~බැංකු ණය කතා වස්තුව~

යටගිය දවස සකල සිරින් පිරි මෝල්කා රාජ්ජ්‍යයේ විජය කලා වල්ලභ මෙට් ෆල්  නිරිසේන නම් රජ්ජුරු කෙනෙකුන් සතර සංග්‍රහ වස්‍තුවෙන්  ජන රංජනය කරමින් දැහැමින් සෙමින් රාජ්‍ය විචාරන සමයක එහි රාජ්‍ය සංස්ථාවක කොමිශන් එකක්කින් දිවි ගැට ගසාගන්නා කෙළෙඹි පුත්‍රයෙකු විය.. මේ කෙළෙඹි පුත්‍රයාට ඉහේ හිටං පක්සාත්බාගය දක්වාම පිස්සු ඇති බැවින් එකලෙහි ජීප් රථ පිස්සුවක් ඇති විය..

කෙළෙඹි පුත් තෙමේ  ජීප්පුවක් මිලදී ගැනීමට රට වටා දුවනවා දුටු රෙපෙයාර්, මේන්ටේන්, මොඩිෆිකේසන්, ඉස්පෙයාපාර්ට්ස් යන චතුර් වේදය දත් ගැරිජ් වල සිටි හිතවත් බමුණන් මේ කෙළෙඹි පුත්තරයාගේ හිත සුව පිනිස අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දෙමින් පැවසූයේ, දරුවන් දෙතුන් දෙනෙකුන් සමඟ පව්ලක් කර ගැසීම පරණ ජීප්පුවක් හදනවාට වඩා හොඳ බවය..  එබස් නො ඇසූ හිතුවක්කාර කෙළෙඹි පුත් තෙම හිතුවක්කාරෙට ජීප්පුවක් සොයා මිලදී ගන්නා ලදි.. ඉතාම සාධාරණ මුදලකට එම ජීප්පුව මිලදී ගත්තද මොඩිෆිකේසන් වලට නොසෑහෙන මුදලක් අවශ්‍ය විය..

ඉනික්බිති කෙළෙඹි පුත් තෙමේ කහවනු ලක්ෂ 4ක 5ක බැංකු ණයක් ගැනීමට සිතා අවුරුදු 4ක සිට පඩි වැටෙන  ජාතියේ මහා ලයිට් කණුව වූ මෝල්කා බැංකුවෙන් ඒ පිළිබඳ විමසන ලදි.. එහිදී ණය අංසයේ සිටු කුමරිය කිවේ වසරක පඩිය මෙන් තුන් ගුණයක් දක්වා ණය දිය හැකි බවයි.. එවිට පට්ට ආඩම්බරයක් දැණුන කෙළෙඹි පුත් තෙමේ එවෙලේම යටගිය හය මාසයේ පේසීට්ටු 6 බාගත කර ඒවායේ එකතුව කහවනු ලක්ෂ 8කට වඩා වැඩි බවත්, ආදායම් බදු සඳහාද පඩි පතින් මුදලක් රඳවන බවද පෙන්වීය..

කෙසේ නමුත් ඒජන්ට් වරයෙකු ලෙස සේවය කල බැවින් කමිශන් ඉස්ටේට්මන්ට් හැර මූලික වැටුපක් නැති බැවින් පර්සනල් ලෝන් දිය නොහැකි බව සිටු කුමරිය කෙළෙඹි පුත් හට පැවසීය.. වෙන කිසිඳු විකල්පයක් නැති බව කී අතර ආපසු හැරී ගෙදර යන එක හැර විකල්පයක් නැත් බැව් ඕතොමෝ පැවසූහ.. මැනේජර් සිටුවරිය හමුවී කතා කිරීමට අවශ්‍ය බව කෙළෙඹි පුත් කීවද  මැනේජර් සිටුවරිය වැනි උත්තමාවියක් මේ වන් නොවටිනා දෙයකට කාලය කා නොදමන බවට ණය සිටු කුමරිය තරයේ උපදෙස් දුන්නද කෙළෙඹි පුත්‍රයා කඩා බිඳගෙන මැනේජර් සිටුවරිය හමුවී සැන්‍තෑසිය කියා ණය නොදුන්නොත් එකව්න්ටෙක අයින් කරගන්නා බවට පවසා පුටුවකටත් පයින් ගැසූ හෙයින් පර්සනල් ලෝන් නොවන වෙනත් ජාතියකින් ලෝන්නෙකක් ලක්ෂ 5ක් පමණක් දිය හැකි බව පවසන ලදි.. එහි පොළිය පර්සනල් ලෝන්නෙකට වඩා 3%ක් වැඩි බැව්ද පැවසූ අතර රජයේ රැකියා කරන ඇප කරුවන් දෙදෙනෙකු හෝ ජංගම ගිණුම් හිමි බිස්නස් රෙජිස්ට්‍රේසන් එකක් ඇති ක්‍රිබ් අව්ල් නැති දෙදෙනෙකු සෙවිය යුතු බැව් කියා සිටින ලදි.. ණය පිළිබඳ බැංකු සිටු කුමරිය කාමරයට වඩම්මවා ඒ ජාතියේ ණයක් දෙන ලෙස ඇයව මැණේජර් සිටුවරිය විසින් දැනුවත් කරන ලදි..

