්දරත්වය පිරි රටේ මිනිසුන් එකිනෙකාට එරෙහිව සටන් කරන තත්වයට පත් කර ඇත. මේ ක්‍රමය වෙනස් කිරීමට අප මීලග මැතිවරණයදීවත් හිතට ගමු.

Comments

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....