Posts

Showing posts from November, 2018

උදව්වට ප්‍රති උපකාරය

Image
  ඔන්න ඉතිං මාසයකට වඩා වැඩි කාලයක් මේක පැත්තේ එන්න බැරි උනානේ. පදිංචිය වෙනස් කරපු නිසා ඉතිං ටිකක් බිසී උනා. අද උදේම වැස්ස නිසා කම්මැලිකමේ ඉද්දි හිතුනා මේකට පොඩ්ඩක් ගොඩ වෙලා යන්න ඕන කියලා. මේ කතාව සිද්ධ වෙලා තියෙන්නේ 70ව දශකයේ විතර. අපේ ගම් පලාතේ දැනටත් ජීවත් වෙන අංකල්ලා දෙන්නෙක් අතර උන සිද්ධියක්. ඒ නිසා නම් ගම් නම් දාන්නේ නෑ.   මේක කියද්දි අපි චරිත දෙක හදුනාගෙන ඉන්න ඕනනේ. ඒක්කෙනෙක් අපි උපාලි  අයියා කියලා හදුන්වමුකෝ. මේ උපාලි අයියා  හොද බිස්නස් කාරයෙක්. සල්ලිය බාගේ එහෙම තිබුණා. වාහන දෙක තුනක් එහෙමත් තිබුණා. ඔය උපාලි අයියට හිටියා අතිජාත  මිතුරෙක් රෝහණ කියලා . රෝහණගේ තාත්තට ටවුන් එකේ කඩ කිහිපයක් තිබුනාට එහෙමට සල්ලියක් එහෙම තිබුනේ නෑ. ඔන්න දවසක් රෝහණ අයියා තාත්තට වලි දාලා කඩයක් ඉල්ලාගෙන බිස්නස් එකක් පටන් ගන්න ලැහැස්ති උනා. ඉතින් අපේ උපාලි අයියා දන්නවා මූ ලොකුවට ටෝක් දුන්නට මුගේ අතේ සතේ නෑ කියලා. හැබැයි රෝහණට හොදට බිස්නස් කරන්න පුලුවන් බවත් දැනගෙන හිටිය උපාලි අයියා රෝහණට රැපියල් ලක්ෂ 3ක් දුන්නා බිස්නස් එක කරගෙන පලයන් කියලා. ඒ කාලේ ලක්ෂ 3 කියන්නේ අද ලක්ෂ 20 ක විතර දේවල් කර ගන්න පුලුවන