Posts

Showing posts from 2018

උදව්වට ප්‍රති උපකාරය

Image
  ඔන්න ඉතිං මාසයකට වඩා වැඩි කාලයක් මේක පැත්තේ එන්න බැරි උනානේ. පදිංචිය වෙනස් කරපු නිසා ඉතිං ටිකක් බිසී උනා. අද උදේම වැස්ස නිසා කම්මැලිකමේ ඉද්දි හිතුනා මේකට පොඩ්ඩක් ගොඩ වෙලා යන්න ඕන කියලා. මේ කතාව සිද්ධ වෙලා තියෙන්නේ 70ව දශකයේ විතර. අපේ ගම් පලාතේ දැනටත් ජීවත් වෙන අංකල්ලා දෙන්නෙක් අතර උන සිද්ධියක්. ඒ නිසා නම් ගම් නම් දාන්නේ නෑ.   මේක කියද්දි අපි චරිත දෙක හදුනාගෙන ඉන්න ඕනනේ. ඒක්කෙනෙක් අපි උපාලි  අයියා කියලා හදුන්වමුකෝ. මේ උපාලි අයියා  හොද බිස්නස් කාරයෙක්. සල්ලිය බාගේ එහෙම තිබුණා. වාහන දෙක තුනක් එහෙමත් තිබුණා. ඔය උපාලි අයියට හිටියා අතිජාත  මිතුරෙක් රෝහණ කියලා . රෝහණගේ තාත්තට ටවුන් එකේ කඩ කිහිපයක් තිබුනාට එහෙමට සල්ලියක් එහෙම තිබුනේ නෑ. ඔන්න දවසක් රෝහණ අයියා තාත්තට වලි දාලා කඩයක් ඉල්ලාගෙන බිස්නස් එකක් පටන් ගන්න ලැහැස්ති උනා. ඉතින් අපේ උපාලි අයියා දන්නවා මූ ලොකුවට ටෝක් දුන්නට මුගේ අතේ සතේ නෑ කියලා. හැබැයි රෝහණට හොදට බිස්නස් කරන්න පුලුවන් බවත් දැනගෙන හිටිය උපාලි අයියා රෝහණට රැපියල් ලක්ෂ 3ක් දුන්නා බිස්නස් එක කරගෙන පලයන් කියලා. ඒ කාලේ ලක්ෂ 3 කියන්නේ අද ලක්ෂ 20 ක විතර දේවල් කර ගන්න පුලුවන

මලගෙවල් ආතල්........ 😁😁

Image
ඔන්න ටික දවසක් වැඩ වැඩි නිසා මොනවත් ලියන්න බැරි උනානේ.  උණු උණු කථාවක් නෙවෙයි කථා කිහිපයක් තියෙනවා ලියන්න අද. අපේ කැළුම් කොලුවා මීගමුව පැත්තේ සයිට් එකක වැඩ කරන ගමන් අකුණු සන්නායකයක්, සිංහලෙන් කියනවානම් ලයිටින් ඇරස්ටර් එකක් සවි කරන්න බාරගෙන තියෙනව.  ඉතිං මටත් කථා කලා ඉල ඇදෙන වැඩක් නිසා.. මමත් ඉතිං ත්‍රීරෝදයත් අරං ඔන්න අාවා කියන්නකෝ.. ඇවිත් ඉතිං අඩි 50 විතර උස බිත්තිය දිගේ තඹ පටිය ගහලා ⁣අද ටිකක් විතර ප්‍රී එකේ ඉද්දි තමා හිතුනේ මේකට මොනවා හරි ලියන්න. මේ දවස් ටිකේම උන සිද්ධි.. මෙහේ ගෙදර වැඩට ඉන්නවා මාමා කෙනෙක් ඇග කවුරැ හරි ඇල්ලුවාම කුණුහරුපයක් කියවෙන.. පොර මෙනවා හරි වැඩක් කර කර ඉද්දි කවුරැ හරි ඇගට අත තියලා කථා කරෝතින් කියන්නේ මුලින් අර කුණුහරුපය කියලා.  විටකට පුවක් කප කප ඉද්දි අපි ඇගට අත තිබ්බොත් "&*තක් කපනවා කෑලි කෑලි වලට" ආයේ ගෙදර අයිති බොස් දවසක් පොරට තට්ටුවක් දාලා මෙහෙම කියලා, "ප්‍රේමසිරි අර කරද ගහේ අත්ත කපලා දාන්න" "&*ත්ක් කපන්න??" "නෑ නෑ ඒක නෙවෙයි අත්ත කපන්න".. ඉතිං ඔය වගේ සීන් ගොඩක් වෙලා.. දැං ඔය කථාව කිව්වේ මෙහේ ඉන්න අපේ අතිජ

