වෙනස්ම කථාවක්
""මම ඉතිං ලිවීමට අලුත්නේ. අද පොඩි කෙටි කථාවක් ලියන්ඩ කියල.. ගුන දොස් තිබේනම් පහලින් කමන්ට් කරන්න. ඔයාලගේ සහය මහමෙරක් තරම් මට.""" ======================================= සදුනි කොට්ටය අසල ඇති i phone එක අතට අරං වෙලාව බලද්දියි දැක්කේ උදේ 9ත් පහුවෙලා කියල.. වෙනදාට නම් උදේම ඇහැරිලා ස්කීම් එකේ පාර දිගේ හරි, හිතුනොත් දියතට හරි ගිහින් ලැසීවත් අරං ජොගින් යනවනේ පැයක් දෙකක්.. ඔය යද්දි ඉතිං අර සක්කරවට්ටම මිසිස් ඩයස්ගේ මූණ නිකම් ඇද වෙලා රවල බලන විදිහ මතක් වෙලා සදුනිට ඇදේදිම හිනා ගියා.. මිසිස් ඩයස් ඉන්නේ සදුනිගේ ගෙදරට ගෙවල් 3කට එහා.. ස්කීම් එකේ පරණම පදිංචි කාරියක්.. කිසිම හැඩයක් නැති පිටි ගෝනියක් වගේ මහත මිසිස් ඩයස් හැඩට ඉන්න තමන්ට ඊර්ෂ්‍යා කරනව කියලයි සදුනිට නිතරම හිතුනේ.. ඇයි කොයිවෙලාවේ දැක්කත් රවලා බලන ඒ මූනේ සදුනි කිසිම දවසක හිනාවක් දැකලම නෑ.. සදුනිගේ කල්පනා ලෝකය බිදිමින් දුරකථනය නාද වන්නට විය.. "Hello Mom Good Morning" "ශෙනාල් Good Morning My darling, කොහොමද ඔහේ??" "මෙහේ ගොඩාක් සීතලයි මමී.. ඊයේ දවසම හිම වැටුනා.. මායි ඩැඩියි ඇදට වෙල...