👉 āļ†āˇ€ා āļ…āļģුāļą් With āļ¯ෙāļģāļĢ āļ āļ­ුāļģ..👈

01."අපි ඇත්තටම දෙමළ මිනිස්සු බෞද්ධ නේ"
හොද ආරම්භයක්.හැබැයි නැවැත ඔහු පවසනවා ආගමක් සොයන බව..එතන පැහැදිලිව නොගැලපීමක් තියෙනවා...අපි එතනින් පටන් ගමු..සුද්දා ලංකාව යටත් විජිත කරගැනිමේදි මුලික අපිට ලබාදුන් ටොෆිය තමයි බුද්ධාගම පිලිබදව ඔවුන්ගේ සිත් තුල ඇති ගෞරවය.අපි සිංහල බෞද්ධ මිනිස්සු විදිහට ඔය ටොෆිය තවත් රසවිදිනවා ලැබෙන ලැබෙන වාරයක් පාසා...ඇත්තටම අරුන් බුද්ධාගම හෝ බුද්ධ දර්ශනය පිලිගන්නා අයෙක් විය හැකිය..සත්‍ය වශයෙන්ම ගරුකරන්නෙක් විය හැකිය.එහෙත් අප්‍රමාණ ගිනිපෙල්ලෙන් බැට කාපු අපි අනිවාර්යයෙන් දැන් කණාමැදිරි එළියටත් බය වෙන්න ඕනි..එනිසා අපි දැන්ම ඔය බුද්ධාගම හිතවාදි ටොෆිය රසනොවිදය යුතුය..

02."නල්ලුර් කෝවිල් කතාව, හා කුල වාදය..."

කුලවාදය තවම දෙමළ මෙ⁣න්ම සිංහල සමාජයේ පවතිනවා.හොදම උදාහරණය සිංහල බොදු ගොවි පදනම..නමුත් සැබැවින්ම මා දන්නා පදිරි දෙමළ ජනයා අතර තවම බහුල වශයෙන් කුලවාදය ගැන කියනවා..හැබැයි එතනදි ඔහු පවසන නල්ලුර් කෝවිල් හා කොළඹ කෝවිල් කතාවේදි,මා අප්‍රමාණ කොළඹ කෝවිල් වලදි දැක තිබෙනවා ප්‍රබල දමිළ දේශපාලඥයින් පවා උඩුකය නිරුවත්ව ⁣වන්දනා කිරිමට යනවා.අනික ඔය නල්ලුර් කොවිල පිටුපස කතරගම මෙන් තනිකරම ඇත්තේ සම්ප්‍රදාය විකුණගෙන කන බිස්නස් එකක් බව බුද්ධිමත් ඔබට මට තේරුම් ගත හැකි..තවද දකුණු ආසියාවේ බොහෝ සෙ⁣යින් සමාජ අසාධාරණය යන වචනය මුදුන් පමුණාවගෙන දේශපාලන පැමිණෙන බහුතරයක් මෙම කුලවාදය ඇමක් වශයෙන් භාවිතාකලයුතු බව සිහියේ තබාගැනිම වැදගත්ය.

03. "සුමන්තිරන් හා උතුරේ දේශපාලඥයින්.."

සුමන්තිරන්ලා යනු ලංකාවේ ඉන්න දක්ෂ කූට දේශපාලන ව්‍යාපාරිකයෙක්...සැබැවින්ම සුමන්තිරන්ලාගේ එක දේශපාලන නිෂ්පාදනයක් වෙන මෙම ආවා කල්ලිය හා එහි බ්‍රැන්ඩ් වුන අරුන්ලාද ඉදිරි මැතිවරණ වලදි හොද ජන්ද මැෂින් වෙනු නොඅනුමානයි..

04."බෙලිකපලා නැද්ද පොරෝ පාර ගහලා නැද්ද ......"

