කුකුළා 🐓 සහ තවත් කතා

ඔන්න ඉතිං තවත් කථාවක් අරං ආවා අද.. මේ කියන ඒවා 90% ක්ම ඇත්ත සිද්ධි නිසා මේවාට අදාල අය වැඩි කාලයක් නොගිහින් මට ශොට් එක දෙනවා හැබැයි.. අන්න එදාට ⁣චොක්ලට් බිස්කට් අරං මාව බලන්ඩ ආවාට කමක් නැ....
හරි හරි අද කථාවට බහිමුකෝ..
කුකුළා කියන්නේ මගේ තව පාප මිත්‍රයෙක්,
ඊටත් වඩා ඌ සහෝදරයෙක් වගේ.. (මුගෙන් බේරෙන්නත් එපැයි)
ඔය ගෙං වැඩ දෙකක් තුනක් කලාට..
ඉස්සරලම මුට නම හැදුන විදිහ කියලා හිටිය නම් හරි..
ඒකත් හරියට සකලංසමාලේ නම හැදුනා වාගේ පොඩි කෙලි පැටියෙක් නිසා හැදුනාවූ නමක්.
ඔන්න මීට අවුරැදු 6ට විතර කලින් අපෙ කථා නායකයා (අර පාර්ලිමේන්තුවේ ඉන්න බුවා ගැන නෙවෙයි කියන්නේ 🐓 කුකුළා ගැන)
තවත් යාලුවෙක්ගේ ගෙදර පොඩි වහල කෑල්ලක් ගහනව ත්‍රීවීල් එක දාන්න.
ඒ යාලුවාගේ අක්කට හිටියා අවුරැදු දෙක හමාරක විතර පොඩි කෙලි පැටියෙක්.. හුරතල් කතා කිය කිය අපි වැඩ කරන තැනමයි ඉන්නේ.(ඔය බබා ලැප් එකට කිව්වේ ටැප් එක කියලා.. තව නම් ගොඩක් තිබ්බා දැං මතක නෑ) ඉතිං අර යාලුවා ඇවිත් අපේ 🐓 ට ග්‍රිල් එක දුන්නා.. කෙල්ල බලාන ඉදලා...
"මාමා"
"මාමා.... කුකුළා"
"මොකක්ද පුතේ"
"මාමා කුකළා..... කුකුල්ලු දෙන්නයි" කියලා කිව්වා කියහල්ලකෝ....
(මේ දරැවා කුකුළා කියල තියෙන්නේ ග්‍රිල් එකට.. මෙතන ග්‍රිල් දෙකක් තිබුණා.. අරෑට ග්‍රිල් එක පෙන්නල කිව්වේ කුකුළා කියලා)
අපේ බුවාට මල පැන්නා..
"ඈ යකෝ උඹ මට පොඩි එකාට කියලා කුකුළා කියෙව්වා නේද?"
මුට මල පැනලා නහුතෙට බලද්දි ඉස්සර මුට ස්කෝලේ කෙල්ලෝ කියලා තියෙන්නේ කුකුළා කියලලු.. ඒක කිව්වෙත් උගේම පවු⁣ලේ කෙනෙක් තමා.. එදා ඉදන් මූ කුකුළා මාමා උනා.. පහසුවට අපි ඉතිං 🐓 කුකුළා කියලා කියනවා...

ඔන්න ඉතිං අපේ අපත සෙට් එක අමද්‍යප ව්‍යාපාරය ජයටම කරගෙන යන කාලේ..
අමද්‍යප ව්‍යාපාරේ ගරැ සභාපතිත්වය දැරැවේ නිතර⁣ගයෙන්ම තේරීපත්වූ අපේ ඤාව්වා..
උප සභාපතිත්වය මාහට බලෙන්ම වාගේ පවරපු පාප මිත්‍ර සංගමය අනෙක් තනතුරු වලට පිලිවෙලින් කුකුළා, ප්‍රසා, නෙරා, සරා, හෙල්මට් මාමා (අපේ උපදේශක තැන), පිත්තලයා, අවසානේට බයිට් කැවුමා යන අය පත් උනා. ඉතිං අපේ අමද්‍යප සංගමයේ සෑම සතියකටම වරක් අඩුම තරමේ කාරක සභාවක්වත් රැස්වෙනවා අඩුම 4දෙනෙක්වත්.. එදාට අපි මත්පැන් පිළිබදව විවිධාකාර පරීක්ෂණ පවත්වා බලනවා..
ඔන්න ඒ වගේ දවසක මාගේ යෝජනාවක් මත ගරැ සභාපති තැම්පත් ඤාව්වා මහතාගේ ස්ථීරත්වයෙන් කුකුළා ලේඛම් තුමාගේ සහ සරා නව සාමාජිකයාගේ සහභාගිත්වයෙන් ගිරිතලේ වැවේ සමිති වාරයක් පවත්වන්ඩ තීරණය කලා..
ඉතිං එදා ප්‍රවාහන පහසුකම් සැපයීම කුකුලාගේ බොලෙරෝව මගින් සිදු වූ අතරම දැං අපි ගිරිතලේ වැව ලග ඇති බාර් එකෙන් බෝතලයක් කිව්වට 2ක් විතර අරං ලග තියෙන කලු අක්කාගේ කඩයට ගියා අනික් ඒවා ගන්න..
මේ කලු අක්කා ගැන කියනවානම් කලුම කලු ටිකක් විතර සැර, පොඩි මානසික රෝගයකින් පෙලෙන ඩයල් එකක්.. කට නිකං ලවුස්පීකරයක් වගේ.. අපි නිතර නිතර ගියාට අපිව ඒ හැටි මතකයක් නෑ.. දන්නා විදිහට බැදලත් නෑ..
ඔන්න එදා මායි සභාපති තුමයි කඩේට ගිහින් ගන්න දේවල් තෝරන කොට කුකුළාත් ආවා ලගට.. මෙන්න එතකොට ඇතිවුන සංවාදය..

