Posts

Showing posts from September, 2018

බටු මෝජු සමග හෙල්මට් මාමා

Image
ඔන්න අපේ අමද්‍යප සංගමයේ ගරැ අනුශාසක තැම්පත් අපගේ හෙල්මට් මාමා ගැන ලියන්නයි යන්නේ. මේ මාමා ගැන කිව්වොතින් ඇත්තටම මාමෙක්.. අපි අයියා කියල කිව්වට.. ඉතිං අපේ සංගමය පිහිටුවීමට ලොකු දායකත්වයක් ලබාදුන්න එතුමා⁣ව අමතක කරන්නේ කොහොමද?? මේ කතාව කියද්දි අපේ කැළුම් කොලුවා ගැන නොකියා බැරැවා.. මොකද කැළුම් කොලුවාගේ මගුලට ගිහින් තමයි මේ සිද්ධිය උනේ..   අ⁣පේ කැලුමා ඉන්නවා නේද ඌ ඉතිං ගෙදරින් හොයලා දෙනකම් ආයේ කසාදයක් බැදගන්න හිතුවේම නෑ ඕං.. දඹුල්ල පැත්තේ කෙලි පැටික්කියක් මුට ගෙදරින් හොයාලා කාරිය දීලා ඔන්න මූව කසාද බන්දන දවසත් ආවා.. එදා ඉතිං මායි ඌයි නෑයෝ ටිකයි අපේ හෙල්මට් මාමා⁣ගේ ඒ දවස්වල තිබුන වෑන් එකේ නැගලා කසාද බන්දල දීලා ඇවිත් ඊට අවුරැද්දකට විතර පස්සේ කැළුමාගේ වෙඩිං එකටත් මමයි හෙල්මට් මාමායි, ඤාව්වයි යාලුවෙක්ගේ කාර් එකක් අරං ගියා ඔන්න.. පාන්දරම අපි කැවුමාත් දාගෙන කාර් එකේ ගියා ඕං.. 7ටත් කලින් අපි දඹුල්ලේ. නැකැත් තියෙන්නේ 10ට විතර හිංදා ජෝඩුව ප්‍රී ශූට් එකට ගියා කාර් එකේ කණ්ඩලම වැවට. ඉතිං වැවට ගිහින් ජෝඩුව එනකම් අපි ඉතිං බඩගින්නේ ලකා ගගහ ඉන්නව.. ඤාව්වානේ කාර් එක අරංගියේ. මායි හෙල්මට් මාමයි දෙන්නා පුටු

කුකුළා 🐓 සහ තවත් කතා

Image
ඔන්න ඉතිං තවත් කථාවක් අරං ආවා අද.. මේ කියන ඒවා 90% ක්ම ඇත්ත සිද්ධි නිසා මේවාට අදාල අය වැඩි කාලයක් නොගිහින් මට ශොට් එක දෙනවා හැබැයි.. අන්න එදාට ⁣චොක්ලට් බිස්කට් අරං මාව බලන්ඩ ආවාට කමක් නැ.... හරි හරි අද කථාවට බහිමුකෝ.. කුකුළා කියන්නේ මගේ තව පාප මිත්‍රයෙක්, ඊටත් වඩා ඌ සහෝදරයෙක් වගේ.. (මුගෙන් බේරෙන්නත් එපැයි) ඔය ගෙං වැඩ දෙකක් තුනක් කලාට.. ඉස්සරලම මුට නම හැදුන විදිහ කියලා හිටිය නම් හරි.. ඒකත් හරියට සකලංසමාලේ නම හැදුනා වාගේ පොඩි කෙලි පැටියෙක් නිසා හැදුනාවූ නමක්. ඔන්න මීට අවුරැදු 6ට විතර කලින් අපෙ කථා නායකයා (අර පාර්ලිමේන්තුවේ ඉන්න බුවා ගැන නෙවෙයි කියන්නේ 🐓 කුකුළා ගැන) තවත් යාලුවෙක්ගේ ගෙදර පොඩි වහල කෑල්ලක් ගහනව ත්‍රීවීල් එක දාන්න. ඒ යාලුවාගේ අක්කට හිටියා අවුරැදු දෙක හමාරක විතර පොඩි කෙලි පැටියෙක්.. හුරතල් කතා කිය කිය අපි වැඩ කරන තැනමයි ඉන්නේ.(ඔය බබා ලැප් එකට කිව්වේ ටැප් එක කියලා.. තව නම් ගොඩක් තිබ්බා දැං මතක නෑ) ඉතිං අර යාලුවා ඇවිත් අපේ 🐓 ට ග්‍රිල් එක දුන්නා.. කෙල්ල බලාන ඉදලා... "මාමා" "මාමා.... කුකුළා" "මොකක්ද පුතේ" "මාමා කුකළා..... කුකුල්ලු

