Posts

Showing posts from August, 2018

ඌවේ කැරැල්ලේ පුරෝගාමී කිවුලේගෙදර මොහොට්‌ටාල

Image
ක්‍රි. ව. 1815 දී උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වීමට හේතු වූ ප්‍රධාන කාරණයක්‌ වූයේ එවකට උඩරට සිටි ප්‍රධානීන් බලලෝභයෙන් භේදභින්න වී කටයුතු කිරීමය. ඔවුහු පසුව ඉංග්‍රීසීන් උඩරටට ගෙන්වා ගෙන ගිවිසුමක්‌ ද අත්සන් කරමින් උඩරට පාලන බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පැවරුවෝය. එතැන් පටන් ඉංග්‍රීසීන් විසින් ගෙන ගිය පාලනය උඩරට රදළයන් බලාපොරොත්තු නොවූ එසේම රදළයන්ට අවාසි සහගත වූවක්‌ බව පෙනී යැමට වැඩි කලක්‌ ගත වූයේ නැත. මෙසේ උඩරටින් ඇති වූ අප්‍රසාදයේ ගිනි පුපුරු පුපුරා ගියේ ඌවෙනි. 1818 දී ඉංග්‍රීසි පාලකයන්ට විරුද්ධව ඇති වූ කැරැල්ල සුළු කලකින් මර්දනය කිරීමට හේතු කීපයක්‌ බලපෑවේය. එයින් ද ප්‍රධාන වූයේ සමහර සිංහල ප්‍රධානීන් ඉංග්‍රිසීන්ගේ තාන්න මාන්නවලට ලොබ වී ඉංග්‍රීසීන් වෙනුවෙන් කැරැල්ල මර්දනය කිරීමට ඉදිරිපත් වීමයි. ඔවුන් අතරින් මහවලතැන්න හා එක්‌නැලිගොඩ ප්‍රධාන වන අතර කැරැල්ල මැඬලීම සඳහා ඌව විනාශ කිරීමේදී ඌවේ අහිංසක ගැමියන් ඝාතනය කිරීමෙන් පමණක්‌ නොව ඔවුන්ගේ ගේ දොර, ගම්බිම් ගිනි තැබීම ද හරකබාන මරා දැමීම ද ඵල දරණ ගහකොළ කපා දමා විනාශ කිරීම ද කිරීමෙන් ඌවේ වැසියන් බියවද්දමින් කරනු ලැබුවේ මහා විනාශයකි. මෙහිදී ම

අපේ ගම 4 කොටස

අපේ ගම කිව්වට දැන් නම් ගමට වඩා අපි කරපුවාතමා ඕං කියන්න තියෙන්නේ.. අද කියන්නේ #කැවුමාගේ ට්‍රාන්ස්මීටර් ජෝගිය ගැන.... #fm ට්‍රාන්ස්මීටර් ජෝගිය with කැවුමා අපේ කැළුම් හෙවත් කැවුමා කියන්නේ 6 වසර විතර වෙද්දි ⁣රේඩියෝවක ඒරියල් එකෙන් රිංගලා කැසට් පීස් එකෙන් එලියට එන ජාතියේ බුවෙක්.. (දැන් වෙන වෙන ඒවාගේ රිංගලා පවුලගෙන් කොසුපාර කෑවට) ඉතිං මුට මාරම ඇම්මක් තිබ්බා ඕවා ගැන.. උගේ ගෙදර තිබ්බේ ඉස්කෝලේ ඉදන් 3kmවිතර දුරින්.. ගේ ඉස්සරහම රේල් පාර තියෙන්නේ.. ඒ පැත්තේ ඒ දවස්වල කරන්ට් එක තිබ්බේ උගේ ගෙදරට විතරයි... අනික් අය කරන්ට් අරං තිබ්බේ නෑ.. අල්ලපු වැටේ හිටියා පොරක් හෙන පාට් එකෙන් තමා ඉන්නේ.. ඌ බැට්රියක් හොයාන ඇවිත් ගෙදර සෙට් එකක් දානව.. මූ බීලා ඇවිත් රෑ 12 විතර සද්දෙට ⁣තමා මේක දාන්නේ.. කොච්චර කිව්වත් මූ අහන්නේම නෑ... අනික හෙනම චන්ඩියානේ.. ඉතිං කැවුමා කල්පණා කරල කරල ගත්තා ඇක්ෂන් එකක්.. මූ හැදුවා fm ට්‍රාන්ස්මීටර් එකක් හදල අරෑ රේඩියෝව දාපුවාම මූ ඒ ලයින් එක ජෑම් කරල මූට ඕන සිංදු දාන්න ගත්තා.. මේක ටිකක් මාට්ටු වෙන්න පුලුවන් කියල දැනුන මූ කරා වෙන වැඩක්.. අර පරණ රේඩියෝ ටියුන් කරන කොට එනවනේ සෝ සද්දයක් අන්න

ගිරිතලේ වැව් අසිරිය...