බටු මෝජු සමග හෙල්මට් මාමා

Image
ඔන්න අපේ අමද්‍යප සංගමයේ ගරැ අනුශාසක තැම්පත් අපගේ හෙල්මට් මාමා ගැන ලියන්නයි යන්නේ. මේ මාමා ගැන කිව්වොතින් ඇත්තටම මාමෙක්.. අපි අයියා කියල කිව්වට.. ඉතිං අපේ සංගමය පිහිටුවීමට ලොකු දායකත්වයක් ලබාදුන්න එතුමා⁣ව අමතක කරන්නේ කොහොමද?? මේ කතාව කියද්දි අපේ කැළුම් කොලුවා ගැන නොකියා බැරැවා.. මොකද කැළුම් කොලුවාගේ මගුලට ගිහින් තමයි මේ සිද්ධිය උනේ..   අ⁣පේ කැලුමා ඉන්නවා නේද ඌ ඉතිං ගෙදරින් හොයලා දෙනකම් ආයේ කසාදයක් බැදගන්න හිතුවේම නෑ ඕං.. දඹුල්ල පැත්තේ කෙලි පැටික්කියක් මුට ගෙදරින් හොයාලා කාරිය දීලා ඔන්න මූව කසාද බන්දන දවසත් ආවා.. එදා ඉතිං මායි ඌයි නෑයෝ ටිකයි අපේ හෙල්මට් මාමා⁣ගේ ඒ දවස්වල තිබුන වෑන් එකේ නැගලා කසාද බන්දල දීලා ඇවිත් ඊට අවුරැද්දකට විතර පස්සේ කැළුමාගේ වෙඩිං එකටත් මමයි හෙල්මට් මාමායි, ඤාව්වයි යාලුවෙක්ගේ කාර් එකක් අරං ගියා ඔන්න.. පාන්දරම අපි කැවුමාත් දාගෙන කාර් එකේ ගියා ඕං.. 7ටත් කලින් අපි දඹුල්ලේ. නැකැත් තියෙන්නේ 10ට විතර හිංදා ජෝඩුව ප්‍රී ශූට් එකට ගියා කාර් එකේ කණ්ඩලම වැවට. ඉතිං වැවට ගිහින් ජෝඩුව එනකම් අපි ඉතිං බඩගින්නේ ලකා ගගහ ඉන්නව.. ඤාව්වානේ කාර් එක අරංගියේ. මායි හෙල්මට් මාමයි දෙන්නා පුටු

