වෙනස්ම කථාවක්

""මම ඉතිං ලිවීමට අලුත්නේ. අද පොඩි කෙටි කථාවක් ලියන්ඩ කියල.. ගුන දොස් තිබේනම් පහලින් කමන්ට් කරන්න. ඔයාල⁣ගේ සහය මහමෙරක් තරම් මට."""
=======================================
සදුනි කොට්ටය අසල ඇති i phone එක අතට අරං වෙලාව බලද්දියි දැක්⁣කේ උදේ 9ත් පහුවෙලා කියල.. වෙනදාට නම් උදේම ඇහැරිලා ස්කීම් එකේ පාර දිගේ හරි, හිතුනොත් දියතට හරි ගිහින් ලැසීවත් අරං ජොගින් යනවනේ පැයක් දෙකක්..
ඔය යද්දි ඉතිං අර සක්කරවට්ටම මිසිස් ඩයස්ගේ මූණ නිකම් ඇද වෙලා රවල බලන විදිහ මතක් වෙලා සදුනිට ඇදේදිම හිනා ගියා..  මිසිස් ඩයස් ඉන්නේ සදුනිගේ ගෙදරට ගෙවල් 3කට එහා..
ස්කීම් එකේ පරණම පදිංචි කාරියක්..
කිසිම හැඩයක් නැති පිටි ගෝනියක් වගේ මහත මිසිස් ඩයස් හැඩට ඉන්න තමන්ට ඊර්ෂ්‍යා කරනව කියලයි සදුනිට නිතරම හිතුනේ.. ඇයි කොයිවෙලාවේ දැක්කත් රවලා බලන ඒ මූනේ සදුනි කිසිම දවසක හිනාවක් දැකලම නෑ..
සදුනිගේ කල්පනා ලෝකය බිදිමින් දුරකථනය නාද වන්නට විය..
"Hello Mom Good Morning"
"ශෙනාල් Good Morning My darling, කොහොමද ඔහේ??"
"මෙහේ ගොඩාක් සීතලයි මමී.. ඊයේ දවසම හිම වැටුනා.. මායි ඩැඩියි ඇදට වෙලා පොරවගෙන හිටියේ... අද ඉර පායලා ඩැඩීයි මමයි එලියට යන්නයි හදන්නේ.. ඉන්නකෝ මමී මම පෙන්නන්න හිම වැට්ල තියෙන විදිහ, පීටර් දැං තමා දොර අරින්න පුලුවන් වෙන්න හිම අයින් කරල දුන්නේ.. "
සදුනිට කථා කරන්න නොදී චූටි පුතු ශෙනාල් imo එකෙන් කියවගෙන කියවගෙන යනව හරියට පුතාගේ ඩැඩී වගේමයි..
ශෙනාල්ට ඉස්කූල් එකේ නිවාඩු නිසා ඩැඩී එක්ක ඇමරිකන් ඉන්න සීයාලාගේ ගෙදර ගියේ දැං සතියකට විතර කලින්.
අධික සීතල සදුනිට දරා ගැනීමට අපහසු නිසා සදුනිට ගෙදර නතර වෙන්න උනා..
"මමී මේං මම එලියට ආවා" කියද්දිම කොල්ල ලිස්සල වැටුනා හිමේ.. සදුනිට හිනා.. හැමදාම එලියට ගිය ගමන් හිමේ ලිස්සා වැටෙන එක ශෙනාල් දැං සෙල්ලමට අරං..
"ශෙනාල් පරිස්සමින් හැමදාම කියනව නේද මම ඔයාට??" සදුනි තරවටු ස්වභාවයෙන් කිව්වාට ශෙනාල් හිනා වෙනව..
"කෝ ඩැඩී??"
"මේ ඉන්නේ ඩැඩීත්" කියල ශෙනාල් කැමරාව හරවල වාහනේ ලග ඉන්න රෝහිතව පෙන්නුවා.. රෝහිත අත වනලා ශෙනාල්ට අඩගැහුවා වාහනේට නගින්න..
"මමී අපි යනවා" කියාගෙනම දුරකථනය විසන්ධි කලා..