Image
දෙවන අග්බෝ රජු විසින් (ක්‍රි.ව. 608-618) සාදවන ලද ගිරිතලේ වැව පොලොන්නරුවේ පිහිටා ඇති තවත් එක් සුවිශේෂී වැවකි.. මේ වැව ආශ්‍රිතව ඇති මින්නේරිය-ගිරිතලේ ස්වභාව රක්ෂිතය පිහිටා ඇති අතරම ඒ පිළිබදව අගනා විස්තරයක් දිවයින පුවත්පතින් උපුටා දමන ලදි. Link (ඉහත ඡායාරෑප මා විසින් ගන්නා ලද ඒවාවේ.. ) ======================================================== හැදින්වීම දැනට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර ඇති ස්‌වභාව රක්‍ෂිත පහ අතුරෙන් ගිරිතලේ මින්නේරිය ස්‌වභාව රක්‍ෂිතයට හිමිවන්නේ ප්‍රමුඛ ස්‌ථානයකි. 1978 දී අභය භූමියක්‌ බවට පත්කර තිබූ මෙම භූමි ප්‍රමාණය මහවැලි කඩිනම් ව්‍යාපාරයට සමගාමීව බිහිවූ වස්‌ගමුව සෝමාවතිය ජල ගැලුම් නිම්නය හා මාදුරුඔය වැනි වනෝද්‍යාන සමඟ 1988 පෙබරවාරි මස 12 වැනිදා ස්‌වභාව රක්‍ෂිතයක්‌ දක්‌වා සංරක්‍ෂණ වශයෙන් උසස්‌ කෙරිණි. මෙසේ ප්‍රකාශයට පත්කෙරුණු ගිරිතලේ - මින්නේරිය ස්‌වභාව රක්‍ෂිතයේ කලාප (බ්ලොක්‌ස්‌) හතරකි. කලාප අංක 1,2,3, හා 4 වශයෙන් ඒවා නම්කර තිබිණි. මෙම කලාප හතර අතරින් කලාප අංක තුන ලෙස හැඳින්වූ කොටස 1997 අගෝස්‌තු මස 12 වැනිදා මින්නේරිය ලෙස ශ්

අංගම්මැඩිල්ල/මැණික් හා දුප්පත්කම

Image
අද අංගම්මැඩිල්ල පැත්තේ අපි සාමාන්‍යයෙන් නොදකින පැත්තක් ගැන කථා කරන්න හිතුනා. අපේ රටේ මැණික්   හම්බ වෙන ප්‍රධාන පැති වලට අමතරව තවත් විවිධ ස්ථාන වලින් මැණික් හම්බ වෙනව කියල ඔබ දන්නවාද?? පොලොන්නරුවේ අංගම්මැඩිල්ල සීමාවේ අඹන්ගග ආශ්‍රිතව පොලොව මතුපිටට ආසන්නව විවිධ මැණික් වර්ග හමුවී තිබෙනව. හැබැයි දැං නං කියන්න යන්නේ මැණික් ගැන නම් නෙවෙයි. කලහගල, අංගම්මැඩිල්ල ප්‍රදේශයේ බහුතරයක් මිනිසුන් කරන්නේ අනවසර මැණික් ගැරීමයි.. අනවසර මැණික් ගැරීම කියන්නේ අඹන් ගගේ ඉවුරේ හෝ වනොද්‍යානයේ ඇතුලේ පස් කපාගෙන ගගට රැගෙනවිත් මැණික් ගැරීමයි.. මෙය රජයේ අවසර ගෙන කිරීමට තරම් හැකියාවක් ඔවුන් හට නොමැත. කැළය තුල පතල්ද හාරා ඇති බව දැගන්නට ලැබුනද ඒවා සොයාගැනීම දුෂ්කර කාර්යයකි. මෙම පතල්වලට ඇති එකම බාදාව වනජීවි නිළධාරීන් හා පොලිසිය මගින් සිදුකරන වැටලීම්ය. ඉතිං ඔවුන් එයට විකල්පයක් සොයාගෙන ඇත... නමුත් එම විකල්පයම ඔවුන් තව තවත් දුප්පත්කමේ පතුලට ඇද දැමීමට සමත් වී ඇත. ඉහත දමා ඇති ඡායාරූපය හොදින් බලන්න.. මෙවැනි නිවාස තවත් තිබෙන අතර මේ නිවාස වල ජීවත්වන ජනතාව කරන එකම කටයුත්ත මැණික් ගැරීමයි.. ගගේ වැලි ගෙන ගගේම සිට මැණික් ගැරීම ස