කුකුළා 🐓 සහ තවත් කතා

Image
ඔන්න ඉතිං තවත් කථාවක් අරං ආවා අද.. මේ කියන ඒවා 90% ක්ම ඇත්ත සිද්ධි නිසා මේවාට අදාල අය වැඩි කාලයක් නොගිහින් මට ශොට් එක දෙනවා හැබැයි.. අන්න එදාට ⁣චොක්ලට් බිස්කට් අරං මාව බලන්ඩ ආවාට කමක් නැ.... හරි හරි අද කථාවට බහිමුකෝ.. කුකුළා කියන්නේ මගේ තව පාප මිත්‍රයෙක්, ඊටත් වඩා ඌ සහෝදරයෙක් වගේ.. (මුගෙන් බේරෙන්නත් එපැයි) ඔය ගෙං වැඩ දෙකක් තුනක් කලාට.. ඉස්සරලම මුට නම හැදුන විදිහ කියලා හිටිය නම් හරි.. ඒකත් හරියට සකලංසමාලේ නම හැදුනා වාගේ පොඩි කෙලි පැටියෙක් නිසා හැදුනාවූ නමක්. ඔන්න මීට අවුරැදු 6ට විතර කලින් අපෙ කථා නායකයා (අර පාර්ලිමේන්තුවේ ඉන්න බුවා ගැන නෙවෙයි කියන්නේ 🐓 කුකුළා ගැන) තවත් යාලුවෙක්ගේ ගෙදර පොඩි වහල කෑල්ලක් ගහනව ත්‍රීවීල් එක දාන්න. ඒ යාලුවාගේ අක්කට හිටියා අවුරැදු දෙක හමාරක විතර පොඩි කෙලි පැටියෙක්.. හුරතල් කතා කිය කිය අපි වැඩ කරන තැනමයි ඉන්නේ.(ඔය බබා ලැප් එකට කිව්වේ ටැප් එක කියලා.. තව නම් ගොඩක් තිබ්බා දැං මතක නෑ) ඉතිං අර යාලුවා ඇවිත් අපේ 🐓 ට ග්‍රිල් එක දුන්නා.. කෙල්ල බලාන ඉදලා... "මාමා" "මාමා.... කුකුළා" "මොකක්ද පුතේ" "මාමා කුකළා..... කුකුල්ලු

හිරිපිටිය

Image
ඔන්න අද කියන්න හදන්නේ අර සේන අයියාට උන තවත් සීන් එකක්.. මේ සේනයියා ඔය හිටියාට කසාදයක් එහෙම බැදලා   හිටියේ මම අදුනා ගන්නා කොටත්.. ඒ උනාට මූ අමුම අමු වනචරයා.   ඔන්න මූ අලුතින් අර අතින් කොටන ෆෝන් එකක් අරං ආවා මගේ ලගට ඒකේ සෙටිංග්ස් ටික හදාගන්න කියලා. මමත් ඉතිං ෆේස් බුක්ද , වට්අප්ද ,   ඉමෝද අරකද මේකද හදලා දුන්නා කියාන්කෝ.. දැං මුට තවත් ප්‍රශ්නයක් තියෙනවා.. ඒ උට අර ජිගිරිබිරිස් බලන්න දන්නේ නෑ. ඇයි ඉතිංමූත් අර හෝමාගම පැත්තේ ඩයල් වගේ sex කියන වචනේ ගහලානේ ඕවා හොයන්නේ.. ඉතිං ඒවත් කියලා දීලා පිටත් කලා. ඔන්න සතියකට විතර පස්සේ එනවා මුගෙන් කෝල් එකක් , රෑ 10 ට විතර සේන : ඒ මංචං , උඹ නිදිද.... ? 😲 මම: නෑ බං මං මේ කුඹුරට පොහොර ගහන ගමන් හිටපං පොඩ්ඩක්... 😡😡😡😡😡 සේන: අඩෝ විහිලු නෙවෙයි යකෝ. 😣😣 මම : එහෙනම් හු%% රෑ 10 ට කථා කරලා තෝ මොනවද අහන්නේ.. ? 😂😂😂😂😂😂😂 සේන: මචං මට කෙල්ලෙක් සෙට් උනානේ බං ෆේස් බුක් එකෙ න්... 👫 මම:  හුටා ,   එහෙමද ? කොහේ එකක්ද ? 😋😋😋😋 සේන: කුරැණෑගල පැත්තේ ගමක් බං මට නම මතක නෑ.. 😇 මම: හරි හරි ඉතිං ගෑනිට මාට්ටුද ? 😂😂 සේන: නෑ ප%. 👹 එ

