ඤාව්වාගේ සහ අලියාගේ මැරතන් එක

ඔන්න අද කියන්න හදන්නේ අලි කතාවක්.. කථාව අලි උනාට සිද්ධිය වුනේ මටයි යාලුවෙකුටයි. සිද්ධි එකක් නෙවෙයි දෙක තුනක්ම උනා.. ඉස්සර ඉදන් මගේ අතිජාත පාප මිත්‍රයෙක් හිටියා ඤාව්වා කියලා තමා ඉතිං රෙජිස්ට්‍රර් වෙලා තියෙන්නේ.  (දැං නම් දැක්කෙත් නෑ ලගකදි..) ඌටයි මටයි උන අලි ඇබැද්දි ටිකක් තියෙනවා.. අද කිහිපයක් ලියන්න ඕන..

ඔන්න මීට අවුරුදු කිහිපයකට පෙර සේරැවාවිල චෛත්‍යය අලුත්වැඩියා කරන පිංකමක් මහමෙව්නාව මගින් සංවිධානය කරල තිබුණා.. ඉතිං මේකට සහභාගි වෙන්න අපි කලින් කතාකරගත්තා. අනික් වැඩ වලදි වගේම මේකෙදිත් අවසානේ යන දවසේ ඉතිරි උනේ මායි ඤාව්වායි 🐱  විතරයි. ඉතිං ඒ දවස්වල මට වාහන නෑ. ඤාව්වාට තියෙනව ct100 එකක්. ඒක ගත්තත් හරි සර්විස් එකක් දැකලාම නෑ .. පෝක් දෙක හිරවෙලා සොකට් වෙන්නෙත් නෑ.. 40 වඩා පිකප් වෙන්නේ නෑ.. දැං අපි දෙන්නා ඕකේ නැගලා සෝමාවතීය පැත්තේ පාරෙන් සේරැවාවිල ගියේ.
(⁣සෝමාවතියේ ඉදන් සේරැවාවිල යන්න තියෙන්නේ කැලේ මැදින් වැලි පාරක. දැං නම් වාහන එහෙම නිතර යනව.. ඒ දවස්වල පාර පාලුයි... අතර මැද ආමි කෑම්ප් එකක් තිබ්බා ඒ දවස්වල.)
අපි ඉතිං හවස 3 විතර වෙද්දි ආයේ එන්න පිටත් උනා බයික් එකේ ලයිට් වැඩ නැති නිසා.. කැලේ පාරෙන් ආවේ නැත්නම් කන්තලේට ඇවිදින් එන්න ඕන. 190km විතර තියෙනව එහෙම ආවොතින්.. ඉතිං එද්දි මම තමා බයික් එක ගත්තේ.. කෑම්ප් එක හරියෙදි ආමි එකේ කොල්ලෙක් අපිව නතර කරල කිව්වා ඉස්සරහ තනියා ඉන්නවා බයික් එක්ක තරහයි හරවගෙන යන්න කියලා.. මම ඇහුවා ඤාව්වාගෙන් මොකද කරන්නේ කියලා.. ඔන්න ඔහේ යමු බං.. අලියා පන්නන එකක් නෑ කිව්වා. දැං ඔන්න අපි යනවා කැලේ මැදින්.. අලියත් ඉන්නවා ඈත වැලි අවුස්සන ගමන්.. අපි ටිකක් ලොකු වංගුවක් ගන්නවා.. වටේටම ලොකු කැලෑවක්..
හුටා අලියා අපි ඉස්සරහ...
මොනවා කරන්නද අැල්ලුවා ඇස්ලේටරය කර මුලටම යනව දැං වැලි පාරේ දීගෙන.. අලියත් ලග ලගම පන්නනවා.. කොහොම හරි අලියා 400m විතර පන්නලා නතර උනා. (සාමාන්‍යයෙන් අලියෙක් දුවන්න පටන් ගද්දි 40kmh වාගේ ආරම්භක වේගයක් අරගෙන බොහෝ දුරට 400m/600m අතර දුවලා නවතිනව. සමහර අලි 60kmh වඩා වේගවත් ආරම්භ ගන්නවාලු.)
එදා බයික් එක නතර උනානන් අපි දෙන්නට දෙවියන්ගේම පිහිටයි...