අපේ ගම (3 කොටස)

Image
අපි ඉතිං ස්කෝලේ ගියේ ⁣ගමේ එකටමනේ.. 1 වසරේ ඉදන් පට්ටම පට්ට සෙට් එකක් හිටියා අපිට. කොහොමින් ⁣කොහොමින් හරි 9 වසරෙදි අධ්‍යාපන මට්ටම අනුව අපිව කඩල වෙන් කලා. මම A එකේ අනික් උන් B C. මොනව උනත් පීරියඩ් එකේ විතරයි පංතියට යන්නේ නැත්නම් අනික් පංතිවල. ඔය අපේ අපත සෙට් එකට එක එක නම් තිබ්බා. මාත් එක්ක පෙරපාසලේ ඉදන් ආව පොරක් හිටියා ගෙවල් ලගම ඌ මාන කොකා .  චතුර සේනාරත්න වාගේ පොරක් හිටියා ඌ කොත්තුවා .  කොලු කාරයෙක් හිටයා බතයා ..  ආයේ කැවුමා , කිරියා , KT කියලත් එකෙක් හිටියා. (කැවුමා නම් ෙම්ක දකිනවා) මම ඉතිං.. ඕනා නෑ ඒක මෙතනට..  ඕක තමා අපේ අපත සෙට්එක සිංහලෙන්ම කියනවනම් මගෝඩි වැඩම තමා. හැබැයි මාට්ටු වෙන්නේ නෑ.. අපේ ස්කෝලේ හිටියා සැර සර් කෙනෙක් සිසිර කියල, කැඩෙට්, විනය බාර, ශිෂ්‍ය නායක බැලුවේ සර් තමා. සර්ගේ පවුල තමා 11 වසර අපේ පංතිය බාර.  සිංහල කලේ.. ඔන්න සීන් එක අපේ ස්කෝලේ ප්‍රාථමික අංශය තියෙන්නේ මීටර් 700 ක් විතර දුරිං. ඒකාලේ දෙක වෙන් කරල නෑ දැං වාගේ. එකම ස්කෝලේ තමා තැන් දෙකක උනාට. ඔය ස්කෝල දෙකට යන පාර මැදින් යනව යෝද ඇල (මින්නේරිය වැවේ ඉදන් එන). ඕක හරහා පාලමක් තියෙනව කොන්ක්‍රීට්. ව