පැණි අමුඩ කථා වස්තුව 😂😂😂

Image
එක් සම‍යෙක්හි ජම්බුද්වීපයෙහි පුලතිසි මෙත්පල් නිරිදාණන්, අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් හා එක්වැ දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරණ සමයේ එනුවර ස්ත්‍රී සමුහයා රජ මාළිගාව ඉදිරිපිට රැස්ව මහත් වූ ශබ්ද නගන්නට වූ හ. දෙසවන බිහිරි කරවන ස්ත්‍රී සමුහයා ගේ ඝෝෂාව කන වැකුණු ඇසිල්ලෙහි ම මෙත්පල් නිරිදාණන් ස්ත්‍රීන් කවර කරුණක් අරභයා ඝෝෂා කරනේදැයි දැනගනු වස්, මාළිගයේ මුර සෙබළෙකු ස්ත්‍රීන් සමුහයා වෙත පිටත් කර යැවූ හ. " නැගිණියනි, තොප සමුහයා කුමන කරුණක් අරභයා ඝෝෂා කරන්නෙහු ද?" සෙබළා ඇසී ය. "රාජ පුරුෂය, අපගේ මාස් ශුද්ධිය වන කල්හි යොදා ගන්නා පැණි අමුඩ රෙදි කඩටත් රජ වාසලෙන් සියයට සියයක් වූ බද්දක් නියම කොට ඇත්තාහු ය. ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ යි ස්ත්‍රී තොමෝ පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ. " "රාජ පුරුෂය, මෙබඳු බද්දක් අසාධාරණ යැ, නොහොබින්නේ යැ , යහපත පිණිස නොවන්නේ යැ' යි එක හඬින් කී හ. ඉදින් මෙකරුණු නොපමාව උන්වහන්සේට සැළ කරව, නැතහොත් උන් වහන්සේ පසු දින පත්‍රය පිටවන තෙක් උකටලීව කජු බුදිමින් කල් යවා රාත්‍රී දහයට සැතපෙනු ඇත්තේ යැ' යි " කී

ඤාව්වාගේ සහ අලියාගේ මැරතන් එක

Image
ඔන්න අද කියන්න හදන්නේ අලි කතාවක්.. කථාව අලි උනාට සිද්ධිය වුනේ මටයි යාලුවෙකුටයි. සිද්ධි එකක් නෙවෙයි දෙක තුනක්ම උනා.. ඉස්සර ඉදන් මගේ අතිජාත පාප මිත්‍රයෙක් හිටියා ඤාව්වා කියලා තමා ඉතිං රෙජිස්ට්‍රර් වෙලා තියෙන්නේ.  (දැං නම් දැක්කෙත් නෑ ලගකදි..) ඌටයි මටයි උන අලි ඇබැද්දි ටිකක් තියෙනවා.. අද කිහිපයක් ලියන්න ඕන.. ඔන්න මීට අවුරුදු කිහිපයකට පෙර සේරැවාවිල චෛත්‍යය අලුත්වැඩියා කරන පිංකමක් මහමෙව්නාව මගින් සංවිධානය කරල තිබුණා.. ඉතිං මේකට සහභාගි වෙන්න අපි කලින් කතාකරගත්තා. අනික් වැඩ වලදි වගේම මේකෙදිත් අවසානේ යන දවසේ ඉතිරි උනේ මායි ඤාව්වායි 🐱  විතරයි. ඉතිං ඒ දවස්වල මට වාහන නෑ. ඤාව්වාට තියෙනව ct100 එකක්. ඒක ගත්තත් හරි සර්විස් එකක් දැකලාම නෑ .. පෝක් දෙක හිරවෙලා සොකට් වෙන්නෙත් නෑ.. 40 වඩා පිකප් වෙන්නේ නෑ.. දැං අපි දෙන්නා ඕකේ නැගලා සෝමාවතීය පැත්තේ පාරෙන් සේරැවාවිල ගියේ. (⁣සෝමාවතියේ ඉදන් සේරැවාවිල යන්න තියෙන්නේ කැලේ මැදින් වැලි පාරක. දැං නම් වාහන එහෙම නිතර යනව.. ඒ දවස්වල පාර පාලුයි... අතර මැද ආමි කෑම්ප් එකක් තිබ්බා ඒ දවස්වල.) අපි ඉතිං හවස 3 විතර වෙද්දි ආයේ එන්න පිටත් උනා බයික් එකේ ලයිට් වැඩ නැති නිසා..