Cctv ජෝගි... 1

ඔන්න මට ලියන්න දේවල් මතක් කර කර ඉද්දි මොනතරම් ඒවා මතකයට ආවත් ඒවා ලියලා එල්ලුම්ගස් යන්න හරි මන්නපාරක් කන්න හරි වෙන නිසා අතෑරලා දාලා තිබ්බේ.. ඒත් අටමයියගේ කථා කියවගෙන යද්දි හිතුණා මේක ඔන්න ඔහේ ලියලා දානවා කියල... ජීවිත අවධානමක් තියාන ලියන්නේ ඕං ඈ...

ඉස්සරලම කියල ඉන්නම්කෝ මගේ ජොබ් එක එහෙමත් නැත්නම් ජීවත්වෙන්න කරන්නේ මොකක්ද කියලා.. මම කරන්නේ CCTV කැමරා සවිකරන එක.. ඉතිං දැං අවුරුදු 7විතර මේක කරන නිසා ගොඩක් අද්දැකීම් තියෙනව... මට ⁣වගේම ගෝලයන්ටත් උන ඒවා.. අපි ඔය වැඩ වලට ගියාම ඉතිං ගෙදරක නම් ගොඩක් වෙලාවට හැමතැනම යන්න වෙනව.  නිදන කාමර වල පවා.. (නෑ නෑ කැමරා ගහන්න නෙවෙයි) ගොඩක් අය නිදන කාමරේ තමා රෙකෝඩරයයි TV එකයි තියාගන්නේ CCTV ලයින් එකේ.. මෙව්ව කිව්වේ මේ විස්තර නොදැන කථාව කියවල වැඩක් නැති නිසා..

  මගේ එක්ක වැඩ කලා පොරක් උට අපි කියමුකෝ ම්ම්ම් "සේන" කියලා..මූ හෙනම පන්ඩිතයා.. ෂොට් එකක් දාගත්තාම තනිකරම ඉතිං 📻 රේඩියෝව දාගත්තා හා සමානයි.. හැම වෙලාවෙම තියෙන්නේ කෙල්ලො ගැන කථා තමා ඉතිං.. අහවල් කෙල්ල එක්ක රෑම් ගිය හැටි.. අර කෙල්ල එක්ක පිල්ම් හෝල් ගියහැටි වාගේ කථා තමා කියන්නේ.. හැබැයි වැඩක් කරන වෙලාවට ජාමේ බේරගෙන වැදගත් විදිහට වැඩෙත් කරන්න දන්නවා.. ගෑනු පරාණයක් ටිකක් ලකුණු දුන්නොත් සේනයා ඉතිං යක්ෂයා වගේ තමා, වැඩ කරන්නේ.. 

හා ඇති ඇති කථාවට එමුකෝ..