"Love you my darling" කියල හිතින්ම කියාගෙන සදුනි ඇදෙන් නැගිට්ටා...
"යේක අද මේ කීර මිටියේ පනුවොනේ, වෙන එකක් දෙන්න නෝනා මාතියා දැනගත්තොත් ආයේ සිරි අම්මාගෙන් කීර ගන්න එකක් නෑ"
ඔන්න අදත් කුස්සියේ වැඩකරන සෙල්ලම්මා කීර ගේන සිරි අම්මා සමග වාදේ පටන් අරං.. සමහර දවස්වලට සදුනි මැදිහත්වෙලා තමා දෙන්නගේ හබේ බේරන්නේ..
වොශ් එකක් දාගන්න යන්න කලිං කිරි එකක් බොන එක සදුනිගේ පුරැද්දක්... ඒත් අද කිරි එක තාමත් සෙල්ලම්මා ගෙනත් නෑ..
"සෙල්ලම්මා"
"සෙල්ලම්මා"
"කෝ යකෝ මේ ගෑනි??"
"අපේ මැණිකේ...." මූනට මැණිකේ කියල කතා කලාට ලග නැති විට නෝනාමතියා කියල තමා සෙල්ලම්මා කථාකරන්නේ..
"මම කොහෙද යකෝ මහත්තයෙක් වෙන්නේ.. මැණිකේ කියපං මැණිකේ" සදුනි රෝහිතව බැදල ඇවිත් සතියක් යන්නත් කලින් ගෙදර පුරැද්දට සෙල්ලම්මාගේ ඇගට ගොඩ උනා.
නුවර ගෙදර ඉද්දි අප්පුවායි, සෙලෙස්තිනා හාමියි දෙන්නම කියන්නේ "අපේ චූටි මැණිකේ" කියාය.. ලග හිටියත් නැතත් එහෙමම තමාය.. ඒකට මේ මාසේ පඩියට වැඩ කරන සෙල්ලම්මා මූණට පමණක් ගරැ කරාට නැති තැන දෙස් තියෙන බව සදුනි හොදින් දන්නා කරැණකි..
"කෝ බං මගේ බෙඩ් ටී එක?? මම හැමදාම කියනව මම නැගිටිද්දි ඇද ලග තියෙන්න ඕන කියල"
"මැණිකේ නිදි නිසා උදේ හදපු එක නිවිලා නිසා මම ආයෙම අරං ගියා මැණිකේ.. යේක මම ඉක්මනින් හදල ගෙන්නම්, වතුර කේතලේ ගහල ආවේ"
"මම හැමදාම කියනව නේද හැමවෙලේම වතුර උණු කරන්න එපා කියල..." ඉතිරි ටික කියන්න කලින් සෙල්ලම්මා පඩිපෙල බැහැගෙන කුස්සියට ගියේ තවත් හිටියොතින් බැනුම් කන්දරාවක් අහගන්නට සිදුවන බැවිනි.
සෙල්ලම්මා ටී එක ගෙනකම් පොඩ්ඩක් fb එක පැත්තේ ගිහින් වෝලයේ උඩ පහළ ගියේ වැද ගැම්මක් ඇති දෙයක් නැති නිසාවෙනි..
සෙල්ලම්මා ටී එක රැගෙන විත් ටීපෝව මත තැබීමේදී සදුනි ගැස්සී ගියේය..
"මොකක්ද සෙල්ලම්මා හැමදාම කියනව කථාකරල කාමරේට එන්න කියල.."
________________________________________________
කාලෙකින් පන්සල් ගියේනැති එකේ අද කෑළණි පන්සලට ගිහින් එන්න ඕන කියා සදුනිට හිතුනා.  ගෙදර ඉද්දි නම් දවසට දෙපාරක් පන්සිල් ගන්නා අතර දවස් 2ට සැරයක්වත් දළදා මාලිගාවට ගොස් භාවනා කිරීම අනිවාර්යය අංගයක් විය.. පන්සිල් නොගෙන සිට අප්පච්චිගේ වේවැල් පහර කන්න වෙන නිසා කුඩා කල සිට සදුනිත්, අක්කාත්, අයියා සහ ගෙදර වැඩ කරන අයද එකතුව ගෙදර ඉදිරිපිට ඇති බුදුකුටිය අසල උදේ හවස බුදුන් වදිති..
