මලගෙවල් ආතල්........ 😁😁

ඔන්න ටික දවසක් වැඩ වැඩි නිසා මොනවත් ලියන්න බැරි උනානේ.  උණු උණු කථාවක් නෙවෙයි කථා කිහිපයක් තියෙනවා ලියන්න අද.

අපේ කැළුම් කොලුවා මීගමුව පැත්තේ සයිට් එකක වැඩ කරන ගමන් අකුණු සන්නායකයක්, සිංහලෙන් කියනවානම් ලයිටින් ඇරස්ටර් එකක් සවි කරන්න බාරගෙන තියෙනව.  ඉතිං මටත් කථා කලා ඉල ඇදෙන වැඩක් නිසා.. මමත් ඉතිං ත්‍රීරෝදයත් අරං ඔන්න අාවා කියන්නකෝ.. ඇවිත් ඉතිං අඩි 50 විතර උස බිත්තිය දිගේ තඹ පටිය ගහලා ⁣අද ටිකක් විතර ප්‍රී එකේ ඉද්දි තමා හිතුනේ මේකට මොනවා හරි ලියන්න. මේ දවස් ටිකේම උන සිද්ධි..

මෙහේ ගෙදර වැඩට ඉන්නවා මාමා කෙනෙක් ඇග කවුරැ හරි ඇල්ලුවාම කුණුහරුපයක් කියවෙන.. පොර මෙනවා හරි වැඩක් කර කර ඉද්දි කවුරැ හරි ඇගට අත තියලා කථා කරෝතින් කියන්නේ මුලින් අර කුණුහරුපය කියලා.  විටකට පුවක් කප කප ඉද්දි අපි ඇගට අත තිබ්බොත්
"&*තක් කපනවා කෑලි කෑලි වලට"
ආයේ ගෙදර අයිති බොස් දවසක් පොරට තට්ටුවක් දාලා මෙහෙම කියලා,
"ප්‍රේමසිරි අර කරද ගහේ අත්ත කපලා දාන්න"
"&*ත්ක් කපන්න??"
"නෑ නෑ ඒක නෙවෙයි අත්ත කපන්න"..
ඉතිං ඔය වගේ සීන් ගොඩක් වෙලා..
දැං ඔය කථාව කිව්වේ මෙහේ ඉන්න අපේ අතිජාත මිත්‍ර "ජයා"..
අංකල්ව දැක ගන්න පිනක් මට නැති උනේ පොර ඊයේ මම එද්දිම පොර ගමේ ගිහින් නිසා...
අද හවස ඉතිං මමයි කැළුමයි දෙන්න වැඩ ඉවර කරලා කයියක් ගහගෙන ඉද්දි ජයා ඇවිත් කිව්වා මළ ගෙයක් තියෙනවා බං මහ වැවේ.. යන්න විදිහක් නෑ බං.. යමන්ද??
අපිත් කමමැලිකමේ ඉන්න එකේ එහෙනම් යමන් කිව්වා..
පස්සේනේ දන්නේ මුගේ කෑල්ලගේ නෑයෙක්ගේ නේ මල ගෙදර.. ඌ අදුනන්නේත් නෑ මැරැන පොරව. ඉතිං කෑල්ල එන්න කියන නිසාත්, මාස ගානකින් කෑල්ලව බලන්න ලැබෙන නිසාත් මූ යන්න දගලන්නේ.. අපිත් ඉතිං පොඩි දුරක් නිසා හා ඉතිං යමං කෝ කියලා පිටත් උනා..

කොහොමින් කොහොමින් හරි හොයාන හොයාන මළ ගෙදරට ගියා අපි.. ගිහින් ඉතිං පුටු තුනකට වෙලා බකං නිලාගෙන අපි ඉද්දි ජාවා කෑල්ලව හොයනව.. හොයල හොයලා මූ අපිට පෙන්නුවා කෑල්ලව.. ඒකිත් අපි ඉස්සරහයින් නොදැක්කා වගේ ගියා.. අපිට හෙන ප්‍රහේලිකාව..

බලද්දි ⁣මූත් එක්ක සම්බන්ධයක් තියෙන බව ගෙදරිං දන්නේ නෑ කවුරැවත්ම.  හතර වටේම නෑයෝ නිසා කෙල්ලට කථා කරන්න බෑ.. නොදන්න මලගෙදරක ගිය නිසා අපිත් අර වුවුලාගේ ගෙදර ගියා වාගේ ඉන්න ට්‍රයි කලත් හරි ගියේ නෑ..