හිරිපිටිය

Image
ඔන්න අද කියන්න හදන්නේ අර සේන අයියාට උන තවත් සීන් එකක්.. මේ සේනයියා ඔය හිටියාට කසාදයක් එහෙම බැදලා   හිටියේ මම අදුනා ගන්නා කොටත්.. ඒ උනාට මූ අමුම අමු වනචරයා.   ඔන්න මූ අලුතින් අර අතින් කොටන ෆෝන් එකක් අරං ආවා මගේ ලගට ඒකේ සෙටිංග්ස් ටික හදාගන්න කියලා. මමත් ඉතිං ෆේස් බුක්ද , වට්අප්ද ,   ඉමෝද අරකද මේකද හදලා දුන්නා කියාන්කෝ.. දැං මුට තවත් ප්‍රශ්නයක් තියෙනවා.. ඒ උට අර ජිගිරිබිරිස් බලන්න දන්නේ නෑ. ඇයි ඉතිංමූත් අර හෝමාගම පැත්තේ ඩයල් වගේ sex කියන වචනේ ගහලානේ ඕවා හොයන්නේ.. ඉතිං ඒවත් කියලා දීලා පිටත් කලා. ඔන්න සතියකට විතර පස්සේ එනවා මුගෙන් කෝල් එකක් , රෑ 10 ට විතර සේන : ඒ මංචං , උඹ නිදිද.... ? 😲 මම: නෑ බං මං මේ කුඹුරට පොහොර ගහන ගමන් හිටපං පොඩ්ඩක්... 😡😡😡😡😡 සේන: අඩෝ විහිලු නෙවෙයි යකෝ. 😣😣 මම : එහෙනම් හු%% රෑ 10 ට කථා කරලා තෝ මොනවද අහන්නේ.. ? 😂😂😂😂😂😂😂 සේන: මචං මට කෙල්ලෙක් සෙට් උනානේ බං ෆේස් බුක් එකෙ න්... 👫 මම:  හුටා ,   එහෙමද ? කොහේ එකක්ද ? 😋😋😋😋 සේන: කුරැණෑගල පැත්තේ ගමක් බං මට නම මතක නෑ.. 😇 මම: හරි හරි ඉතිං ගෑනිට මාට්ටුද ? 😂😂 සේන: නෑ ප%. 👹 එ