ඓතිහාසික සෝමාවතී රජමහා විහාරය - පොලොන්නරුව

Image
දිවයිනේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්‌ථාන අතරින් පොලොන්නරුව සෝමාවතී රජමහා වෙහෙරට හිමි වන්නේ අද්විතීය ස්‌ථානයකි. ක්‍රි. පූ. දෙවැනි සියවසේ රුහුණු රටේ රජ කළ කාවන්තිස්‌ස රජතුමාගේ නැගණිය වූ සෝමාදේවිය හා ඇගේ සැමියා වූ ගිරිඅභය කුමරු සමඟ මහවැලි ගඟ අසබඩ සෝමපුර නමින් රාජධානියක්‌ පිහිටුවා ගෙන එම පළාත පාලනය කළ බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ වන විට අවට ගල්ලෙන් තුළ මහ රහතන් වහන්සේලා වැඩ සිටි බව දැන සෝමාදේවිය නමින් චෛත්‍යයක්‌ ඉදිකර බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ ලබාගෙන එම චෛත්‍ය තුළ නිධන් කළ බව ශාසන ඉතිහාසයේ දැක්‌වේ. මේ අනුව බලන කල මහනුවර දළදා මාලිගාවේ වැඩ වෙසෙන දන්ත ධාතුන් වහන්සේටත් බොහෝ කාලයකට පෙර සර්වඥ දකුණු දළදා වහන්සේ සෝමාවතී චෛත්‍ය තුළ නිධන් ගතව රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් පුද පූජා පැවැත්වූ බව ධාතු වංශය පෙන්වා දෙයි. මෑතක්‌ වන තුරු සෝමාවතිය ගැන බොහෝ දෙනා දැන සිටියේ නැත. මහනුවර දන්ත ධාතුන් වහන්සේගේ ඉතිහාසය සිංහල රජදරුවන් අතින් නොකඩවා පැවත ආ නමුත් සෝමාවතිය පිහිටි පොලොන්නරුව ප්‍රදේශය පොලොන්නරු යුගය අවසන් කළ නිශ්ශංක මල්ල රජුගෙන් පසුව එනම් 12 වැනි ශත වර්ෂයෙන් පසු වනගත වී නටබුන් ස්‌වභාවයට ගිය නිසා සෝමාව

අමුඩය

Image
මේක මේ අපේ බුකියේ තියෙන සකලංසමාලේ ගෘෘප් එකේ පෝස්ට් එකකට සිනෙත් ත්‍ර සොහොයුරා දාලා තිබ්බ තිබ්බ කමන්ට් එකක්. පට්ට නිසා ඒක මෙතන දැම්මා ඔන්න.. දන්නවානේ අපේ හාමුදුරුවරු බන කියද්දි ඉතිං එහෙමයි හාමුදුරුවනේ කියන්න දායකයෙක් ළඟින් වාඩිකරගන්නවානේ.. පංසලේ මුල් බැහැපු දායක පොරක් තමයි ඕකට එන්ටර් වෙන්නෙ.ඔන්න දවසක් බණට කියන්නෙ පංසලට එන ඇඳුමෙ සංවරකම ගැන.. හාමුදුරුවො බණ දෙනවා ඉන්න සෙනඟට  දොඹෙන් යන්න..ඉස්සර අපේ මහත්තුරු අමුඩෙ ඇඳලා සරම ඇඳලා , නෝනලා චීත්ත තුන්පොටක් ඇඳලා සංවරව ආවෙ..අද එහෙමද.. කියද්දි ඉටිකිරිස් නම්කි කෙනෙක් අනේ සාදු අමුඩෙ කියන්නෙ මොකද්ද ඇහුවා.. ඔන්න එහෙයි හාමුදුරුවනේ කියන එකාට වැඩ පෙන්නන්න චෑන්ස් එක.. පොර වයසක බුවා..අමුඩෙ ගහල සරම ඇඳල පටිය බැඳල ගැම්මට යන්නෙ.. මෙන්න එහෙනම් දැකල නැත්තන් හැමෝම බලාගන්න අමුඩෙ කියන දේ කියලා සරම උස්සල ගාම්භීරෙට පෙන්නුවා.. අනේ එදා අමුඩෙ අඳින්න අමතක වෙලා..

පාලු යකා

Image
බලන්නකො අහලා තියනවද කියලා මෙහෙම කථාවක්. ඔන්න එක කාලෙක හිටියා යකෙක්. දවසක් මේ යකා බොහොම හදිස්සියෙන් ගමනක් යමින් හිටියා. ඒ යන අතරතුරේ පාර අයිනෙ ලස්සන කෙල්ලෙක් දර කඩකඩ හිටියා. ගමන කොච්චර හදිස්සි උනත් ඉතින් ලස්සන කෙල්ලෙක් දැක්කම කථා නොකර ගිය හැකැයි යකෙකුට උනත්. අනික මේ යකත් හරි අපූරු කවිකාර යකෙක්. ඉතින් යකා කෙල්ගෙන් මෙහෙම අහනවා. හදිසියේ මම යනකොට          දුර ගමනා ලියක් ඉදන් මේ වැත්තේ      දර නෙලනා ලමිස්සි නොවේ රන් දෝතළු  මල් එතනා ලමිස්සියේ නුඹ වසනා ගම      කොතනා කෙල්ල බලනකොට මෙන්න බොලේ යකෙක් කවි කියනවා. දැන් මොනා කරන්න ද උත්තර යක් නොදිත් බෑ. පුළුවන්නං හොයා ගනින් කියලා කෙල්ල මෙහෙම කීයාගෙන ඉක්මනින් එතැන් ගියා. එතොත් වරෙන් සෙංකඩගල     නුවර මැඳින් ගැටඹේ පහුකරන් පේරාදෙනිය           උඩින් මොල්ලිය ගොඩඩට ආවම උලපනේ මැදින් ඇවිදින් නතර වෙයි ගෙදර      අට කොනින් හරි දැන් කෙල්ල ඉන්න තැනත් අහගත්තනෙ කියලා යකා යන්න ගිය ගමන ගියා. ගමන ගිහින් ඉවර වෙලා ආපහු එන අතරෙ යකාට හිතුනා කෙල්ල පාරත් කියපු එකේ ගිහින් බලන්න ඕනි කියලා. ඉතින් බොහොම අමාරුවෙන් පාර හොයාගෙන යකා කෙල්ලගෙ ගෙදර යනකොට හ

