ඊයේ සෑ තමා සෑ.....

 


ඊයේ හවස වැඩි ගානට ගත්තු බෝතලෙන් ටිකක් දාගෙන කාලා නාල⁣ එහෙම රෑ කීයටද මංදා නිදාගත්තා කියමුකෝ... ඕන්න කෝල් එකක් ආවා whatsapp එකට... මේ මහ රෑ මොන #%#%@$ කෝල් කරන්නේ කියලා බැලුවාම නමකුත් නෑ අංකෙකුත් නෑ.. ඕන #%@# ක් කියලා මමත් ආන්සර් කලා...

 

💀 හලෝ හලෝ මේ අර කැමරා ගහන මල්ලිද කථා කරන්නේ...  


🤨 ඔව් ඒ මල්ලි තමා කථා කරන්නේ කව්ද මේ???


💀 මල්ලි හදිසි වැඩක්.. හෙට හවස් වෙන්න කලින් කැමරා සිස්ටම් එකයි සිකුරිටි එලාර්ම් සිස්ටම් එහෙකුයි ගහගන්න ඕන..  කීයක් යයිද??


🤨 එහෙම එක පාරම ගනන් කියන්න බෑනේ අයියේ... තැන බලනන ඕන කැමරා ගාන බලන්න ඕන... අනික වයරිං දුර බලන්නත් ඕනනේ... මේ දවස්වල වයර් එහෙම 200% වඩා ගනන් ගිහින්නේ... හෙට උදේම එන්නම් බලන්න... අයියා කොහෙද?? ඇත්තටම අයියා කව්ද??


💀 හ: හ: හ: හා.... මාව අදුනන්නේ නෑ... ලගදිම මේ පැත්තේ එන්න ඉන්නේ නේද යාලුවෝ සෙට් එකත් එක්කම?? එහෙම එකේ මාව අදුනන්නේ නෑ.... 


😮 (කටහඩින් අදුනා ගන්න තෝ මහින්දද?? සජිත්ද??) ඇත්තටම මීටර් නෑ අයියණ්ඩි... 🤨🤨🤨


💀 හෙහ් හෙහ් මම මහරජ.......................


🤨 මහරජ මංගලද😁😁? ආනේ නිකං පල යන්න.. ...


💀 නෑ නෑ මල්ලි මහ රජ නෙවේ මම #යමරජ.....


😮 හුටා... සිරාවටමද??? 


💀 නෑ ධමනියට..... යකෝ යමරජ වෙලත් උඹලට පදිරි වෙන්න උනානේ...

🤨 පස්වාන්දහසකට සමාවෙන්න රජතුමණි  මේ ගැත්තාට... 


💀 හා හා කාරි නෑ... මගේ අලුත් කැමරා ටික ගහලා දෙනවද මල්ලි... ඔයිට කලින් ලංකාවේ ඉදලා ජපන් කැමරා ගහපු පොරවල් කිහිපයක්ම කැමරා ගැහුවා  මල්ලි... බලද්දි මුං අපායට ඇවිත් තියෙන්නේ හොරට සිටිකර් ප්‍රින්ට් කරපු නිසා... 


🤨 රජතුමණි මම කොහොමද එන්නේ ඔහෙට..  තාම 30 පැන්නෙත් නෑ.... අනික සයිනෆාම් ඉන්ජෙක්ෂන් දෙකම ගහලත් තියෙන්නේ....😵😵😵 අනික තව ළමයෙක් දෙන්නෙක් හදන්නත් ඕන... 


💀 ඉන්න එන්න කිවිවේ නෑනේ බෙල මම ඇවිත් වැඩේ කරලා පල... 


🤨 එහෙමයි එහෙමයි....


💀ලිංක් එකක් එවලා ඇති ආන්න ඒක කිලික් කරාං.... කෙලින්ම අපායේ..... 


   මේ දවස්වල ලිංක්  වලට යන්නත් බයයි නේ පොලිසියෙන් අල්ලන් යනවනේ අර තුඩාවේ ලිංක් එක බලපු අයව ඒක නිසා අර ඉකනොබ් මොකක්ද එක දාගෙන vpn on කරගෙන ලිංකුව ඕපන් කලා විතරයි... මේං තප්පරෙන් මම අපායේ චයිනා ටවුන් එකේ... බලද්දි vpn එක චයිනා😁😁 කොටට ඇදගත්තු චයිනා කෑලි හැමතැනම... අපරාදේ කැළුම් මධුශංකවත් එක්කන් එන්න තිබුනේ.... ඌට චයිනා කියන්නේ දිව්‍යලෝකයක්... චයිනා ටවුන් එකේ එක තැනක වයරිං ටේප් වලින් මාලිගාවක් තිබ්බා..  ශුවර් එකට උට හදලා තියෙන්නේ..  


 මෙන්න අහිංසක නංගිලා දෙන්නෙක් හෙල්ල දෙකක් අරං ලගට ඇවිත් අර දෙවෙනි ඉනිමේ නංගි වාගේ ටකරං කටහඩින් යමන් ලොක්ක අන්න කථා කරනවා කියලා මාව චයිනා ටවුම මැදින් විලක් මැද තියෙන මාලිගාවකට එක්කන් ගියා... විල වටේටම ස එද්දි වගේ එක එක ආයුධ අරං මරුමුස් පෙනුම තියෙන පොරවල් රැකවල් දාලා... අධි ආරක්ෂක කලාපයක් වාගේ...


