නොසැලකිල්ල

ඔබ ඔය පහළින් දකින්නේ පිටරටක ඡායාරූප නොව ලංකාවේ මින්නේරිය රක්ෂිතය තුල අද තත්ත්වයයි.. මෙයට හේතුව කුමක්ද කියල ඇහුවොත් එක එක අයට එක එක හේතු තියෙනව.. මම නම් කියන්නේ ඔය මොනවත්ම නෙවෙයි මේකට එකම හේතුව
අපේ #නොසැලකිලිමත් බව..
අපි දන්නවා වාහන එලවන රියදුරු මහත්වරැ බහුතරයක් #සිගැරැට්ටුවක් අනිවාර්යයෙන් පත්තු කරනව කියල.. ඉතිං ඔබට #සිගරැට් බොන්න එපා කියන්න මට බෑ..
අයිතියකුත් නෑ එහෙම කියන්න.. එය ඔබේ අයිතියයි..
නමුත් ඔබ බී විසික් කරන සිගරැට් කොටය මේ වැනි විශාල විනාශයක් කරන බව ඔබ දන්නවාද??
ඔබ නිකමට සිතුනාද?? නෑ නේද??
ඇයි???
ඒ තමා අපේ #නොසැලිකිලිමත්බව..
අපි චාරිකාවක් ගියාම කැළයක් ලග කෑම උයාගෙන කනව.. හැබැයි අර පත්තුකරපු ගින්දරවල 🔥 අගුරැ නිමල යනවද??
ඇයි ඒ??  අමතක උනාද??
නෑ...
ඒක තමා #නොසැලිකිලිමත්බව
හැබැයි ඔබ ගෙදර ඇද උඩ 🚬 සිගරැට් බීලා කොටේ දානවද මෙට්ටේ උඩට???
නෑ නේද??
ඇයි ඔබ දන්නව මෙට්ටය පිච්චෙනව කියල..
ඇයි ඒ අවධානය පරිසරයේදී ගන්න බැරි..???
බහුතරයක් තාමත් හිතාන ඉන්නේ කැළය/පරිසරය වැදගත් සතුන්ට විතරයි කියල..
නෑ එය වැරදියි...
පරිසරය කියන්නේ අපේ හදවත...
මොලේට වඩා පුතේ හදවත වටිනව..
මොකද හදවතින් ලේ පොම්ප නොකලොත් මොලේ මැරෙනව..

ඉතිං, අවසන??

මේ වන විට ලංකාවේ බෝහෝ ප්‍රදේශ වල තද නියං තත්ත්වයක් ඇති අතර, අපගේ නොසැලකිලිමත් වැඩ නිසා ලැව් ගිනි ඇතිවෙනව.. ඔබ හිතුවද අපේ ඇසට පෙනෙන කුඩා කූඹින් කී ලක්ෂයක් මේ විනාශය නිසා මැරෙන්න ඇද්ද කියල?? නොපෙනෙන ජීවීන් ගනන?? හිතාගන්නවත් බෑ නේද??
අපි සැලකිලිමත් නම්,
පරිස්සමින් කටයුතු කරනව නම්
මෙවැනි විනාශ වලකාලීමට අපට හැකිය.
මොහොතක් සිතන්න...
තම තමන් තනිවම වෙනස් වෙමු..
දරැවන්ට කියා දෙමු..
පාසලේ කියා නුදුන්නත් අපි කියා දෙමු දරැවන්ට පරිසරයට, සතුන්ට ආදරය කරන්න.. ආන්න ඒ දරැවෝ තවත් පරම්පරාවකට එය කියාදෙයි..
#පාරදිගේ අප චාරිකාවක් යන්නේ පරිසරය විදින්න..
අපි කැමතිද කොන්ක්‍රීට් ගෙඩකට වෙලා ඉන්න??
අපි කැමතිද හෙවනක් නැති, වතුර නැති කාන්තාරෙක ඉන්න???
හැබැයි අපි කැමතියි හෙවන පිරැන කැළයක ඉන්න...
ඒක කොයි තරම් හිතට සතුටක්ද??
සහනයක්ද??
එය තවදුරටත් පවතිනාවට ඔබ/මා කැමතියි නේද??
එහෙනම් අප????
එය ආරක්ෂා කරගනිමු..
නැතිනම් ඔබ මට ඉතිරි වන්නේ කාන්තාරයක් පමනකි..
අපි ඒ ආරක්ෂා කරන්නේ සතුන්ට පමණක් නොව අපටත් හිමි දේපලයි..
හදවතයි...... ❤
ස්තූතියි.

ප.ලි. අද මම පාරේ යද්දි දැක්ක මේ දසුනින් මගේ දෑස් තෙත් උනා..
ලේනෝ ඉදන් අලි දක්වා සතුන් නම් මේ මහ විනාශයෙන් බේරෙන්න ඇති.. ඒත් කූඹි ආදී සතුන්??? ඉතා සංවේගයක් ඇති උනා.. ඒ කම්පනය තාමත් එහෙමමයි.. වචන ගැලපීම හරි නැතුව ඇති..
ඒත් අපි මේ මොහොත/තත්පරයේ ඉදන්වත් වෙනස් වෙමුද?? වෙනස්ව හිතමුද??

Comments

  1. මම ඔය කැලය මැදින් ඕනෑ තරම් ගිහින් ති⁣⁣ෙ යනව.. අද වෙනතුරු කිසිම අකරතැබ්බයක් වෙලා නෑ.. ඒ පරිසරයට ආදරය නිසා වෙන්න ඇති

    ReplyDelete
  2. ලොකුම කිල්ල නොසැලකිල්ල කියනවනේ ආයිබෝං

    ReplyDelete
  3. අ පේ අය ඉතිං ෆන් ගන්නත් ගිනි තියල බලනවා නේ

    ReplyDelete
  4. හොද කතාවක්.........������

    ReplyDelete
  5. මුන්ව අහු උනොත් අහවල් එකේ බූ මටළු ටිකක් බැඳලා ගිණි තියන්න වටිනව :(

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....