නින්ද සහ හෙල්මට් මාමා

අපේ මයිනයියා අටම්පහිය ගෘෘප් එකට දාලා තිබ්බ නින්ද ගැන පෝස්ට් එක දැක්කාම මතක් උනේ අපේ යන යන තැන නිදා ගන්නා කොකා ගැනයි හෙල්මට් මාමා ගැනයි ටිකක් ලියන්න කියලා හිතුණා.. බොලොග් එක කියවපු අයට හෙල්මට් මාමා ගැන අමුතුවෙන් හදුන්වලා දෙන්න ඔන නැති උනාට අලුතින් බලන කෙනෙක්ට දැන ගන්න පොඩි හැදින්වීමක් කලා නම් හොදයි කියලා හිතුණා...

අපේ ජාත්‍යන්තර අමද්‍යප සංගමයේ ගරැ  උපදේශකතුමන් විදිහට ඒ කාලේ වැඩ කරපු එතුමා පට්ටම චරිතයකි.. කපටි කමේ පිකාසෝ කියලා හිතාන හිටියට අපි සතා අදුනගෙන අතේ දුරින් තමා දැං ආශ්‍රය.. (කලින් ආශ්‍රය කරලා කෙලව ගත්තා හොදම එකෙන්) හා හා වැඩි කතා ඔන නෑ ඔන්න කතාව..

ඉස්සරලම හෙල්මට් මාමාගේ නින්ද ගැන දැක්කේ මළගෙදරක ගියා අපි. අපි ඕමියක් ගහ ගහ ගජබින්නඅලංකාරය දිගෑරගෙන ඉද්දි මොන නින්දක්ද ආයේ.. මළ ගෙවල් වල තියන යකඩ පුටුව ගැන දන්නවානේ ඇදි නැති අකුලන පුටු. අපි ඉතිං බලද්දි හෙල්මට් මාමා කකුල් දෙකත් උඩට අරං අර පුටුවේ සැපට නිදි. ආයේ බෝම්බයක් ගැහුවත් පොර නෙවෙයි ඇහැරලා බලන්නේ.. ඊලගට අපේ කැළුමාගේ වෙඩිමට ගිහින් පොර සැටියේ වාඩි උනා විතරයි මෙන්න කටත් ඇරගෙන නිදි... කැළුම ගැන කියද්දි ඌට බයික් එකේ යද්දිත් නිදිමත එනවා. ඔන්න පෙරේදා මූ දඹුල්ලේ ⁣ගෙදර ඉදන් මාළඹේ වැඩකට එනවා කිව්වා.. බයික් එකේ. මගදිගට තැන තැන නිදාගෙන ඇවිත් සයිට් එකෙත් නිදි.  ඊයේ ගිය එකාගෙන් තාම ආරංචියක් නෑ.. ඕකා තාම නිදි ඇති..

තවත් අතිජාත මිත්‍රයෙක් ඉන්නවා කොකා කියලා.. උට නිදාගන්න දෙකේ දෙකේ පරාලයක් හරි තිබ්බනම් ඇති.... නින්ද ගැන කියනවනම් මට රෑට නිදා ගන්නවා කියන්නේ ඉතිං පට්ටම අවුල් වැඩක්. හැබැයි උදේට නැගිටිනවා කියන්නේ ⁣කරන්න අමාරැ වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්..

Comments

  1. නින්ද හොඳටම විඳින්න පුලුවන් තනිකඩ කාලෙ තමා ඉතිං. එක කාලයක් තිබුණා මම රෑ දහයට විතර පටං ගන්නවා ඒජ් ඔෆ් එම්පයර්ස් ගේම් එක. ඒක පාන්දර තුනට විතර නවත්තලා නිදාගන්නවා. ආයෙ පහට ඇහැරලා වැඩට එන්න ලෑස්ති වෙනව... ඒ කාලෙ ආයෙ එන්නෙ නැ මයෙ හිතේ පැන්ෂන් යනකම්ම...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....