ඊලග සිදුවීම උනේ කතරගම යද්දියි, ගිහින් එද්දියි. මගේ බයික් එකේ තමා යන්න සෙට් වුනේ. අපි දෙන්න හිගුරක්ගොඩින් උදේ 10ට පිටත් වෙලා ඇරැ කියලා යනව කතරගම යන්න.. මහියංගණය කිට්ටු වෙද්දි කුරුණෑගල කතරගම බස්එක අපිව පහු කරන් ගියා.. ආයේ අපිට බිබිල පහුවෙද්දිත් ඒ බස් එකම හම්බ උනා.. ඔහොම යද්දි මොණරාගල බුත්තල පාරේ බස්එකත් එක්ක් රේස් එකක් තියල බස් එක පහුකරන් බුත්තලින් හරවගෙන දැං යාල කැලේට ආවා.. ටිකක් දුර එද්දි පාර මැදටම වෙලා අලියෙක් ඉන්නවා.. හෙන සද්දන්ත එකෙක්.. අපි 300m විතර ඈතින් බලාන ඉන්නවා.. අර බස් එක අපිටත් හෝන් එකක් ගහන් වේගෙන් අලියා දිහාට ගියා කියාන්කෝ.. අලියා හෙල්ලෙන්නේවත් නෑ.. ගිය බස් එක නවත්තල කොන්දා මොනවද උට දුන්නා ඌ අයින් උනා. දැනුයි මතක් උනේ මේ අර කප්පම් අලියා නේ කියලා.. අපිත් අලියා ලගින්ම දාලා ආවා.. සිද්ධිය උනේ පහුවදා. අපි අහපවු එන ගමන් අලියට දෙන්න කෙසෙලුත් අරං තමා ආවේ.
දැං අලියා ඉන්නවා පාරේ අපි ඌගේ හොඩ ලගම නවත්තලා කෙහෙල් ඇවරිය දුන්නාම ඌත් ඒක අරං කෑවා.. ඓහමම සෙල්පියකුත් ගහගෙන අපි ආවා ඉස්සරහට.. හුටා මෙන්න නියම අලියා පාරේ... එතකොට අර........
කොහොමද එතකොට අපිට කියලා හිතාගන්න පුලුවන් නේ... බුත්තලින් කෑම කන ගමන් මම විස්තරේ කිව්වා කඩේ මුදලාලිට.. මුදලාලි ඔලුවේ අත ගහගෙන කිව්වා පුතාලා මාරකේකින් බේරිලා තියෙන්නේ අනික් එකා බයික් වලට ගහනව කියල.. අපේ වාසනාවකටද, උගේ වාසනාවකටද දන්නේ නෑ එදා අපි බේරිලා ආවේ... 😮😮

සිරාම සිද්ධිය දැං කියන්න යන්නේ... දිනේ 2016 දෙසැම්බර් 27 කොළඹ ගිහින් මගේ ත්‍රීවීල් එකේ රෑ 11 ට විතර මායි ඤාව්වයි, මල්ලියි තුන්දෙනා ගජබින්නාලංකාරය කියව කියව හබරණ කැලේ මැදින් එනවා.. හුටා අමතක උනා හබරණින් තෙල් ගහන්න. කමක් නෑ වීල් එකේ ලීටර් 2 බෝතලයක් තියෙනවානේ කියලා දැං එනවා. හරියටම හබරණ දේවාලේ කන්ද බහිද්දි තෙල් ඉවර උනා..
මම= අඩෝ තෙල් ඉවරයි බං..
ඤාව්වා= මේ #$$ට කිව්වා නේද ⁣හබරණින් තෙල් ගහමු කියලා.
මම= යකෝ බෝතලේ තෙල් තියෙනවා..
ඤාව්වා = හා එහෙනම් තෝ අලියෙක් ලග නතර නොකර ඕක ඉඩ තියෙන තැනක නතර කරපංකෝ...
පල්ලමේ ඇංජින් එකත් නතරඋන නිසා නිව්ටල් එකේ ඇවිත් දවාලට වාහන නිතර නවත්වන තැනකම වීල් එක නැවැත්තුවා..
මම මල්ලිට යතුර දුන්නා පිටිපස්සේ දොර ඇරපං. මම පෙට්‍රල් බෝතලේ අරං එන්නම් කියලා..
මල්ලි බැස්සාට පස්සේ ඤාව්වා බැහැලා.. බහිද්දි හරියටම මූන ඉස්සරහ ලොකු කන්දක් වාගේ තියෙනවා සැකට මූ ටිකක් බලාන ඉදලා.. මමත් බැහැලා පෙට්‍රල් ⁣දාන්න පිටිපස්සට ගියා...
ඤාව්වා = හු#$ අලියා අලියා කියාගෙන අපිවත් පෙරලගෙන මින්නේරිය පැත්තට පාර දිගේ දුවන්න ගත්තා..
මම = පල ප$% විහිලු නොකර කියලා බනින්න හදද්දිම අලියා වීල් එක ඉස්සරහායින් පාරට පැනල ටික දුරක් පැන්නුවා අරෑ පස්සේ... ඤාව්වා හුසේන් බොල්ට් ආවත් අල්ලන්න බැරි ගානට දුවනව.. අලියා නතරවෙලා බලාන ඉන්නවා.. අපිට හිනා.. අලියටත් ලැජ්ජා හිතිලා අරෑ දුවපුදිවිල්ල දැකලා (අපිට කිව්වට මට.. මල්ලි වීල් එක පිටිපස්සේ ඉදගෙන හැංගිලා)
මම මල්ලි කෝ බලන්න හැරිලා අනික් පැත්ත හැරෙද්දි අලියා වීල් එක ඉස්සරහ. මූ හොඩ නම්බර් ⁣ෆ්පේට් එකට තියාන තල්ලු කරන්න හදන්නේ.. මට මොනව නිසාද මංදා බයක් ආවේ නෑ.. ෆෝන් එකේ ටෝච් එක ගහුවා අලියාගේ මූණටම ගහගෙන ඉස්සරහට ගියාම ඌ ටිකක් බලාන ඉදලා ආයේ කැලේ පැත්තට ගිහින් අපි පැත්තට හැරිල ඉන්නවා.. ටෝච් එකත් එහෙමම ගහන් පෙට්‍රල් ටික වීල් එකට දාගෙන වීල් එකට නගින්න බයයි අලියා ඉන්න විදිහට.
මොකද ඌ ඉන්නේ අඩි 15 විතර ලගින්.. එතකොට ඤාව්වා පාරේ ආපු ඇම්බියුලන්ස් එකක් නතර කරන් සිද්ධිය කියලා.  ඇම්බියුලන්ස් එක ඇවිත් අලියාව පේන්න හෙඩ් එක ගහගෙන නතර කරපු ගමන් වීල් එක අරං අපි ආවා..
ඤාව්වා 600m විතර දුවලා..

