Posts

Showing posts from March, 2019

නින්ද සහ හෙල්මට් මාමා

අපේ මයිනයියා අටම්පහිය ගෘෘප් එකට දාලා තිබ්බ නින්ද ගැන පෝස්ට් එක දැක්කාම මතක් උනේ අපේ යන යන තැන නිදා ගන්නා කොකා ගැනයි හෙල්මට් මාමා ගැනයි ටිකක් ලියන්න කියලා හිතුණා.. බොලොග් එක කියවපු අයට හෙල්මට් මාමා ගැන අමුතුවෙන් හදුන්වලා දෙන්න ඔන නැති උනාට අලුතින් බලන කෙනෙක්ට දැන ගන්න පොඩි හැදින්වීමක් කලා නම් හොදයි කියලා හිතුණා... අපේ ජාත්‍යන්තර අමද්‍යප සංගමයේ ගරැ  උපදේශකතුමන් විදිහට ඒ කාලේ වැඩ කරපු එතුමා පට්ටම චරිතයකි.. කපටි කමේ පිකාසෝ කියලා හිතාන හිටියට අපි සතා අදුනගෙන අතේ දුරින් තමා දැං ආශ්‍රය.. (කලින් ආශ්‍රය කරලා කෙලව ගත්තා හොදම එකෙන්) හා හා වැඩි කතා ඔන නෑ ඔන්න කතාව.. ඉස්සරලම හෙල්මට් මාමාගේ නින්ද ගැන දැක්කේ මළගෙදරක ගියා අපි. අපි ඕමියක් ගහ ගහ ගජබින්නඅලංකාරය දිගෑරගෙන ඉද්දි මොන නින්දක්ද ආයේ.. මළ ගෙවල් වල තියන යකඩ පුටුව ගැන දන්නවානේ ඇදි නැති අකුලන පුටු. අපි ඉතිං බලද්දි හෙල්මට් මාමා කකුල් දෙකත් උඩට අරං අර පුටුවේ සැපට නිදි. ආයේ බෝම්බයක් ගැහුවත් පොර නෙවෙයි ඇහැරලා බලන්නේ.. ඊලගට අපේ කැළුමාගේ වෙඩිමට ගිහින් පොර සැටියේ වාඩි උනා විතරයි මෙන්න කටත් ඇරගෙන නිදි... කැළුම ගැන කියද්දි ඌට බයික් එකේ යද්දිත් නිදිමත එනවා