Posts

Showing posts from 2019

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

Image
ටොරොන්ටෝ නුවර උසාවි කාමරයේ නිශ්ශබ්ද තාවය බිඳගෙන මහා හඬින් ජංගම දුරකථනයක් නාද උනා. වම් පැත්තේ ආසන පෙළේ වාඩි වෙලා හිටපු මැදිවිය ඉක්මවූ කාන්තාවක් කලබලයෙන් ඇගේ අත්බෑගයට අත පොවනවා. "ප්ලීස් ස්විච් ඕෆ් ඕල් යුව ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් වයිල් කෝට් ඉස් ඉන් සෙෂන්" කියලා උසාවි ලිපිකරු කෑගැහුවා. විනිශ්චයකරු ඔලුව උස්සලා වත් බැලුවේ නෑ. කටයුතු සාමාන්‍ය විදියටම සිදු වෙනවා. පැය භාගයකින් විතර ඒ විදිහටම ආපහු දුරකථන නාදයක් ඇහුණා. අර කාන්තාවම කලබලයෙන් ආපහු බෑග් එකට අත දානවා පෙනුනා. තව විනාඩි දහයකින් විතර ඒ දේම ආපහු වුනා. "පව් මේ මනුස්සයා ෆෝන් එක සයිලන්ට් දාන විදිහ දන්නේ නැහැ" මට හිතුනා. මට ඉස්සරහ පේලියේ වාඩි වෙලා හිටියේ අවුරුදු 25ක විතර තරුණයෙක්. කොට කලිසමක් සහ ටෑන්ක් ටොප් එකක් ඇඳලා හිටපු ඔහුගේ ඇඟේ කොච්චර පච්ච කොටලා තිබුණාද කිව්වොත් තව එක පච්චයක්වත් කොටන්න ඉඩ තිබුනේ නෑ කියලා මට හිතුනා. ඔහු තැනින් තැන කරාබු දහයක් පහළොවක් ම එල්ලගෙන තිබුණා. ටික වෙලාවකින් ඔහුගේ නම කියල කතා කරහම ඔහු ගිහිල්ල ඉස්සරහ හිටගත්තා. විනිශ්චයකරු ඔහුට යම් දෙයක් විස්තර කරලා, නඩු විභාගයට දවසක් නියම කරලා එදාට උසාවියේ ප

බීම හා පොලිසිය.. 1 😂😂

Image
මාතෘකාව කියවද්දිම නිකං හි⁣තුනද මුං මහ බේබද්දෝ කියලා.. නෑ.. බේ බද්දෝ කියන්නේ දවස ගානේ අන්දෝ සංසාරයක් නැතිව පොලුපාරක් හරි වදිනවනම් ගහන අය කියලා පුරාණ ඍෂිවරයෙක් පොල් කොලේකද කොහෙද ලියලා තිබ්බා කියලා අපේ හෙල්මට් මාමා ⁣ඒ දවස්වල බොන වෙලාවක කිව්වා කියලා යාන්තමට මීටර් වෙනවා.. වැල් වටාරම් නිකම් වැඩිද මංදා.. ඒ හින්දා කථාවට බහිමුකෝ..   මාස ගානකින් මොනවත් බොලොග් පොජ්ජේ කොටන්න බැරි උනේ එක එක වැඩ රාජකාරී නිසාම නමි කියලා මුසාවාදා දොඩන්ඩ බෑ.. කම්මැලිකමත් තිබුනා ආයුබෝවන්ඩ.. මේ ඊයේ පෙරේදා කණ්ඩයියා මරණ තර්ජන කොරන තැනටම ආව ඕං කොටන්ඩ කියාලා.. එහෙනම් ඕං මහා බේබදු අලංකාරයේ නෙකී කථාවක් ලියන්ඩ තමා යන්නේ...    මේ සිද්ධිය වෙනකොට මංතුමා කොලොම්තොට අර හොනරබල්ලා ඉන්න පැත්තේ ඇනෙක්ෂ් එකක් අරං ගෙදර උන්දෑ සමග දැහෙමෙන් සෙමෙන් ඉද හිටලා ත්‍රීවීලර් හයර් එකක් දුවාන හිටපු කාලේනොවැ..ඉතිං මම කොලොම්තොට ඉද්දි මගේ අතිපජාත පාප මිත්‍ර කුකුල්තොමෝටත් එදාවේල සරි කොර ගන්න විදිහක් නැතුව ඔය තලවතුගොඩ පැත්තේ තියෙන අර යොහෝවාද කාගෙද පල්ලියක අලුතින් හදන බිල්ඩිං එහෙක පොටි බාස් කෙනෙක් විදිහට වැඩට ආවා.. ඉතිං මාත් මාස ගානකින් කුකුල්තොමෝ බැහ

