බටු මෝජු සමග හෙල්මට් මාමා

ඔන්න අපේ අමද්‍යප සංගමයේ ගරැ අනුශාසක තැම්පත් අපගේ හෙල්මට් මාමා ගැන ලියන්නයි යන්නේ. මේ මාමා ගැන කිව්වොතින් ඇත්තටම මාමෙක්.. අපි අයියා කියල කිව්වට.. ඉතිං අපේ සංගමය පිහිටුවීමට ලොකු දායකත්වයක් ලබාදුන්න එතුමා⁣ව අමතක කරන්නේ කොහොමද??

මේ කතාව කියද්දි අපේ කැළුම් කොලුවා ගැන නොකියා බැරැවා.. මොකද කැළුම් කොලුවාගේ මගුලට ගිහින් තමයි මේ සිද්ධිය උනේ..

  අ⁣පේ කැලුමා ඉන්නවා නේද ඌ ඉතිං ගෙදරින් හොයලා දෙනකම් ආයේ කසාදයක් බැදගන්න හිතුවේම නෑ ඕං.. දඹුල්ල පැත්තේ කෙලි පැටික්කියක් මුට ගෙදරින් හොයාලා කාරිය දීලා ඔන්න මූව කසාද බන්දන දවසත් ආවා.. එදා ඉතිං මායි ඌයි නෑයෝ ටිකයි අපේ හෙල්මට් මාමා⁣ගේ ඒ දවස්වල තිබුන වෑන් එකේ නැගලා කසාද බන්දල දීලා ඇවිත් ඊට අවුරැද්දකට විතර පස්සේ කැළුමාගේ වෙඩිං එකටත් මමයි හෙල්මට් මාමායි, ඤාව්වයි යාලුවෙක්ගේ කාර් එකක් අරං ගියා ඔන්න.. පාන්දරම අපි කැවුමාත් දාගෙන කාර් එකේ ගියා ඕං.. 7ටත් කලින් අපි දඹුල්ලේ. නැකැත් තියෙන්නේ 10ට විතර හිංදා ජෝඩුව ප්‍රී ශූට් එකට ගියා කාර් එකේ කණ්ඩලම වැවට.

ඉතිං වැවට ගිහින් ජෝඩුව එනකම් අපි ඉතිං බඩගින්නේ ලකා ගගහ ඉන්නව.. ඤාව්වානේ කාර් එක අරංගියේ. මායි හෙල්මට් මාමයි දෙන්නා පුටුවකට වෙලා ඔහේ ඉද්දි මාමානම් කට කපල නිදි.. අපේ මාමාට නම් නිදා ගන්න ඕනම තැනක් ඔට්ටුයි.. ආයේ ප්ලාස්ටික් පුටුවක උනත් ගානට කකුලුත් උඩට අරං හොදට එලි වෙනකම් උනත් නිදා ගැනීමේ හැකියාවක් තියෙනවා..

 ජෝඩුව ඇවිත් නිසා අපි පාර පැත්තට ගියාම ඤාව්වා ඉන්නවා මූන ඤාව් කරං.. ගෑස් ඇවිස්සිලා.. ලග පාත කඩේකුත් නැති නිසා වටේ කැරකි කැරකි ඉද්දි ඒ හෝටල් එකේම තියෙන පේස්ට්‍රි ශොප් එක ඇරියා.. 9ට විතර.. ඒකේ හිටියා ටොයියා කෑල්ලක්.. ආයේ ඉතින් දීපිකා පදුකෝන් වාගේ නැති උනාට ටිකක් පිගර් එක ඒ වාගේ.. අපිත් බඩගින්න නිසා ඉස්සරලම තිබ්බ රෝල්ස් පිගාන කෂණිකවම ඉවර කලා.. ඊට පස්සේ ⁣ගෙනාව ඉදිආප්ප 50ක් විතරත් ඉවර කරා. ඔය ඔක්කොම කරන්න ගියේ විනාඩි 5යි. ඉතිං  අර කෙල්ලට හිතාගන්න බෑ අපි කාපු කෑමන ගැන. හරියට සෝමාලියානු කාරයෝ වගේ කෑවේ.. ඉතිං බිල මතක විදිහට 700ද්ද කොහෙද? නැකැත්වලට තව වෙලා තියෙන එකේ අර ගෑනු ලමයත් එක්ක මායි ඤාව්වයි පොඩි චැට් එකක් දාගෙන ඉද්දි ඔතනට ආවා අපේ හෙල්මට් මාමාත්.