මාලය 😂😂😂😂

Image
ඔන්න අද කියන්න හිතුව මේ ඊයේ වෙච්ච සිද්ධියක් පිළිබදව... ඔන්න මම දන්න ගෑනු පරාණයක් ඉන්නව එක්තරා ආයතනයක එකවුන්ටන් කෙනෙක්... (අක්ක කෙනෙක් ඈ.. කුප්ප කථා කියනව නෙවෙයි ඈ) ඔන්න කාලෙකින් ඊයේ හවස මා ප්‍රිය බිරින්දැයි දරැවයි සමග ගෙදරට වෙලා ඉද්දි එනව කෝල් එකක්.. මෙන්න ඔයාට ***** අක්කාගෙන් කෝල් එකක් කියල ප්‍රිය බිරින්දා පෝන් එක ගෙනත් දුන්නා... ඔන්න කථාව,   අ:- මල්ලි වැඩකද   ම:- නෑ බං කියාං අ:- අද මම  මාර මොඩ වැඩක් කරානේ කාට හරි කියන්න ඕන නිසා කථා කරේ..   ම:- (ඈ යකෝ මම බොගේ මිනිහ ඈ හිතින් කියමින් ) ගෑනුනේ, කරන්නේ ⁣මෝඩ වැඩමනේ 😀😀😀   අ:- 😡😡 අහපිය යකෝ.   ම:- හා හා 😆😆   අ;- මල්ලි බලනවකෝ අද උදේ ***** අයියා office එකට ඇවිත් නංගි අද අක්කට ඉන්ටවිව් එකක් තියෙනව. පොඩ්ඩක් මාලේ දෙන්න බැරිද මම 2 වෙද්දි ගෙනත් දෙනව කියල ඉල්ලුවානේ.. ඉතිං මමත් දුන්නා 2 වෙද්දි ගෙන නිසා..   ම:- යකෝ ඕකා හොරානේ බොට පිස්සුද යකෝ..  😮😮😮😮   අ:-    ඒක මට අමතක උනා බං.. මං බොසාට නිකමට කිව්ව මෙහෙම උනා කියල.. බොසා කියල අනික් පැත්ත හැරෙන්න හම්බඋනේ නෑ දුම්මල වරම අතට ගත්තා.. ඇමතුවා ඇමතිල්ලක් මට.. 😓😓😓😓😓 ඒ

මරණයට අතවනන රමණීය විලාපය.