ඉනික්බිති නැවතත් ණය කුමරිය ලඟට කැඳවාගෙන ගිය කෙළෙඹි පුත්‍රයාට උඩ කී කොන්දේසි  අව්ලක් නැතිව සපුරාලිය හැකි  බැව් පැවසූ කෙළෙඹි පුත්, කහවනු ලක්ශ 4ක් ප්‍රමාණවත් බැවත් තම මව් සහ  සොයුරිය රජයේ සේවකයන් වන බවත්, ඔව්න්ට අත්සන් කල හැකි බැවත් පවසන ලදි. එවිට ණය පිළිබඳ සිටු කුමරිය විසින් පවුලේ කෙනෙක් හට ඇප අත්සන් කිරීම නොකලැකි බැව් තරයේ වදාරන ලදි.. ඉනික්බිති පුංචි අම්මා හා නැන්දනියද රජයේ සේවකයන් බැව් පවසා ඔව්න්ට එවෙලේම ජංගම දුර බනුවෙන් ඇමතූ සැනින් ඔව්න් ඇප අත්සන් කල හැකි බව පැවසූවත් ඔව්න්ගේ වැටුප් ලැබෙන බැංකු ගිණුම් මෝල්කා බැංකුවේ නොව ජහමන බැංකුවේ වූ බැවින් ණය කුමරිය විසින් එයටද බෑක් යයි පවසන ලදි... ඉනුත් ඉක්බිති මෝල්කා බැංකුවේ ජංගම ගිනුම් හිමි ව්‍යාපාරික මිතුරෙකුට හා නෑදෑ සොයුරෙකුට දුර බනුවෙන් එවෙලේම  කතා කල විට ඔව්න් දුරබනුවෙන්ම හා යයි කියා ගිණුම් අංක දුන් විට එව්වා පරීක්සා කොට එව්වා හොඳ එකව්න්ට් උවත් OD ධර්මතාව මත පිහිටන බැවින් ඔව්න්ටද අත්සන් කල නොහැකි බැව් ණය සිටුවරිය විසින් පවසන ලදි.. OD නැති ජංගම ගිණුම් හිමියන් සෙවීම නොමල ගෙයකින් අබ සෙවීමක් බව කිව යුතු නොවන අතර මෝල්කා බැංකු එකව්න්ටෙකක් හිමි රජයේ සේවය කරන අයෙකු වුවත් ණය ලබාගත්තෙකු නොවිය යුතු බැව් ණය පිළිබඳ සිටුවරිය පවසන ලදි.. 

එකී මෙකී නොකී දේ අතර ලබ්බේ තොයිලය මෙන් එකක් පලනකොට තවෙකක් මතු වෙන ඇප කරුවන් පිළිබඳ කොන්දේසි ඉදිරිපත් කිරීම නොකෙරෙන තොයිලයට කෝඳුරු තෙල් හත් පට්ටයක් හා තවත් චුට්ටක් සෙවීමක් බවත්, කෝඳුරු තෙල් හත්පට්ටයම කෙසේ හෝ සොයාගත්තද ඉතිරි චුට්ට සෙවීම කල නොහැකි බවත් පසක්කරගත් කෙළෙඹි පුත් තෙමේ දෙපැයක් පමණ බැංකුවේ කාලය කා දමා මෝල්කා බැංකුවෙන් ණය ගැනීම පිළිඹඳව උකටලීව තම ජීප්පුව තම පඩියෙන්ම සාදා ගන්නා බැව්ද , මූලික හෝ අමූලික වැටුපක් ලැබෙන රජයේ රස්සාවකටද යන බවද සිත් දරාගෙන බැංකු සිටු මන්දිරයෙන් පිට වන ලදහ..