පැණි අමුඩ කථා වස්තුව 😂😂😂

Image
එක් සම‍යෙක්හි ජම්බුද්වීපයෙහි පුලතිසි මෙත්පල් නිරිදාණන්, අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් හා එක්වැ දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරණ සමයේ එනුවර ස්ත්‍රී සමුහයා රජ මාළිගාව ඉදිරිපිට රැස්ව මහත් වූ ශබ්ද නගන්නට වූ හ. දෙසවන බිහිරි කරවන ස්ත්‍රී සමුහයා ගේ ඝෝෂාව කන වැකුණු ඇසිල්ලෙහි ම මෙත්පල් නිරිදාණන් ස්ත්‍රීන් කවර කරුණක් අරභයා ඝෝෂා කරනේදැයි දැනගනු වස්, මාළිගයේ මුර සෙබළෙකු ස්ත්‍රීන් සමුහයා වෙත පිටත් කර යැවූ හ. " නැගිණියනි, තොප සමුහයා කුමන කරුණක් අරභයා ඝෝෂා කරන්නෙහු ද?" සෙබළා ඇසී ය. "රාජ පුරුෂය, අපගේ මාස් ශුද්ධිය වන කල්හි යොදා ගන්නා පැණි අමුඩ රෙදි කඩටත් රජ වාසලෙන් සියයට සියයක් වූ බද්දක් නියම කොට ඇත්තාහු ය. ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ යි ස්ත්‍රී තොමෝ පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ. " "රාජ පුරුෂය, මෙබඳු බද්දක් අසාධාරණ යැ, නොහොබින්නේ යැ , යහපත පිණිස නොවන්නේ යැ' යි එක හඬින් කී හ. ඉදින් මෙකරුණු නොපමාව උන්වහන්සේට සැළ කරව, නැතහොත් උන් වහන්සේ පසු දින පත්‍රය පිටවන තෙක් උකටලීව කජු බුදිමින් කල් යවා රාත්‍රී දහයට සැතපෙනු ඇත්තේ යැ' යි " කී

ඤාව්වාගේ සහ අලියාගේ මැරතන් එක

Image
ඔන්න අද කියන්න හදන්නේ අලි කතාවක්.. කථාව අලි උනාට සිද්ධිය වුනේ මටයි යාලුවෙකුටයි. සිද්ධි එකක් නෙවෙයි දෙක තුනක්ම උනා.. ඉස්සර ඉදන් මගේ අතිජාත පාප මිත්‍රයෙක් හිටියා ඤාව්වා කියලා තමා ඉතිං රෙජිස්ට්‍රර් වෙලා තියෙන්නේ.  (දැං නම් දැක්කෙත් නෑ ලගකදි..) ඌටයි මටයි උන අලි ඇබැද්දි ටිකක් තියෙනවා.. අද කිහිපයක් ලියන්න ඕන.. ඔන්න මීට අවුරුදු කිහිපයකට පෙර සේරැවාවිල චෛත්‍යය අලුත්වැඩියා කරන පිංකමක් මහමෙව්නාව මගින් සංවිධානය කරල තිබුණා.. ඉතිං මේකට සහභාගි වෙන්න අපි කලින් කතාකරගත්තා. අනික් වැඩ වලදි වගේම මේකෙදිත් අවසානේ යන දවසේ ඉතිරි උනේ මායි ඤාව්වායි 🐱  විතරයි. ඉතිං ඒ දවස්වල මට වාහන නෑ. ඤාව්වාට තියෙනව ct100 එකක්. ඒක ගත්තත් හරි සර්විස් එකක් දැකලාම නෑ .. පෝක් දෙක හිරවෙලා සොකට් වෙන්නෙත් නෑ.. 40 වඩා පිකප් වෙන්නේ නෑ.. දැං අපි දෙන්නා ඕකේ නැගලා සෝමාවතීය පැත්තේ පාරෙන් සේරැවාවිල ගියේ. (⁣සෝමාවතියේ ඉදන් සේරැවාවිල යන්න තියෙන්නේ කැලේ මැදින් වැලි පාරක. දැං නම් වාහන එහෙම නිතර යනව.. ඒ දවස්වල පාර පාලුයි... අතර මැද ආමි කෑම්ප් එකක් තිබ්බා ඒ දවස්වල.) අපි ඉතිං හවස 3 විතර වෙද්දි ආයේ එන්න පිටත් උනා බයික් එකේ ලයිට් වැඩ නැති නිසා..