Image
ජීවිතයේ එක්වරක් හෝ පාළු රාත්‍රීන් හී ,අප අසා ඇති, මේ ප්රේමනීය විලාපය ,නගන්නෙ කුඩා කෘමියෙකි . ඒ රැහැයියා නමින් අප හඳුන්වන කුඩා කෘමියාය.කනට අමිහිරි වුනත් ඒ හඩ  ඔබ දන්නවා ද ඌ ගයන්නේ ඒ අවසාන ගීතය බව? අවු දෙකත් -දාහතත් අතර වසරක්  භූගතව සිට ,අවුරැද්දෙ එක්තරා කාලයකදී එලිමහනට එන මේ කුඩා සත්වයා, උදෑසනින්ම තම ගීතය ආරම්භ කර, හිරැ මුදුන් වෙද්දී තම නාදය වඩා උත්සන්න කරමින් ක්රමයෙන් හිරු අවරට යත්ම , අප්රාණික ස්වරයක් ගනී.රෑස්ස ගස් ආශ්රිතව පෙදෙස් වල වැඩියෙන් ඇසෙන මේ අමිහිරි නාදය, කනට ඉතා නොකන්කළුය. ඌ මෙම හඩ නගන්නෙ කටින් යයි අප සිතුවාට ,එය එසේ නොව. රැහැයියාගේ මෙම හඬ නැගෙන්නේ ,උගෙ බඳෙහි ඇති මාංශපේෂින් තදින් වැදීමෙනි. ඇත්තටම උගේ ජීවන චක්රය ඉතා අද්භූතජනකය.ඔහුගෙ බදෙහි ඇති තාත රජ්ජුව නම් අවයවය සමග මාංශපේෂින් එකට ගැටීමෙන් ,ඔහුගෙන් නැගෙන මේ අපගේ කනට අමිහිරි නාදය, ඔහුගේ ප්රියම්භිකාවට නම් ඉතා මිහිරිය.එය ඇයට කොතරම් මිහිරිද කිවහොත්,මේ ප්රේමනීය සංගීතයට වශීවන ඇය සිය ප්රේමවන්තයා සමග සංවාසයේ යෙදේ.දින කිහිපයක් ගතවුන කල ගැහැනු සතා ගසක පොත්තක් තුල හෝ අතුරිකිලි අතර බිත්තර දමයි. සති 6-8 ත් අතර කාලයක් තුලදී රැහැයි බ

අපේ ගම (2 කොටස)

Image
  ඔන්න අදත් මම අපේ ගම ගැන පොඩියට විස්තරයක් අරං ආවා.. ගම ගැන කියද්දි ගමේ ඉතිහාසය ගැන නොකියා හිටියොතින් ඒක අඩුවක් කියල හිතෙනව.. ඒ නිසා අද ගමේ ඉතිහාසය කියන්න හිතුවා.. 1933 වසරේ මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමගම මුල්ම ගම්මානය වූයේ #බුබුල ගමයි.. (බුබුල ගමට මේ නම ලැබෙන්න හේතුව #දිය_බුබුල නම්වූ උල්පතයි. ඒ පිලිබදව දැනගන්න කලිං මා දැමූ #දිය_බුබුල පෝස්ට් එක බලන්න) මෙම ගම්මානය ආරම්භ කිරීමේදී කුරැනෑගල, ගම්පොල,නුවර,ගම්පහ ආදී ප්‍රදේශ වලින් පැමිනි ජනතාව පදිංචි කර ඇත. ඒ ඒ ජනතාව සිටි කොටස් තවමත් වෙනමම හදුනාගත හැකියි.. ඒ කොළඹ වාඩිය, නුවර වාඩිය ආදී වශයෙන් තාමත් එම පැති හදුන්වන නිසාවෙනි.. ආරම්භයේදී ගොඩ ඉඩම් අක්කර 5යි මඩ ඉඩම් අක්කර 5යි එක් පවුලකට ලබා දී ඇති අතර නිවාසද ඉදිකර දී තිබෙනවා.. ඒවා කොළනි ගෙවල් ලෙස තමා හදුන්වන්නේ... ඉතිං මෙහෙම දුන්න ⁣මඩ ඉඩමකින් අක්කර කාලක වගේ කොටසක් රැපියල් 50කට අරගෙන මීට වසර 45 පමණ පෙර අපේ සීයා(පියාගේ පියා) දුම්කොල හදන්න ඇවිත් තියෙන්නේ ගම්පල ඉදන්. පසුකාලීනව ඉඩම් උගසට අරං ප්‍රදේශය පුරාම රත්නායක මුදලාලි කියල තමා ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ සීයාව... නමුත් ස

