පාලු යකා

බලන්නකො අහලා තියනවද කියලා මෙහෙම කථාවක්.
ඔන්න එක කාලෙක හිටියා යකෙක්. දවසක් මේ යකා බොහොම හදිස්සියෙන් ගමනක් යමින් හිටියා. ඒ යන අතරතුරේ පාර අයිනෙ ලස්සන කෙල්ලෙක් දර කඩකඩ හිටියා.
ගමන කොච්චර හදිස්සි උනත් ඉතින් ලස්සන කෙල්ලෙක් දැක්කම කථා නොකර ගිය හැකැයි යකෙකුට උනත්. අනික මේ යකත් හරි අපූරු කවිකාර යකෙක්. ඉතින් යකා කෙල්ගෙන් මෙහෙම අහනවා.

හදිසියේ මම යනකොට          දුර ගමනා
ලියක් ඉදන් මේ වැත්තේ      දර නෙලනා
ලමිස්සි නොවේ රන් දෝතළු  මල් එතනා
ලමිස්සියේ නුඹ වසනා ගම      කොතනා

කෙල්ල බලනකොට මෙන්න බොලේ යකෙක් කවි කියනවා. දැන් මොනා කරන්න ද උත්තර යක් නොදිත් බෑ. පුළුවන්නං හොයා ගනින් කියලා කෙල්ල මෙහෙම කීයාගෙන ඉක්මනින් එතැන් ගියා.

එතොත් වරෙන් සෙංකඩගල     නුවර මැඳින්
ගැටඹේ පහුකරන් පේරාදෙනිය           උඩින්
මොල්ලිය ගොඩඩට ආවම උලපනේ මැදින්
ඇවිදින් නතර වෙයි ගෙදර      අට කොනින්

හරි දැන් කෙල්ල ඉන්න තැනත් අහගත්තනෙ කියලා යකා යන්න ගිය ගමන ගියා. ගමන ගිහින් ඉවර වෙලා ආපහු එන අතරෙ යකාට හිතුනා කෙල්ල පාරත් කියපු එකේ ගිහින් බලන්න ඕනි කියලා.
ඉතින් බොහොම අමාරුවෙන් පාර හොයාගෙන යකා කෙල්ලගෙ ගෙදර යනකොට හොඳටම හවස් වෙලා. ගෙයි දොර අඟුල් දාලා. දැන් ඉතින් මොකද කරන්නෙ යකා දොරකඩ ඉදන් මෙහෙම කීවා.

මිනි මිනි පොදේ ගන අඳුරේ කන   මදුරූ
බල්ලෙක් ඉදන් උඩ බුරලයි උගෙ   නපුරූ
කෙල්ලෙක් ඉදන් දොර නාරියි ඇගෙ නපුරූ
මල්ලක් කදුරු කන්නෙමි විගස දොර ඇරූ

කෙල්ල හොඳටම බයවුනා. කවුද දන්නෙ පාර කීවට මේ යකා ගෙදර එයි කියලා. දොර ඇරියොත් යකාගෙන් බේරෙන්න බැරි බව දන්න හින්දා කෙල්ල ගේ ඇතුලෙ ඉදන්ම මෙහෙම කීවා.

අටපහ නොදන්නා තා කාගේ         කවුද
බසක් නැතුව එන්නට කීවේ           කවුද
ගසක් නැතුව දළුකොළ ලන්නේ  කොහෙද
මල්ලට දෙමල්ලක් කාපිය මට    මොකද

හිත රිදිච්ච යකා ආපහු ගියා. අයියෝ දෙයියනේ යකා. 
මේක පරණ ජන කථාවක්. 
නොදන්න යක්කුන්ට පාර කියන එකයි. කියන කියන පාරවල් දිගේ හොයාගෙන යන එකයි ටිකක් කල්පනාවෙන් කරන්න ඕනි දෙයක්.
උස්සපු එකක් හොදේ 

Comments

  1. ඔය මූණු පොතට එන ගෑනු උන්දල වා⁣ෙ ග් නම් ඔය ⁣ගැහැනු පරානයත්........ යකාට දුවන්න පාර මදි..

    ReplyDelete
  2. ලස්සනට ලියල..������

    ReplyDelete
  3. ඉතිං පාලු යකාට පාලු මකන්න කවුරුත් හම්බ වෙලා නැද්ද බං ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....