Add

Image
CCTV MOBILE SERVICE ON 24 HOURS HOTLINE NO. 071 744 58 32 (Harsha) ඔබගේ ආයතනයේ, නිවසේ ආරක්ෂක කැමරා පද්ධතියේ දෝශයක්ද?? ඉක්මනින් වගකීමකින් යුතුව අලුත්වැඩියා කරගන්න අමතන්න.. පැය 24ක් තුල සේවය සපයනු ලැබේ* Viber, imo මගින්ද සම්බන්ධ විය හැක. (* කොළඹ, නුවර, මීගමුව, කුරුණෑගල, දඹුල්ල, පොලොන්නරුව ප්‍රදේශ සදහා) ඔබගේ නිවසට, ව්‍යාපාර ස්ථානයට CCTV Camera security system Fire alarm system Video door phone system ඉතා පහසු මිලට අපවෙතින් ලබාගන්න  විමසීම් හර්ෂ 071 744 58 32 / කැළුම් 071 294 6662 H&N Technology

Cctv ජෝගි... 1

Image
ඔන්න මට ලියන්න දේවල් මතක් කර කර ඉද්දි මොනතරම් ඒවා මතකයට ආවත් ඒවා ලියලා එල්ලුම්ගස් යන්න හරි මන්නපාරක් කන්න හරි වෙන නිසා අතෑරලා දාලා තිබ්බේ.. ඒත් අටමයියගේ කථා කියවගෙන යද්දි හිතුණා මේක ඔන්න ඔහේ ලියලා දානවා කියල... ජීවිත අවධානමක් තියාන ලියන්නේ ඕං ඈ... ඉස්සරලම කියල ඉන්නම්කෝ මගේ ජොබ් එක එහෙමත් නැත්නම් ජීවත්වෙන්න කරන්නේ මොකක්ද කියලා.. මම කරන්නේ CCTV කැමරා සවිකරන එක.. ඉතිං දැං අවුරුදු 7විතර මේක කරන නිසා ගොඩක් අද්දැකීම් තියෙනව... මට ⁣වගේම ගෝලයන්ටත් උන ඒවා.. අපි ඔය වැඩ වලට ගියාම ඉතිං ගෙදරක නම් ගොඩක් වෙලාවට හැමතැනම යන්න වෙනව.  නිදන කාමර වල පවා.. (නෑ නෑ කැමරා ගහන්න නෙවෙයි) ගොඩක් අය නිදන කාමරේ තමා රෙකෝඩරයයි TV එකයි තියාගන්නේ CCTV ලයින් එකේ.. මෙව්ව කිව්වේ මේ විස්තර නොදැන කථාව කියවල වැඩක් නැති නිසා..   මගේ එක්ක වැඩ කලා පොරක් උට අපි කියමුකෝ ම්ම්ම් "සේන" කියලා..මූ හෙනම පන්ඩිතයා.. ෂොට් එකක් දාගත්තාම තනිකරම ඉතිං 📻 රේඩියෝව දාගත්තා හා සමානයි.. හැම වෙලාවෙම තියෙන්නේ කෙල්ලො ගැන කථා තමා ඉතිං.. අහවල් කෙල්ල එක්ක රෑම් ගිය හැටි.. අර කෙල්ල එක්ක පිල්ම් හෝල් ගියහැටි වාගේ කථා තමා කියන්නේ.. හැබැයි වැඩක්

වැලි තලප හදල බලමුද??