දියබුබුල උල්පත

Image
අද මම කියන්න යන්නේ පොලොන්නරුවේ වැඩිය ප්‍රසිද්ධ නැති වුනත් ඉතා වැදගත්, අලංකාර තැනක් වන #දිය_බුබුල ගැනයි. මුලින්ම කියල ඉන්නම්කෝ කොළඹ ඉදන් එද්දි එන්න පුලුවන් පාරවල් ගැන.. මින්නේරිය ටවුන් එකෙන් හිගුරක්ගොඩ පාරට හැරිල ඇවිත් හිගුරක්ගොඩ ජයමග පිරිවෙන ඉස්සරහින් දකුණට හැරිල තියෙන කාපට් පාර දිගේ 200m විතර යන්න ඕන #බුබුලට යන්න. සෝමාවතියේ යන ගොඩක් බස් නම් නිතර නිතර මෙතනට ඇවිත් කෑම කාලා, නාලා එහෙම යනව. හා හා දැං ඇති නේද මේ විස්තර?? ඉතිහාසය ගැනත් පොඩ්ඩක් කියන්නම්කෝ..... මේ ස්ථානය ගැන පැහැදිලි සාක්ෂියක් තියෙන්නේ බෝහියර් මහතාගේ සටහනක් තුල ඉතා කුඩා විස්තරයකි. බෝහියර් දුටු ලංකාව නම් වූ පරිවර්තන කෘතියේ මින්නේරිය පිළිබදව ඇති පරිඡේදයේ අවසානයට මෙම උල්පත ගැන සදහනක් තියෙනව.. පොත කියවපු හෝ ලග තියෙන අයෙක්නම් පොඩ්ඩක් කියවල බලන්න වටිනව..  මීලග පැහැදිලි සාක්ෂියක් ලැබෙන්නේ 1933 මැයි මසේ 3 (දිනය වැරදියි නම් නිවැරැදි කරන්න, මතක විදිහට දැම්මේ) දින මින්නේරිය ජනපදයේ ජනතාවට අමතක නොවන දවසක් වන්නේ එදින තමා මින්නේරිය ව්‍යාපාරය ආරම්භ කරන්නේ. ඒ මෙම උල්පත අසලයි. ඒ ගැන එකල එම ස්ථානයේ පිහිටුවා ඇති ගල් ටැඹ සාක්ෂි දෙයි. දැං එම

අපේ ගම 1 (කොටස)

Image
ඔන්න ඉතිං කියන්න යන්නේ මීට අවුරැදු 22 විතර කලිං අපේ ගම ගැන.. මම උපන්නේ කුරැණෑගල උනාට පදිංචිය පොලොන්නරුවේ, හිගුරක්ගොඩ, රජ ඇල ග්‍රාමයේ.. රජ ඇල කිව්වාට අපි රජඇල අවසානේ කොනේ තමා ඉන්නේ.. දැං නම් පාරවල් කාපට් කරල, පාලං එහෙම හදල තියෙන්නේ.. ඉස්සර එහෙම නෑ.. අපේ ගෙදර පිහිටලා තියෙන්නේ වෙල් යායවල් තුනකින් වටවෙලා.. දකුණට වෙන්න වත්ත මායිම දිගේ ඇලක් යනව කුඹුරු වලට වතුර අරං යන.. #තම්බි ඇල කියලයි ඒක හදුන්වන්නේ. ඒ නමට හේතුව ඒ ඇල යන්නේ හිගුරක්ගොඩ ඇති එකම මුස්ලිම් ගම්මානයේ කුඹුරු වලට නිසාවෙනි. ඒ කාලේ අක්කර කාලක් පමණ වන අපේ ඉඩමෙත් කුඹුරක් තමා තිබ්බේ. පොඩි ගොඩැල්ලක මැටියෙන් හදල හුනු ගාලා පැත්තකට තහඩුයි පැත්තකට පොල් අතුයි වහපු පොඩි ගෙයක් තමා අපිට තිබුනේ.. මේ 1994 වාගේ කාලේ.. ගෙදරින් යන්න තියෙන්නේ ඇල හරහ පොඩි ඒදණ්ඩක් දාලා තිබුනා ඒ කාලේ.. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයේ පාරක් තිබුනා එක ඉවරයි මින්නේරිය ඔය ලගින්. ඔයෙන් එගොඩට යන්න තිබුනේ අඩි 3 පාලම කියල පට පාලමක්.. ඊට පස්සේ #බුබුල. කලින් පෝස්ට් එකේ බුබුල ගැන තියෙනව. ඔන්න ඉතිං ඒ කාලේ අපේ ගේ පිටිපස්සේ කුඹුර කලේ වයසක අත්තා කෙනෙක්.. ඒ අත්තාගේ ළමයින්ම 11ක් ඉන්නවා, බහ