සදුනි තම නවීණ කාරය අසලට පැමිණ දුරකථනය මගින් පරික්ෂා කර බැලුවේ වාහනයේ බැටරිය චාර්ජ් වී ඇත්දැයි කියාය.. එය සම්පුර්ණයෙන් චාර්වී ඇති නිසා බිත්තියේ ඇති සොකටයෙන් ප්ලගය ගලවා ඇය වාහනය පණගන්වා ගෙමිදුලෙන් මාර්ගයට හෙමීට රිය මෙහෙයවන අතරම මිසිස් ඩයස් සිටීදැයි විපරමින් බැලුවේය..
"අද නම් ඒ සක්කරවට්ටම පෙන්න නෑ.. පුදුමයි වෙනදට උඩ තට්ටුවට වෙලා පාර බලාගෙනමයි ඉන්නේ.." තමන්ටම කියමින් ඇය වාහනයේ GPS මගින් කැළණි පන්සල තෝරා ඉදිරියට ඇදුනි.
________________________________________________
අද කැළණියේ සෙනග අඩුයි.. පාකින් එකේ වාහනත් නෑ.. ගග පැත්තෙන් ගිහින් වාහනය චෛත්‍යය පේන දුරින් නවත්වා පසුම්බියේ ඇති මාරැ කාසි හා සියයයේ පන්සියයයේ කොල කිහිපයක්ද රැගෙන ඇය වාහනයෙන් බැස පන්සල දෙසට යාමට පය ඉස්සුවා පමණි.. "නෝනා අනේ නෝනා.." කියමින් කුඩා දැරියක් අත පායි.. වටිනා වාහනයකින් පැමිණ බැසීමටත් පෙර "කැළණි හිගන්නෝ" එය වට කරගන්නා එක සාමාන්‍යයෙන් සිදුවන්නක් බව දන්නා සදුනි ඉතාම පිළිකුලෙන් යුතුව අර හිගන්නන් හට අතේ ඇති මාරැ කාසි ලබා දුන්නේ ඇගේ ගෑවීමෙන් බෝවෙන රෝගයක් ඇති අයට යමක් දෙනවාක් මෙන් බව පිටත ඉද නිරීක්ෂණය කරන්නාවූ අයෙක්ට හොදින්ම පෙනේ..
ඉක්මන් ගමනින් මල් කඩ අසලට පැමිණි ඇය,
"නෙළුම් මල් කීයද??"
"100 ට දහයයි නෝනා.."
රැපියල් 100ක් දික් කර "ලොකු මල් වලින් දෙන්න" යැයි පවසා මල්ද රැ 20ක සුවද කූරැ පෙට්ටියක්ද රැගෙන පන්සල වෙත පිය නැගුවාය.
________________________________________________
වාහනයට නැගී ඇයට පන්සල අසල රෝදපුටුවක සිටින කෙනෙක් හිගන්න්ට කෑම හා තවත් පාර්සල් දෙනු පෙනින.. ඒ රෝදපුටුවේ සිටි කෙනා වැඩි වෙලාවක් නොයා ඇය හදුනා ගන්නා ලද අතර ඒ සිටියේ ඇය දැකීමට අප්‍රසන්නම "ඩයස් නෝනාය".
ඇය අර අපිරිසිදු ළමයින් වඩා ගන්නීය.. ඔවුන්ට කෑම කවන්නීය.. තවත් කිහිප දෙනෙක් ඇයට උදවු කරමින්ලගම සිටින අතර, සදුනිට මේ ගැන දැඩ කුතුහලයක් ඇතිවිය.
ඇය වාහනයෙන් බැස එතනට ගියේය..
"මේ අර ****** ගෙදර ඉන්න??"