පෙර කල එසේ වුවත්, මේ කල වැව මැද රාජසභාවේ පිහිටා ඇති මෝල්කා බැංකු ශාඛාවෙන් ඉන්ට පයිස් ණය දෙන බැව් අසා දැන ගෙන කහවනු කෝටි හත අටක් ඉල්ලාගෙන ජීප් සේල්ලෙකක් දැමීමට කෙළෙඹි පුත්‍රයා තීරණය කරගෙන ඇත.. 😁😁😁

*ප.ලි.
මෙය මගේම උස, මහත තීන මන් වගේම හැඩහුරුව තියෙන කොල්ලෙක්ට යටගිය දවස වූ සැබෑ අත්දැකීමකි.. 😂😂

#භාතිය ජයසිංහ#

Comments

  1. ඔබට මූල්‍යමය උදව් අවශ්‍යද? ඔබ කිසියම් මූල්‍ය අර්බුදයක සිටිනවාද? නැතහොත් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අරමුදල් අවශ්‍යද? ඔබේ ණය පියවීමට හෝ බිල් ගෙවීමට හෝ හොඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අරමුදල් අවශ්‍යද? ඔබට අඩු ණය ලකුණු ප්‍රමාණයක් ඇති අතර දේශීය බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවලින් ප්‍රාග්ධන සේවා ලබා ගැනීම ඔබට අපහසු ද? අපගේ සමාගමෙන් මූල්‍ය සේවා ලබා ගැනීමට ඔබට ඇති අවස්ථාව මෙන්න. අපි පහත සඳහන් මුදල් පුද්ගලයන්ට ලබා දෙන්නෙමු.
    * වාණිජ මූල්‍ය
    *පෞද්ගලික මූල්ය
    * ව්‍යාපාර මූල්‍ය
    ඉදිකිරීම් මූල්‍ය
    * ව්‍යාපාර මූල්‍ය සහ තවත් බොහෝ දේ:
    සහ තවත් බොහෝ දේ 3% පොලී අනුපාතයට;
    විද්‍යුත් තැපෑල හරහා අප අමතන්න: Personalloanesay@gmail.com

    ReplyDelete
  2. හෙලෝ; මම එලිසා රිවේරා, මම ණය නිලධාරියෙක් වන අතර මම මූල්‍ය වෙළඳපොළ සේවය නියෝජනය කරමි. කිසියම් හේතුවක් නිසා ඔබට මූල්‍ය ආධාර අවශ්‍යද? ඔබේ පිළිතුර ඔව් නම්, මගේ ණය වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා අද මගේ සමාගම හා සම්බන්ධ වීමට නිදහස් වන්න; විද්‍යුත් තැපෑලෙන් අප හා සම්බන්ධ වන්න
    (financialmarketservice@gmail.com).

    ඇයි අපි අහන්නේ ඇයි අපි? අපගේ මාර්ගගත ප්‍රාග්ධන වැඩසටහන අන් සියල්ලටම වඩා වෙනස් බව දැන් ඔබ දැනගත යුතුය.
    මෙන්න අපගේ කාරක ප්‍රාග්ධන වැඩසටහන වෙනස් වන්නේ කුමක් ද යන්න පමණි.

    ඉක්මන් අයදුම් කිරීමේ ක්‍රියාවලිය
    පැය 24 ක් වැනි කෙටි කාලයක් තුළදී
    ඩොලර් 500,000 දක්වා ලබා ගන්න
    ස්වයංක්‍රීය ගෙවීම්
    - අවශ්‍ය නැත
    ඉතා වැදගත්, සැඟවුණු ගාස්තු නොමැත
    - හොඳ ප්‍රවෘත්ති යනු වසංගතය අපගේ වේගවත් සේවා ණය දීමනාවයි.


    අනපේක්ෂිත මූල්‍ය සිදුවීම් සිදුවන බව අපට වැටහී ඇති අතර, අපි මෙහි පැමිණියේ උදව් කිරීමට ය.
    ඔබට ණය තහවුරු කර ගැනීමට, අනපේක්ෂිත වෛද්‍ය වියදම් ගෙවීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවුලේ නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය වුවත්, ඔබගේ හේතු කුමක් වුවත්, අපි තේරුම් ගනිමු.
    මූල්‍ය වෙළඳපොළ සේවයේ අපගේ ඉලක්කය වන්නේ කාලෝචිත ආකාරයකින් පුද්ගලික ණය, ව්‍යාපාර ණය සහ උකස් ණය 2% ක දැරිය හැකි පොලී අනුපාතයකට ලබා දීමයි.
    සම්පූර්ණ විස්තර සඳහා විද්‍යුත් තැපෑලෙන් අදම අප හා සම්බන්ධ වන්න
    financialmarketservice@gmail.com

    අවංකවම

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....