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

Image
මෙම ලිපිය සකස් කිරීමට මාගේ ආදරණීය බිරින්දෑගේ ආයුර්වේද දැනුම මෙන්ම ජයන්තිපුර තඹලවැව ග්‍රාමයේ පදිංචි අබේරත්න බංඩා සර්ප විෂ වෙද මහතාගේද නෙමදව සහයක් ලැබනු බව ඉතාමත් කෘතගුණ පූර්වකව මතක් කර සිටින්නෙමි. ශ්‍රී ලංකාවේ වෙදකම ගැන කතා කරන කල්හි රාවණ රජ කාලය ගැන කතා කල යුතුමය. රාවණ රජු සකල ශිල්පයන් හී දක්ෂ කම් දැක් වූ රජ කෙනෙක් නිසා ඔහු සතුව ⁣⁣⁣ඖෂධ පිලිබදවද ඉතාමත් හොද දැනුමක් තිබී ඇති බවට සැකයක් නොමැත. සමහර ඉතිහාසඥයන් අනුමාන කරන ආකාරයට හිමාලයේ ඍෂිවරුන්ගෙන් ආරම්භ උනා යැයි පවසන ආයුර්වේද වෙදකමට මුල් උනේද රාවණා මහරජුගේ ⁣දැනුමයි. තවද ආයුර්වේදයේ පැරණි පොත්පත්වල සදහන් ආකාරයට රාවණා රජු විසින් ⁣වෙද්‍යක්‍රම පිළිබදව පොත් කිහිපයක් රචනා කර ඇත. ඒවා නම්, *කුමාර තන්ත්‍රය *අර්ක තන්ත්‍රය *නාඩි ප්‍රකාශය *උඩිස් තන්ත්‍රය මෙම ග්‍රන්ථ තුලින් විශාල දැනුම් සම්භාරයක් ලබා දී ඇත. පසු කාලීනව විජය කුමාරයා ලංකාවට පැමනීමට පසුව ලංකාවේ රාජ්‍යය පාලනය, ආර්ථිකය, වෙදකම ගැන සදහන් උවද ඊට පෙර ඉතිහාසය පිළිබදව පැහැදිලි සදහනක් සොයාගත නොහැක. නමුදු විජය කුමරැ ලංකාවට පැමිනීමට පෙර සිටද ලංකාවතුල විශිෂ්ට වෛද්‍ය ක්‍රමයන් පැවැත ඇතුවාට සැකය