ඉතිං ඔහොම ඉද්දි අර නංගි ඇවිත් දෙතුන්පාරක්ම කෑමට ආරාධනා කලා.. වෙන තැනකනම් අපි අරෑවත් දාලා යනවා කන්න.. මෙතන එහෙම බෑනේ. 11ත් වෙලා බඩේ පණුවන් බොක්සිං ගහනවා.. හෙමීට තුන්දෙනා කෑම කන තැනට සෙට් වෙලා කන්න හද්දිම කැවුමා පුරැදු මන්තරේ කිව්වා..
මට කන්න බෑ බං..
තොට කන්න බැරි උනාට මට පුලුවන් කියලා මායි ජාවයි දෙන්න බුෆේ එකෙන් කෑම බෙදාන එද්දි අර නංගියාත් කෑම ⁣බෙදාගෙන අපිට ආසන්නයෙන්ම වාඩිවුනා.. ජාවට උදැල්ල නොදා මායි කැවුමයි පැත්තකට වෙලා ඉද්දි ඔතනට ආවා කරටි කැඩිලා කණ සාක්කුවට දාගත්තු අංකල් කාරයෙක්.
හෙන ෆන් බුවෙක් කියලා තේරැනේ වටබිට ඉන්න අයට දාන කිංඩි නිසා..
මාත් ඉතිං කම්මැලිකම යන්නත් එක්ක පොරත් එක්ක කථාවට වැටුනා.
පොර වව්නියාවේ ඉදලා වැව්මාලු කොළඹ⁣ට අදින ඩයල් එකක්.
මේ පොරට මාලු අදිද්දි වෙච්ච සිද්ධියක් පොර කිව්ව විදිහටම,

"මම මල්ලි මාලුත් අරං ඔන්න රෑ එනවා ලොරියේ..
ලොකු ලොකු මාලු ඉතිං ලොරිය ඇතුලට වෙන්න අහුරාගෙන පොඩි ඒවා දොර කිට්ටුවට දාගෙන ආයේ ලෑල්ලට පාගලයි එන්නේ..
අයිස් දාන්නේ නැතුවනේ මම මාලු කොළඹට ගේන්නේ
ඉතිං ඔහොම එද්දි හරියටම පුරේ හරියෙදි අත දැම්මා බාප්පලා..
නතර කලාම ඉතිං අල්ලපු ගෙදර එකාගේ ජාතකේ එහෙම අහගන්න ජාතියක්නේ උං,
ඔක්කොම කරලා සාජන්කාරයා කිව්වා දානයක් තියෙනවා ඒකට මාලු ටිකක් ඕන කියලා... මූ පිටිපස්සේ තියෙන මාලු පෙට්ටිය බා ගත්තා.
මට මාර ජුවල් මල්ලි.
මොනවා කරන්නද මේ පාන්දර 2ට විතර ගේම ඉල්ලන්න ඈ.
ඒ කරලා බොරැවට පර්ස් එක අදිනව.
මම සල්ලි එපා කියලා පරක්කු වෙනවා යන්නද ඇහුවාම ලයිසන් එක දීලා එහෙනම් පරිස්සමින් යන්න ඈ... කියලා මාව එව්වා.
දැං පරක්කු උන නිසා මම 100ට විතර එනවා.. තඹ්බෝව වැව හරියෙදී බයික් එකක් හෙඩ් ගහනවා මම තවත් වේගෙන් යනවා..
ඒ සැරේ හෝන් එකත් ගහනවා..
මම ටිකක් ස්ලෝව් කරා..
බලද්දි ට්‍රැපික් බයික් එකක් මල්ලි..
අද කොළඹ යන්න නම් වෙන්නේ මාලු නැතුව තමා කියල මට හිතුනා බං..
ට්‍රැපික්ලා දෙන්නා ඇවිත්
අයියා අනේ අපේ සාජන් මහත්තයාගේ කැප් එක ලොරිය ඇතුලේ බැරි වෙලානේ.. ඒක ගන්න අපි පස්සෙන් ආවේ..
කිලෝමීටර් 60ක් විතර පස්සෙන් ඇවිත් මුං දෙන්නා.

ඔක්කොමත් හරි ප්‍රියන්ත අයියා ඔය කථාව කියපා ඉවර වෙලා ඇහුවානේ උඹල ඇත්තටම කොහෙද, මලගෙදර කාවද අදුනන්නේ කියලා.. අපිට හීන් දාඩිය දැම්මා. බලද්දි මූ කෙල්ලගේ මාමා කෙනෙක්.. අපිව හොදට නෝට් කරලා.. ගජබින්න අලංකාරය ස්ථානෝචිතව පාවිච්චියට අරං එතනින් ශේප් එකේ මාරැ වෙලා ආවා අපි.. නැත්නම් තාමත් අපි කනවා කෑමක් ආයේ මදි නොකියන්න...
කාලෙකින් හොද පෝරියල් එකක් දුන්න ජාවාගේ රෙදි ගලවන්නත් එක්කම තමා ⁣මේක ලිව්වේ.

Comments

  1. හම්මේ අපරාදෙ ... නොමිලේම ඇඟපත මසාජ් කරගන්න තිබ්බ අගනා අවස්ථාවක් ගිලිහිලා තියෙන්නෙ ... නමුත් කෝකටත් අනිත් දවසෙ ටිකක් එක්සයිස් කරල දුවනින ලෑස්තියෙන් මළ ගෙවල් වල යනඑක හොදයි ඔය ජාතියෙ උන්දල එක්ක 😁

    ReplyDelete
  2. මාමා අනාගත්ත බෑනලාව මාළුවලට නොවික්ක එක ලොකු දෙයක්!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....