ක.අ. : මේ #%& නේද??
🐓 : ඈහ්??
ක.අ.: ඈ යකෝ මාව මතක නැද්ද? උබ ගියේ අහවල් ස්කෝලේට නේද?? ගෙවල් අහවල් තැන නේද?? උඹ මාව අමතක උනේ කොහොමද? මතකද අපි දෙන්නා සීදූවේ ගිහින් බස් එකේ එක සීට් එකේ ආපු හැටි??
🐓 :  (කට ඇරගෙන බලාන ඉන්නවා.. කලු අක්කා තල් අත්තට බොරළු ගහනව වාගේ කියවගෙන කියවගෙන යනව. කඩේට ආපු කොල්ලො ටිකක් බඩ අල්ලන් හිනා වෙනවා..)
ක.අ.: ඇයි අනේ මතක නැද්ද අපි දෙන්නා ඉස්සර කොයි තරම් ඇවිද්දද කියලා??
🐓 : අනේ සොරි මට ඔයාව මතක නෑ..
ක.අ. : ඈ ප#$ දැං උඹට මාව මතක නෑ... නේද?
කියද්දිම මම අරෑවත් ඇදගෙන පාරට ආවා.. තව හිටියොත් අරකි මූගේ සායම යවනව කියලා මට දැනුන නිසා..
කලු අක්කා  ඤාව්වා ගත්ත බයිට් වලට සල්ලි අරගෙනත් නෑ 🐓  නිසා..
ඉතිං අපි සමිතිය පටං අරං අරෑගෙන් ඇහුවා මොකක්ද ඇත්ත සීන් එක කියලා..
මූ කියන්නේම මම ඒකිව දන්නේ ම නෑ කියලා..
අවසානේ මූ අපිට බොන්න තිබ්බ ටිකක් හිතේ අමාරැවට බීවා..
අදටත් මූ කියන්නේ දන්නේ නෑ කියලා..
පස්සේ ආරංචි උනා ප්‍රසාටත් කලු අක්කා ඔයිට වඩා කථා ටිකක් මීට කලින් කියලා තියෙනවා කියලා..
කොහොමත් දැං කුකුළා වැරදිලාවත් අර කලු අක්කාගේ කඩේට යන්නේම නෑලු.. අපේ සමිතියේ විතරක් නෙවෙයි අනෙක් සමිති වලත් මේ කතාව ප්‍රසිද්ධ උනේ කොහොමද කියලා අපි නං දන්නේ නෑ ඕං..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තවත් කථා තියෙනව.. හෙමීට දාන්නම්කෝ..
එහෙනම් මම ගියාවේ ආ..
අරැං මේවා දැකලා මාව යහතින් තිබ්බොත් මම එන්නම්කෝ ආයෙත් 🐓 ගැන කථාවක් අරං.

හර්ෂ මදුෂාන් රත්නායක

Comments

  1. ග්‍රිල් එක නෙවි බං විදින වැඩ වලට ගන්නෙ ඩ්‍රිල්එක

    ReplyDelete
  2. මමත් මේ බැලුව ග්‍රිිිිල් එකක් ගැන කියල ඩ්‍රිල් එකක් දාල මොකෝ

    ReplyDelete
  3. දැනට අවුරුදු විස්සකට විතර එහා ගිරිතලේ රෝයල් ලෝටස් එකේ නැවතිලා හිටිය දවසක්, නමුත් හිත ගියේ වැව අයිනෙ කඩවල් වලින් කාපු වැව් මාළු, නෙලුම් අල, දුම්පිටවෙන කොච්චි සම්බෝලෙ එක්ක ආප්ප තමයි :)

    හෝටලේ ගැන මතකයක් ඇත්තෙම නෑ ස්විමින් පූල් එක ඇරෙන්න :) වැවේ නාන්න නම් හම්බ උනේ නැහැ හෙන පායන කාලයක් නිසා !

    ඒ දවස් වලත් කලු අක්ක කුකුළ එක්ක පෙම් කෙළිනවද දන්නේ නැහැ ? :-D

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....