නින්ද සහ හෙල්මට් මාමා

අපේ මයිනයියා අටම්පහිය ගෘෘප් එකට දාලා තිබ්බ නින්ද ගැන පෝස්ට් එක දැක්කාම මතක් උනේ අපේ යන යන තැන නිදා ගන්නා කොකා ගැනයි හෙල්මට් මාමා ගැනයි ටිකක් ලියන්න කියලා හිතුණා.. බොලොග් එක කියවපු අයට හෙල්මට් මාමා ගැන අමුතුවෙන් හදුන්වලා දෙන්න ඔන නැති උනාට අලුතින් බලන කෙනෙක්ට දැන ගන්න පොඩි හැදින්වීමක් කලා නම් හොදයි කියලා හිතුණා... අපේ ජාත්‍යන්තර අමද්‍යප සංගමයේ ගරැ  උපදේශකතුමන් විදිහට ඒ කාලේ වැඩ කරපු එතුමා පට්ටම චරිතයකි.. කපටි කමේ පිකාසෝ කියලා හිතාන හිටියට අපි සතා අදුනගෙන අතේ දුරින් තමා දැං ආශ්‍රය.. (කලින් ආශ්‍රය කරලා කෙලව ගත්තා හොදම එකෙන්) හා හා වැඩි කතා ඔන නෑ ඔන්න කතාව.. ඉස්සරලම හෙල්මට් මාමාගේ නින්ද ගැන දැක්කේ මළගෙදරක ගියා අපි. අපි ඕමියක් ගහ ගහ ගජබින්නඅලංකාරය දිගෑරගෙන ඉද්දි මොන නින්දක්ද ආයේ.. මළ ගෙවල් වල තියන යකඩ පුටුව ගැන දන්නවානේ ඇදි නැති අකුලන පුටු. අපි ඉතිං බලද්දි හෙල්මට් මාමා කකුල් දෙකත් උඩට අරං අර පුටුවේ සැපට නිදි. ආයේ බෝම්බයක් ගැහුවත් පොර නෙවෙයි ඇහැරලා බලන්නේ.. ඊලගට අපේ කැළුමාගේ වෙඩිමට ගිහින් පොර සැටියේ වාඩි උනා විතරයි මෙන්න කටත් ඇරගෙන නිදි... කැළුම ගැන කියද්දි ඌට බයික් එකේ යද්දිත් නිදිමත එනවා

ගිලිහී යන මනුස්සකම....සහ නින්ජා ගේම...

(ටිකක් දිග උනාට කියවලා බලන්න අපිව කොයිතරම් දුරට මිනිසුන් අන්දවනවද කියලා?)    මෑතකදී ශ්‍රීලංකාවාසීන්ගේ නෙතට කඳුලක් මතුකරලීමට සමත් වූ විශේශ පුවතක් සමාජ ජාලා වෙබ් අඩවි සහ රූපවාහිනී නාලිකාවලින් දකින්නට ලැබින... එනම් මුද්‍රනාලයක සේවය කල සේවකයෙකුගේ අත කෝටිගනනක් වටිනා මැශිමක සිරවී ඇති අතර සේවකයාගේ අතට සිදුවූ හානිය අවම කරලීමට එම මුද්‍රනාල හිමිකරු මැශිම කපා අත බේරාගැනීමට කටයුතු කල සිදුවීමය... ඇත්ත වශයෙන්ම අප ශ්‍රීලාංකිකයන් වශයෙන් එම සිදුවීම අගය කල යුතුය... මක් නිසාද යත් මනුස්සකමට හොඳම උදාහරන තවමත් ලාංකිකයන් වූ අප අතර පැවතීමය... එය එසේ නොවිය යුතුයි යන්න කිසිවෙකුට හැඟේනම් එය වෙනත් ගැටළුකාරී තත්වයක් විය හැකිය... කෙසේ වුවද මෙම සිදුවීමේ වීඩියෝ පටයක් නැවත වාරයක් දකින්නට ලැබීම නිසා මා සිත තුල කිහිප විටක්ම හොල්මන් කරමින් තිබූ එක්තරා දසුනක් සිහියට නැගෙන්නට විය...      දිනක් සවස් කාලයේ මාගේ අවශ්‍යතාවයක් සඳහා වාහනයේ නැගී පිටත් වන විට දුටු එක් දසුනක් මාගේ සිත සසල කරන්නට සමත් විය... එනම් රියාද් නගරයේ එක් වටරවුමක් අසල වාහනයක් අනතුරට ලක් වී තිබෙන ආකාරයයි... මොනයම් සිදුවීමක් හෝ නිසා සිදුවූ එම අනතුරින් ඇසන්ට