Posts

Showing posts from February, 2019

ගිලිහී යන මනුස්සකම....සහ නින්ජා ගේම...

(ටිකක් දිග උනාට කියවලා බලන්න අපිව කොයිතරම් දුරට මිනිසුන් අන්දවනවද කියලා?)    මෑතකදී ශ්‍රීලංකාවාසීන්ගේ නෙතට කඳුලක් මතුකරලීමට සමත් වූ විශේශ පුවතක් සමාජ ජාලා වෙබ් අඩවි සහ රූපවාහිනී නාලිකාවලින් දකින්නට ලැබින... එනම් මුද්‍රනාලයක සේවය කල සේවකයෙකුගේ අත කෝටිගනනක් වටිනා මැශිමක සිරවී ඇති අතර සේවකයාගේ අතට සිදුවූ හානිය අවම කරලීමට එම මුද්‍රනාල හිමිකරු මැශිම කපා අත බේරාගැනීමට කටයුතු කල සිදුවීමය... ඇත්ත වශයෙන්ම අප ශ්‍රීලාංකිකයන් වශයෙන් එම සිදුවීම අගය කල යුතුය... මක් නිසාද යත් මනුස්සකමට හොඳම උදාහරන තවමත් ලාංකිකයන් වූ අප අතර පැවතීමය... එය එසේ නොවිය යුතුයි යන්න කිසිවෙකුට හැඟේනම් එය වෙනත් ගැටළුකාරී තත්වයක් විය හැකිය... කෙසේ වුවද මෙම සිදුවීමේ වීඩියෝ පටයක් නැවත වාරයක් දකින්නට ලැබීම නිසා මා සිත තුල කිහිප විටක්ම හොල්මන් කරමින් තිබූ එක්තරා දසුනක් සිහියට නැගෙන්නට විය...      දිනක් සවස් කාලයේ මාගේ අවශ්‍යතාවයක් සඳහා වාහනයේ නැගී පිටත් වන විට දුටු එක් දසුනක් මාගේ සිත සසල කරන්නට සමත් විය... එනම් රියාද් නගරයේ එක් වටරවුමක් අසල වාහනයක් අනතුරට ලක් වී තිබෙන ආකාරයයි... මොනයම් සිදුවීමක් හෝ නිසා සිදුවූ එම අනතුරින් ඇසන්ට