එම අවස්ථාවේ දි චතුර සැබැවින්ම හිරු එකේ රංගන ද සිල්වා වුවාය.
අරුන් හොදින් වේගවත් යම් සීමාවන්විත අනුකම්පා සහිත ආවේගශීලි වදන හරබ වලින් මිනිමැරුම පිලිබද සදහන් කරගනිමින් අර ප්‍රබල චෝදනවා ප්‍රතික්ෂේප කරනවා..අනික ඇදිරිනිතිය පනවපු අවස්ථාව ගෙදර මිදුලේ  පාර ගාව ඉදගෙන දකුණේ උන් හිටියාත් ඇදලා අරන් පොලිසියට අරන් යනවා..

ඉහත කරුණු ටිකෙන් පසු මම දුටුවේ අර දෙරණ සිගිති මාධ්‍ය සම්ප්‍රදායේ මාධ්‍යවේදියෙක් හා මානුෂික හා අගාමික ආලය,ජාත්‍යාලය වැනි වෙස්මුහුණු බැදන් අනාගත දේශපාලන පිවිසෙන්න සිටින තරුණයෙක් අතර සංවාදයක් පමණි......😂😂👌

👉 ඔහු කියන පරිදි එක පවුලක දෙදෙනෙක් පමණ යුරෝප් වල සිටිනවානම් අැයි උතුරේ ඔච්චර දුෂ්කරතා පවතින්නේ.? සැවින්ම එවිට වැරැද්ද උතුරේ දේශපාලන නොව එහි ජිවත් වෙන පුද්ගලයන් සතු වෙනවා.

👉 සැබැවින්ම ඔහු පවසන කතාන්දර බහුතරයක සාරංශත ව්‍යාංගාර්ථ අදහස් පට්ට පරස්පර විරෝධී ඒවායන්ය...
මුලදි උතුරේ නිදහසක් නැ වැනි මානුෂික ප්‍රශ්න ඉදරිපත් කර අරුන් අවසා⁣නයේ උතුරේ ප්‍රශ්න හා දකුණේ ප්‍රශ්න එක හා සමාන කරනලදි...😂

👉 තවද ඔවුන් විශේෂයෙන්ම ආවා බ්‍රැන්ඩ් එක ගැන සදහන් කරනවා මිස " සමාජ සාධාරණය සඳහා වු ව්‍යාපාරය " ගැන එකදු වචනයක් හෝ පවසන්නේ නැත.එනම් මෙය අරුන්ලාගේ episode 01පමණි.අපි අනාගතේ අනෙකුත් episode  බලාපොරොත්තු වෙමු.

අවසානේ මෙසේ කියමි...
සුමන්තිරන්ලා ගේ දේශපාලන යම් දවසක මහින්දලාගේ දේශපාලන මෙන් මලගම යනවා නියතයි.එහෙත් බුද්ධිමත්,අවස්ථාවාදී,කූට දේශපාලඥයින් වෙන සුමන්තිරන්ලා තම පදනම රැකගන්න මෙවැනි නිෂ්පාදන රැසක් අනාගතේ බිහිකරනු නියතයි..මන්ද වෙළපොල අවශ්‍යතාවට ගැලපෙන නිෂ්පාදනයක් හට වෙළපොල තරගකාරිත්වය අඩුයි.හොදින්.ප්‍රචාරණය වී හොදම විකිණිමක් බලාපොරොත්තු විය හැකිය..

👉 රස්තියාදුකාර බේබද්දා 👈

Comments

Popular posts from this blog

āļ¯ිāļēුāļĢුāˇ€.. āˇ„ා āļ¯ිāļēුāļĢු āˇ€ෙāļ¸ිāļą් āļ´āˇ€āļ­ිāļą..

āˇ„ෙāˇ… āˇ€ිāˇ‚ ⁣āˇ€ෙāļ¯ āļ´āļģāļ¸්āļ´āļģාāˇ€

āļŠāļēේ āˇƒෑ āļ­āļ¸ා āˇƒෑ.....