  අපි ඉතින් ටිකක් දුරක වැඩකට පාන්දරම යන්න පිටත් උනා.. යන ගමන් මගින් කාලා එහෙම තැනට ගියා.. මේ වැඩේ ගෙදරක කැමරා ගහන්න.. කැමරා 5 ක් ගහන්න තියෙනවා. අයිති පොර සල්ලි තියෙන වලියට බර පොරක්.. පොරගේ පවුල ආයේ ඉටි රෑපේ වගේ ලස්සනයි.. DVR හයිකරන්න ඕන කිව්වේ BEDROOM එකේ.. රෑට ගේ වටේ බලාගන්න පුලුවන් නිසා.. උඩ තට්ටුවේ තමා කාමරේ.. ගේ ඇතුලින් වගේම කෙලින්ම පිටිපස්සේ පඩිපෙලින්ද ඒ කාමරේට යන්න පුලුවන්.. අපි පිටිපස්සේ පාර තෝරාගෙන වැඩ පටන් ගත්තා.. බොසාගේ පවුල තේ එහෙම දෙතුන්පාරක් ගෙනල්ල නලවල කරල ගියා ඕං... සේනයියා යකා වගේ වැඩ.. 3විතර වෙද්දි මම කිව්වා ගිහින් කාලා එමු කියලා.. මූ කියනව නෑ බඩගිනි නෑ ඉවරයක් කරල යනගමන්ම කමු කියලා.. ආ අනික මූ මාව පල්ලෙහා තියලා කැමරා වැඩද බලන්න උඩ කාමරේට යනව නිතරම.. දැං කොහොමින් කොහොමින් හරි 5 විතර වෙද්දි වැඩ ඉවර වේගෙන ආවා.. මට බඩගිනි නිසා කිව්වා යමන් කාල එන්න කියලා. මූ.. බෑ තව ටිකනේ කියලා ටිකක් උස තැනක කැමරාව ගහන්න පටන් ගත්තා.. කැමරාව මවුන්ට් කරලා මූ බැහැලා කියනව
ඌ  ="උඹ ඕක හරවපං, මම ගිහින් බලන්නම්"
මම ="#$තෝ තෝ බැස්සේ මොකද මම බලන්නම් තෝ හරවපං"
ඌ  = "නෑ නෑ උඹ තමා හරවන්න දන්නේ හරියට "
කියලා මූ ගියා.
මම ඉතිං උඩට නගින්න හදද්දී බොසා ආවා වැඩේ බලන්න.. බොසාට වැඩේ කිය කිය ඉද්දි මේ ගිය එකා ගියාට වඩා වේගෙන් එනව..
මම = ඇයි බං මොකෝ??
ඌ = යමන්කෝ බං කන්න
මම  = 😮😮😮😮😮 ඇහ්??
ඌ  = යමන්කෝ..
බොසාට කියලා වීල් එකත් අරං එලියට ආවා අපි..
මම = ඈ #කෝ අර කැමරාව හරිනම් වැඩ ඉවරනේ.. කෙලින්ම යන්න තිබුණා නේ??
ඌ  = 😵😵😵😵😵 සද්දයක් නෑ..
මම  = ඇත්ත කියාන් මොකක්ද උනේ තොට??
ඌ  = නෑ බං බඩගිනියි..
හා යමන්කෝ කියලා ගිහින් රයිස් දෙකක් අරං මම එකක් කෑව⁣ මූ අතගගා ඉන්නවා..
මම = මහසෝනාවත් ගැහුවාද තොට?
ඌ = නෑ බං කන්න බෑ වාගේ
කියලා ගිහින් වීල් එකේ ඉද ගත්තා. මම බිලත් ගෙවලා ආයේ ගෙදරට ඇවිත් විනාඩි 20විතර යද්දි වැඩත් ඉවර කරන්, ගනුදෙනු බේරාගෙන ගෙදරට එන්න පිටත් උනා.. අරෑ බොසාට මුන දෙන්නෙත් නැතුව ශේප් එකේ ටූල් ටික අස්කරගෙන හොරා වාගේ වීල් එකට නැගලා ඉන්නවා සද්දයක් නෑ..
මම = සේනයා බියර් එකක්වත් ගහමුද බං??
ඌ =හ්ම්ම්...
මම = ඈ #කෝ තොට මොකද වෙලා තියෙන්නේ?? සනීප නැද්ද??
වෙනදට කට වහන්න බැරි එකා අද සද්දයක් ඇත්තේම නෑ.. මොකක් ම හරි වෙලා තියෙනව.. බියර් දෙකක් අරං මුට දුන්නාම මූ කථාව කියයිනේ කියලා බියර් ටින් දෙකක් අරං දීලා එනව.. එනකම් කථාවක් නෑ..
මග නතර කරල දැං බියර් දෙක ගහන ගමන් මම ඇහුවා මොකද බං ඇත්තට උනේ කියලා??.
ඌ = මචං මාර සීන් එකක් නේ උනේ..
මම = මොකක්ද සීන් එක කියලා තමා යකෝ මෙච්චර වෙලා ඇහුවේ...
ඌ = මම අර අවසානෙට උඩ කාමරේට යද්දි....
මම = ඉතිං😮😮😮
ඌ = තෝ කාටවත් කියන්නේ නෑ කියලා පොරොන්දු වෙයන්..
මම = හා 😂😂 හා කියපං ඉතිං.. (වැඩිය කාටවත් මම කිව්වේ නෑ ඉතිං)
ඌ = බොසාගේ පවුල ඇදුම් නැතුව හිටියානේ....😐😐😐
මම = මල #$%යි.. යකෝ ඉතිං..😵😵
ඌ = ඒකනේ මම දුවගෙන ආවේ...
මම = ඇයි උඹ බය උනේ?? තෝ ඉතිං හතරවටේ කොටු පැනපු එකානේ.. ඕවා මොනවද ඉතිං??😂😂😂😂😂😂
උෟ  = 😈😈😈😈😈😈😈😈😈😈

සිද්ධිය ඕක නෙවෙයි මම ඌගේ යාලුවෙක්ට කිව්වා සේනයාට මාර සීන් එකක් ලගදි වෙලා කියලා.. මූ මම ඉන්න තැනම අරෑට කෝල් කරලා ඇහුවා මොකක්ද බං මේ සීන් එක කියලා.. අරෑ කථාවත් කියලා බුදු කුණුහරැප ටිකකුත් කිව්වා කියපංකෝ මට...
අදටත් මතක් කලාම මල අතේ.

ඕක තමා කියන්නේ බොරැ පම්පෝරි ගැහුවාට ඇත්තට දැක්කාම නූල් බදින්න වෙනවා කියල..... කිව්වාම මූගේ මූන නිකං අදටත් වෙස්මූන වගේ වෙනවා.. මගේ FB එකේ ඔය කථාව දන්න උන් ඉන්නවා වුනාට අදාල පුද්ගලයාට කියනව එහෙම නෙවෙයි... 

(ඇත්තටම වෙලා තියෙන්නේ නාලා ඉවරවෙලා ටවල් එක පිටින් වෙනදා පුරැද්දට BEDROOM එකට ඇවිත්.. එතකොටම මූත් කෙලගෙන ඇවිත් කාමරේට.. ගෑනි බයවුන පාර රෙද්ද කැඩිලා.. මූ බය වුන පාර අනික්පැත්තට පහලට ඇවිත්.. වෙච්ච දේ හරියටම දැනගත්තේ කොහොමද කියලා ඉතිං අහන්ඩ එපා ඕං.. ඈ.. )

Comments

  1. මේ හාදයන්ව මොනිටර් කරන්නත් CCTV හරි බොඩිකැම් (BodyCam) එකක් හරි හයි කරන්න ඕන :)

    අර බවලතී මරලතෝනි දුන්න නම් බඩකට පුරා කෑමත් හම්බ වෙන්න ඉඩ තිබ්බ, අපරාදෙ :(

    ReplyDelete
  2. All of the novels of John Grisham are very good, i love all the stories.. dvr cctv

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....