"ඔව් දුව ඒ මම තමා, දුවවනම් මම හැමදාම දකිනව උදේට.."
"ඇන්ටි මේ මොකද කරන්නේ??"
"දුව මීට අවුරැදු 8කට කලින් ඇක්සිඩන්ට් එකක් වෙලා මගේ මහත්තයයි දුවයි දෙන්නම නැති උ⁣නා. ඒ ස්විට්සර්ලන්තයේදී.. මාත් මේ තත්ත්වයට පත් උනේ එදා තමා.. ඉතින් මම හැම මාසෙම කැළණියට ඇවිත් මේ අයට පිහිට වෙනව.. කිහිපදෙනෙකුට ගෙවලුත් හදල දුන්නා.."
"දුව කැමතිනම් යමුද මාත් එක්ක මෙයාල ඉන්න තැනට??"
මොනවා උනාද දන්නේ නෑ සදුනි ඩයස් ඇන්ටිත් සමග ඇගේ වාහනේට නැගලා එම ගමන යන්න පිටත් උනා..ඒ ඇයි කියලා අදටත් සදුනි දන්නේ නෑ.. මේ ගමන සදුනිගේ ජිවිතේ හැරවුම් ලක්ෂයක් වෙයි කියල ඇය හීනෙන්වත් සිතුවෙත් නෑ. 
ඩයස් ඇන්ටිට දැං වයස 60ක් පමණ ඇති අතර.. අම්මා ජීවත් වෙලා හිටියනම් ඇයත් මේ වයසේම නේද කියා සදුනිට සිතුනි.
"දුව මේ තමා එයාලා ඉන්න ගෙවල්"
කැළණි ගගත්, තවත් කුණු ඇලකුත් අතර ඇති පස් කණ්ඩියක ඉටිකොල පොල්අතු, කඩදාසි ආදියෙන්  ආවරණය කර ඇති ගෙවල් 10 ක් පමණ ඇත. ඒවා හරියට සදුනි කුඩා කල සෑදූ සෙල්ලම් ගෙවල් මෙන් විය..
එක නිවසක් තුල කුඩා දරැවෙකු බිමට දැමූ කාඩ්බෝඩ් කෑල්ලක් මත නිරැවතින් නිදා සිටියි. පෙනුමේ හැටියට මාස2 හෝ 3ක් වියයුතුය.. නමුත් හරියටම සිතාගත නොහැක.
තව කූඩාරමක වයසක සීයා කෙනෙක්..
ඩයස් ඇන්ටි⁣ව දුටු පොඩි ළමුන් හා වැඩිහිටියන් ඇයව වට කරගෙන ඇගෙන් තෑගි ගනී.. ඒ ඇස්වල ඇති සතුට සදුනිට හොදින් පෙනින.
මේවා දැකීමෙන් සදුනිගේ දෑස් තෙත්විය.. වාහනයට නැගි පසු ඇය ඩයස් ඇන්ටිට හේත්තුවී කොතරම් වෙලාවක් ඇඩුවේද යන්න ඇයට මතක නැත.
_______________________________________________
සති තුනකට පමණ පසු සදුනිත් ඩයස් ඇන්ටිත් දෙදෙන එක්වී කැළණි පන්සලේ හිගන අයට දානයක් ලබාදෙනවා දක්නට ලැබිනි..
සදුනි දැං වෙනස් පුද්ගලයෙක් වී ඇත. සෙල්ලම්මාට බනින්නේවත්,
හිගනන් පිළිකුල් කරන්නේවත් නැත..
ඇයට දැං අම්මා කෙනෙක් ඇත..
හිනාවක් නොදුටු ඒ අම්මාගේ මූනේ දැං හිනාවක් ඇදී ඇත..
උඩගුකම පසෙකලා සදුනි දැං පොලොවේ පය ගසා ජීවත් වීමට පුරැදුවී ඇත.
ඇය වෙනස් වූයේ ඇයි?? එම ප්‍රශ්නය පාඨක ඔබට ඉතිරි කර මම සමුගනිමි.. මෙය ප්‍රබන්ධයක් පමණි..

Comments

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....