වැලන්ටයින් දාවසේ හාමිනේට ලියමි.....🌹🌼🌻🤪

ඔයාට හිතෙනවනම් මං දැන් ඉස්සරවගේ ඔයාට ආදරේ නෑ කියල,
පිස්සුද මං දැන් ඉස්සරටත් වැඩිය ඔයාට ආදරෙයි... මේ තියන අටෝරාසියක් වැඩ කන්දරාව අස්සෙ මට ඒක පෙන්න පෙන්න ඉන්න වෙලාවක් නෑ........
ඔයාට හිතෙනව නම් මං දැන් ඉස්සර වගේ වෙන කෙල්ලො දිහා හොරෙන් බලන් නෑ කියල,
පිස්සුද ඔයාට වැරදිලා.... මං තාම ඉස්සර වගේම කෙල්ලො දිහා බලනව... ලස්සන ෆිගර් එකක් දැක්කොත් හැරිලත් බලනව.... හැබැයි ඔයාට හොරෙන්.......樂
ඔයාට හිතෙනව නම් ළමයි ඉන්න තාත්තෙක් හින්ද වෙන කෙල්ලො මගෙ දිහා බලන් නෑ කියල,
පිස්සුද ඔයාට වැරදිලා... දැන් ඉස්සරට වැඩිය කෙල්ලො මගෙ දිහා බලනව... මොකද නුපුහුනු ශ්‍රමයට වඩා පුහුණු ශ්‍රමයටයි ඉල්ලුම වැඩි.....
ඔයාට හිතෙනව නම් මම ඔයාට බයේ ඩ්‍රින්ක්ස් ගන්න එක අඩු කරල කියල,
පිස්සුද.... ඔයාට වැරදිලා.... දැන් තියෙන වියදම හරි වැඩියි... ඒ අස්සෙ ලිකර් වලට ගානක් වෙන් කරන්න අමාරුයි.. ඩ්‍රින්ක්ස් ගන්නව අඩු ඒකයි.....
ඔයාට හිතෙනව නම් මම ඔය උපන් දින, ඇනවසරි, අරව මේව මතක තියාගෙන ඔයාට තෑගි ගේන්න බලන් ඉන්නව කියල,
පිස්සුද ඔයාට වැරදිලා... මට දැන් ඔය එක කෙහෙල්මලක් වත් මතක නෑ... අපරාදෙනෙ එකම දේ දෙන්නෙක් මතන තියාගෙන ඉන්නෙ 
ඔයාට හිතෙනව නම් මන් දැන් ඉස්සර වගේ ලස්සන නෑ... ඒ හින්ද ලයිට් එක ඕෆ් කරන්න ඕනි කියල,
පිස්සුද.... මට ලොකු වෙනසක් පේන්නෙ නෑ... ඉස්සරත් මම ඔයාගෙ මහ ලොකු ලස්සනක් දැක්කෙ නෑ 
ඔයාට හිතෙනව නම් දැන් ඔයා උයන කෑම මාර රස ඇති... මම සද්ද නැතුව කෑම එක කන්නෙ ඒ හින්ද කියල,
පිස්සුද... ඔයාට වැරදිලා... මට දැන් කියල එපා වෙලා තියෙන්නෙ... ඒකයි දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නෙ 
################################
කියවන ඔයා තාම බැඳපු නැති කොල්ලෙක් නම් ඔයාට හිතෙයි මූට මෙහෙම උනාට මට මෙහෙම වෙන් නෑ කියල,
පිස්සුද උඹට වැරදිලා මල්ලි... කොයි සිංහයටත් බැන්දට පස්සෙ මේ ආනිසංසෙ තමා වෙන්නෙ 
කියවන ඔයා තාම බැඳපු නැති කෙල්ලෙක් නම්... ඔයාට හිතෙයි මම නම් කවදාවත් මේවගෙ එකෙක්ව බඳින් නෑ කියල,
පිස්සුද ඔයාට වැරදිලා.... හැම කොල්ලම අන්තිමේ මෙහෙම තමා හිතන්නෙ 
කියවන ඔයා මහත්තයෙක් ඉන්න නෝන කෙනෙක් නම්..ඔයාට හිතෙයි අනේ අපේ එක්කෙනා නම් මෙහෙම නෑ... එයා ශෝයි කියල,
පිස්සුද ඔයාට වැරදිලා..... එයාටත් මෙහෙමම තමා හිතෙන්නෙ... ඔයාට බයේ කියාගන්න බැරුව ඇත්තෙ 浪浪
කියවන ඔයා නෝන කෙනෙක් ඉන්න මහත්තයෙක් නම් ඔයාට හිතෙනව නේද යකෝ මූ මේ ලියල තියෙන්නෙ මගේ කතාවනෙ... මූගෙ කටේ මසුරමක් දාන්න එපැයි කියල,
අන්න ඔයා හරියටම හරි.... ඕක තමයි උඹ බඳින්න කලින් බැඳපු යාලුවො උඹට කිවුවෙ 浪歷️⛸️♥️♦️♣️♟️
#තිළිණ#

Comments

  1. පිස්සුද උඹට වැරදිලා මල්ලි... කොයි සිංහයටත් බැන්දට පස්සෙ මේ ආනිසංසෙ තමා වෙන්නෙ
    අන්න ඔයා හරියටම හරි.... ඕක තමයි උඹ බඳින්න කලින් බැඳපු යාලුවො උඹට කිවුවෙ

    ReplyDelete
  2. Hope your wife will not read this, else will be spending the night outside.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඓතිහාසික සෝමාවතී රජමහා විහාරය - පොලොන්නරුව