බේබද්දාගේ මතක 1 අතීත පෙම

පොලිස් මාමාලා සිහිකරමින් ලීටර් පහේ හිස් වතුර කැන් එකකුත් අරගෙන තුනී හීන් අඳුරේ කඩි මුඩියේ වෙල් යාය මැදින් පියමැන්නේ සෝමේ මාමාගේ ඔය අද්දර පොට් එකට...

👉 අඩේ කොලුවෝ,මෙහේ බඩු නම් ඉවරයි.හනික පලයන් අපේ ගෙදර.එහේ තව පොඩ්ඩක් ඇති..මම අපේ උන්දැට කොලොල් එකක් දිලා කියන්නම්...උබ එනවා කියලා..👈
මා දුර සිටම දැක සොමේ මාමා දෙසු ඒ සුන්දර වචන වලින් හට හත් හදේ සෝකයත්,දරාගෙනම අඩියට දෙකට දිවයමින් ඇවිදගියේ සොමේ මාමාගේ ගෙදරට.....
"" නැන්දේ පහක් ඕනි...
මෙන්න සල්ලි/මෙන්න කැන් එක""
👉 ඔය පිලිකන්න හරියේ ඉදපන් පුතේ,මම හනිකට ගෙන්නම්.....👈

සුළු වෙලාවකින්.....

👉 දුවේ මෙන්න මේක ඔය පිලිකන්නේ ඉන්න පුතාට ගිහින් දියන් 👈 හීන් කඩහඩින් නැන්දා කියනවා ඇහුනා.....

අහ්..කවුද බොලේ අපි නොදන්න සෝමේ මාමාගේ දුව 🤔🤔🤔

👉 අයියේ,අම්මා මේක දෙන්න කිව්වා 👈

සන්තානම් මැණියෙනි..මේ මල්සා නේද ??? දෙපාරක් විතර ඇස්පිය සලා මම ආයි බැලුවා..ඔව් ඔව් මල්සා තමයි...
""යකෝ මේකි මට බුට් එක තියලා අර හදපානේ ගොහින් බැන්ද එකා කසිප්පු සොමේගේ පුතාද ?
දෙයියන්ට ඔප්පු වෙච්චාවේ...""

සුටුස් ගාලා කැන් එක ගත්ත මා මුවට කින්ඩි සිනා පොදක් පෙන්නවා නිවසින් පිටවුනේ,
ඒ දවස් වල බියර් උගුරක් බොන්න බැරි ඒකිට දැන් කසියා නතින් ඇති නේ...🤔😂😂😂😋😋😂😂

🤜 පෙර දිනයක මා පෙම් කල යුවතිය
කසිප්පු සොමේගේ ලේලි වෙලා,
මගේම අතට කසිප්පු කැනය පිරිනමනවා... 🤛👌👌

සදරැවන්

Comments

  1. හරිනෙ බං..කස්ටමර්ට බූට්එක තියල..මුදලාලිගෙ ගෙදරටනෙ ගිහින් තියෙන්නෙ....😁😅

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....