ඉතිං නංගි ඔයා මෙහෙමද?? ඒ මගෙන් ආපු ප්‍රශ්නය..

ඔව් අයියා මම මේ එහා පැත්තේ. A/L ප්‍රතිඵල එනකම් මෙතන වැඩ.  අයියාලා කොහෙද?? 

අපි නංගි හිගුරක්ගොඩ ඒ ඤාව්වා..

ඇත්තද.. අපේ නැන්දම්මා ඉන්නවා මැදිරිගිරියේ.. 

ආහ් නැන්දම්මා කිව්වේ....

අපෝ නෑ අයියා අපේ තාත්තලාගේ අක්කා.. 

⁣මේ නංගි දවල්ටත් කෑම තියනවාද? ඒ හෙල්මට් මාමා..

දවල්ට ඉතිං රයිස් ඇන්ඩ් කරි තියෙනවා 

ආ නංගි මොනවාද කරි වර්ග තියෙන්නේ..??

වැව් මාලු තියෙනවා, චිකන් තියෙනවා, පරිප්පු තියෙනවා.. අල මැල්ලුමක්.. 

දැං කෙල්ල ඕනවාට එපාවට ⁣උත්තර දෙන්නේ.. අපිටත් මල හෙල්මට් මාමා එක්ක.. අපිට ටෝක් කරන්න නොදී පොර උදැල්ල දාපු එකට.. 

ඇයි නංගි අච්චාරු වර්ග එහෙම??

ආහ් බටු මෝජුත් තියෙනවා අංකල්.. මේ දවස් වල වෙඩිං නිසා ඒවාගෙන් ඉතිරිවෙනවානේ අංකල්.. 

මටයි ඤාව්වාටයි බකස් ගාලා හිනා ගියා.. හෙල්මට් මාමා හෙමීට මාරැ.. 

අපිත් හෙමීට හෝටලය පැත්තට ආවා.. නැත්නම් අපිට මොනවා කියයිද දන්නේ නෑනේ.. අනේ ඒ සීදේවි කෙල්ල අපි එද්දි හිනාවෙලා ගියා.. 

මාමාගේ බටුමෝජු කථාව මාමා ගෙදරට එන්නත් කලින් අපේ සංගමය දැනගෙන... මාමාගේ නැන්දත් දැනාගන. නැන්දා හොද නිසා මාමා බේරැනා.. 

හැබැයි ඉතිං මාමාට අපෙන් ගැලවුමක් ඇත්තේම නැති උනා.. විහිලුවක් දුරදිග ගිහින් ඤාව්වා වගේම දැං හෙල්මට් මාමාත් අපිත් එක්ක වැඩිය නෑ.. ඒ නිසා අමද්‍යප සංගමයත් විසුරුවා හැරියා.. 😂😂😂

ප.ලි. ⁣දුවලාට නංගි කියන්න ගිහින් වෙච්ච නවනිංගිරාව නිසා හෙල්මට් මාමාට උන්හිටි තැන් නැති උනේ ඈ

Comments

  1. තව පොඩ්ඩෙං හෙල්මට් මාමට වෙඩිමෙ අත හෝදන කෝප්පෙ හදන සුප් එක ගැනත් අහගන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. සිද්ධිය කියන්නේ නංගි නංගි කියද්දි මාමා කියලා කිව්ව එකයි..

      Delete
  2. මදෑ හෙල්මට් මාමා ඔයින් ගියා.

    ReplyDelete
  3. උඹලගෙ සංගමෙන්ම ගහපු යටිකූට්ටු වාදක ප්‍රතිපලය විදිහට තමයි ගින්න අවුලවල තියෙන්නෙ :)

    ReplyDelete

Post a Comment