යම රජු ඉතිං මාලිගාව වටේම පෙන්නන්ඩ එක්කගෙන යන්න අර චයිනීස් නංගිල⁣ දෙන්නාට කියලා... ඇතුලට යන එලියට එන තැන් ඔක්කොම පෙන්නුවා ඉතිං... (ඔය ඉතිං බෑනේ උඹලාගේ වල් හිත) තැන් ටිකත් බලාගෙන අපේ නෙළුම් කුළුණ වගේ එකකුත් පහු කරගෙන ඕන්න යමරජු ඉන්න කාමරේට ගියා... 


💀 මල්ලි ඇයි නිකං... මම දන්නවා හිතනදේ... යම රජා වෙලත් ඉන්න තැන හැටි කියලා නේද?? නෑ මල්ලි පවුල මහගෙදර ගියා ඒකයි... දන්නැද්ද එතකොටනේ අපිට සොමියක් ගන්න පුලුවන්....


😁(යමරජ උනත් වෙනසක් නෑ පවුලට බයයි) දේවයන් වහන්ස නෑ අවුලක් නෑ... අපේ රටේ අග නගරෙට වඩා මෙතන හොදා...


💀අපෝ මල්ලි ඒ අපායට මේ අපාය සමාන කරන්න එපා මල්ලි... 


🤨 දේවයන් වහන්ස ඇයිමේ රැකවල් මේ තරම්... 


💀 මල්ලි දැං මේ යන විදිහට ලංකාවේ ලක්ෂ ගානක් එන්න ඉන්නවා මෙහෙට... ඒ ගොඩේ දේශපාලනය කරන අයත් ඉන්නවානේ... ආන්න උන් ආවොත් මගේ පුටුවත් චීනෙට උගස් කරලා සල්ලි ගනිය් මල්ලි...

🤨 ඈ.........

💀 ආන්න ඒක නිසා තමා මම මේ කැමරා හයිකරලා යම සිකුරිටි සර්විස් එකකුත් මොනිටර් කරන්න දාන්න ඉන්නේ... ලගදිම ලොකු කකුලක් එන්න ඉන්නවා.. ඇවිත් ⁣පපුවට ගහගෙන මාවත්  එලවයි කියලා බයයි මල්ලි..

🤨 හම්මට එහෙමද?? මේ අර අපේ ගායකයෙක් ආවා එයා මෙහෙද?? 

💀 කොහෙද මල්ලි මගදිම එක්කන් ගියා දිව්‍යලෝකෙට මියුසිකල් එහෙකට... කලින් ආපු නළුවොත් මගදිම මොගා එහෙකට උඩට එක්කන් ගියානේ... ආසාවට සෙල්පියක් ගන්නවත් නෑනේ...

🤨 එතකොට අර දේශපාලනය කරපු ඈයෝ...?

💀 අර මල්ලි ඈත පේන අසූචි වලේ පණුවෝ වෙලා ඉන්නේ උනුයි අමාත්‍යාංශ ලේඛම්ලයි තමා... 

මල්ලි මල්ලිගේ යාලුවයි මල්ලියි ඉක්මනටම ඇවිත් වැඩේ කරන්න... ගාන කීය උනත් ඩොලර් වලින්ම දෙන්නම්. ආ මල්ලි එලියේ කාටවත් කියන්න එ⁣පා හොදේ නැත්නම් අපෙනුත් ස රුයි ගෝලයොයි ණය ඉල්ලයි... 😁


😁එහෙමයි දේවයන්...............( චටාස්) ... (පටාස්)


👩කව්ද දේවානි.... ?? හීනෙන් කී සැරයක් දැං ඒ නම කිව්වද කව්ද කියනවා දේවානි???? කව්ද???


🤨 ආ නෝනේ... නෑ නෑ අර ඔක්ෂිජන් කේෂ් එකේ දේවානි, අර ගහ කපන්න එපා කිව්වේ... මම මේ මාධ්‍ය සාකච්ඡාක හිටියේ... 


👩 ආ ඒක මිසක්... අහු වෙනවාකෝ මට.....


යමරජත් පවුලට බය එකේ අපි මොක්කුද?? එහෙම කියලා නිදා ගන්න හැදුවට මොකෝ හක්කේ දතක් රිදෙන්න ගත්තානේ... ඇයි කියලා හිතා ගන්න බෑ... ආයේ බොන්නේ බාර් ඇරපුවාම තමා.. මේ මගුල් කලවන් කරලා... 😵😵😵😵


ප.ලි. 

පොටෝ එක දැම්මේ නැත්තම් මේක කියවයි කියලා තමා බය......

Comments

  1. //ලගදිම ලොකු කකුලක් එන්න ඉන්නවා.. //

    කිව්වද හැබෑටම යමරජු එහෙම දෙයක්
    හැදේවා එයා එක්කම ලොකු පොකුරක්
    නරකයි පතන එක වෙනු කියලා විපතක්
    නරකත් හොඳයි රටටම වෙයි නම් සැපතක්!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

ඓතිහාසික සෝමාවතී රජමහා විහාරය - පොලොන්නරුව