ප.ලි.
මම දාලා තියෙන පොටෝවේ ඉන්නේ එදා පන්නපු අලියා.. අදටත් මූ එනව පාර අයිනට.. හවස් වරැවේ. එච්චර ලොකු නෑ. නලල මැද තියෙනවා වෙඩි පාරකට උන තුවාල කැලලක්. ඒකෙන් තමා මම ඌව අදුනා ගත්තේ. එදා අඩි 5විතර ලගින් දැක්ක නිසා මට හොදට ඒ කැලල මතකයි. මම හබරණ හරහා කොහෝ හරි යනවනම් හැමදාම වගේ මෙයාව දකිනවා. පුලුවන් වෙලාවට කන්න මොනවා හරිදීලාත් යනව. මට තියෙනව උනක් අලියෙක් දැක්කොතින් අනිවා පුලුවන් තරම් ලගට යනව.. පුලුවන්නම් කොමඩු හරි තැඹිලි හරි ගිහින් දෙනවා.. සෝමාවතීයේ ගියාම හැමදාම කොමඩු ගෙඩි අඩුම දෙකක්වත් අරං යන්නේ අලින්ට දෙන්න.  ඔය පොටෝව ගැහුවේ තැඹිලි දෙන ගමන්.. මගේ fb එකේ බැලුවොත් අලින්ගේ ලග ගත්ත පොටෝ බර ගානක් ඇති.. මම හිතන්නේ අපි සත්තුන්ට කරැණාවයිනම් උන්ගෙන් අපිට කිසිම හිරිහැරයක් වෙන්නේ නෑ.
හැම වෙලාවේම සතුන්ට, පරිසරයට ආදරය කරන්න.. පරිසරය අපව ආරක්ෂා කරනව..
ස්තූතියි..

Comments

  1. උඹල නං අම්මපා රට හරක් දෙන්නෙක්ද කොහෙද, මාරයා යුද්දෙ නිසා බිසී පිට හිටපු නිසා බොලා දෙන්නව පේන්න නැතුව ඇති :o

    කැලේ සත්තුන්ට කෑම දීල පුරුදු කරන එවුන්ව පොළොන්නරු එක්කං ගිහිල්ල හිටං ග්‍රාමසේවක මහත්තයට කියල මඩු වලිගෙන් තලන්වන්ට ඕන :(
    උන් කොහොම හැසිරෙයිද කියල අපිට අනුමාන කරන්න බෑ ... එකෙක් දෙන්නෙක් මළන් පස්සෙ මේ පිස්සුව හොඳ වෙයි හැබැයි සමහර විට ඒ වන්දි ගෙවන්නෙ වෙන එවුන්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....