Image
ඔන්න ඉතිං අපේ හාමිනේ දැං දවස් ගානක ඉදන් කුරැ කුරැව කෑමක් හදන්න ඕන කියලා.. අවශ්‍ය අඩුවැඩිය ගෙනත් දෙන්න කියලා.. මොනවද හදන්නේ කියල ඇහුවාම හැදුවාම බලන්නකෝ කිව්වා..(කලින් නම කියන්නේ නැත්තේ හදපු කෑම නෙවෙයි අවසානේ හැදිල තියෙන්නේ ගොඩක් වෙලාවට) ඔන්න අද ඒවා හදල.. මට ඉතිං කාල බලල නම කියන්න කිව්වා.  සතුටුයි පිංවතුනි හරියට නම නොකිව්වොත් එහෙම ගෙදර බත් කාලත් හමාර නිසා මම වැටුන අමාරැව එක එක වර්ගයේ කෑම හදන වයිෆ්ලා ඉන්න මහත්තයාලා දන්නවානේ ඉතිං.. කාලා බලද්දි ඒවා නිකං වන්ඩු වගේ කියල හිතුණාට ටිකක් වෙලා හිතල හිතල හිතල ඇහුවා ඇත්තටම මේ⁣ මොනවද කියලා... (අවුලක් නෑ මොනවත් උනේනෑ.) වැලි තලපලු බොලේ.. youtube බලාගෙනලු හැදුවේ... 😂😂😂😂  ආන්න ඒ වාගේ නොවී වැලිතලප හදන්න ඔන්න මම වැලිතලප හදන විදිහ ගැන නෙට් එක පීරලා බලල ක්‍රමේ හොයාගෙන ආවා... හදල හරිගියොත් මටත් කෑල්ලක් එවන්න ඊ මේල් කරල හරි..  ~අවශ්‍ය දේවල්~  * සුදු හාල් පිටි 2kg * සුදු සීනි 1.8kg (රතු සීනිත් අවුලක් නෑ) * ඩෙසිකේටඩ් පොල් 1 kg (පැකට් දෙකහ මාරයි) * උකු පොල් කිරි කෝප්පයක්  * එනසාල් ඇට ස්වල්පයක් ( කුඩු කරගත්) * ලුනු ස්වල්පයක්  * පිට්ටු සෑදිමට ලුනු

නූතන බුදු දහම කොයිබටද??

Image
මම මේක ලියන්න හිතුවේ ලංකාවේ අද තත්ත්වය බලද්දි අපි කොයි තරම් බුදු දහම පිලිපදිනවාද කියල ආපසු හිතන්න, බලන්න කාලේ ඇවිත් කියල හිතුන නිසයි.. මූනු පොතේ එක් සහෝදරයෙක් දාලා තිබ්බ කමන්ටුවක් මම දානව ඉස්සරලම... මේක කියවලා ඊට පස්සේ දැං මොකද වෙලා තියෙන්නේ කියල කථා කරමු අපි. "යටත් විජිත  සමයේදි  එංගලන්තයේ  පාස්ටර් කෙනෙකුගෙ මල්ලි කෙනෙක්  හිටියා රීස් ඩේවිස් කියලා .ඒ අය කලේ  යටත් විජිත රටවල්  වල කතෝලික  ධර්මය  ප්‍රචාරය  කිරීම. රීස් ඩේවිස් තෝර ගත්තෙ අපේ රට. මොහු ලංකාවට පැමිනියා 1892 දී.ඔහු පලමුව කලේ සිංහළ ඉගෙනීම. ඊට පස්සෙ රට වැසියා සොයා ගම් නියම්ගම් සැරි සැරුවා.කිසිම අයුරකින් ඔවුන්ගේ මතය ලක්වැසියා අතරට  පැල පදියන් කිරීමට නොහැකි  වුනේ පන්සලත් සමග බද්ද  වී සිටි නිසයි. මොහු ඔහුගේ පරමාර්ථය  අත හැරියේ නැහැ . බුදුදහමට පහර ගැසීමට නම් බුදුදහම  ඉගෙන ගතයුතු  යැයි මොහු කල්පනා කලා. එවිට බුදුදහමට පහර ගසා කලකිරවා රටවැසියන්ට කතෝලික දහම ගැන රුචියක් ඇතිකල හැකියයි ඔවුන් කල්පනා කලා. බුදුදහමට පහර ගැසීමට නම් ත්‍රිපිටකය  පරිශීලනය  කල යුතු යැයි  මොහු ඇතුලු මොහුගේ නඩය තීරණයකට  එලඹීය.එවිට ප්‍රශ්නයක්  වූයේ ත්‍රිපිටකය ග්‍රන්