බේබද්දාගේ මතක 2 උසාවිය

" ඔයි සදා වලියක්, සොමේ මාමාගේ පොට් එකේ වලියක් වරෙන් යන්න..... "

හනිකට සරමකැහිපොට ගසාගත් මම කරවල සුගන්ධකාර ටිසර්ට් කැල්ලකුත් කරට දාගෙන බයික් එකට ගොඩ වුනේ වලියට එන්ටර් වෙන්න...

"අඩෝ,මාර සෙට් එකක් ඉන්නවා නේ..ලොකු අවුලක් වෙන්න ඕනි සදා..සොමේ මාමාට සීන් එකක් නම් මොකා වුනත් හොදට සලකමු "

වෙළේ නියරේ කකුලු ගමනින් දුවන මගේ මිතුරා කියන දේට හම් හම් කියමින් මමද ඔහු පසු පස ගියෙමි...

මගුලයි..සොමේ මාමට ගහනවානේ...

" හුත්... සදා අර බලපන්. "
කියු සැනින් රණ්ඩුව අසල මතු වු මාගේ මිතුරාගේ දැත් දෙපා සතර අතට විසිවිමේ ප්‍රතිපලයක් ලෙස හය දෙනෙකු පමණ ඇද වැටුනි.

" කවුද හු&#% ද අපේ සොමේ මාමාට අත තියන්නේ.මොන කැ&#% වුනත් කමක් නැ.මරනවා යකෝ"

කොලිවුඩ් ෆිලුම් වල ගැටුම් වලදි පෙම්වතිය  වෙනුවෙන් කැ මොර ගසන පෙම්වතා මෙන් මගේ මිතුරාද කැ මොරදෙන්නට විය.....
ඒ සැනින් මාද ගොස් මිතුරා හා සෝමේ මාමා පැත්තකට ගෙන ගැටුම සමථවකට පත්කිරිමට උත්සහ කරා... මිතුරාගේ දරුණු ප්‍රහාරය රසවින්ද ඔවුන් අතුරුපසද නොගැනෙම රම්බණ්ඩා සීයාගේ පිදෙන ගොයම මැදින්ම පිම්මේ දිව්වා...

යාන්තමින් අඩිය තියමින් පැලට ඇතුලට ගිය සොමේ මාමා අමෘතය වීදුරු දෙකක් ලුණු බිකි දෙකක් සමග අපිට පිරිනැමුවා..

" ඉතින් සොමේ මාමා මොකද වුනේ,කවුද උන් ? ඇයි ගැහුවේ ? "

අපේ එකා උසාවියේ සීන් එකට ප්‍රශ්න වැලක් අසන්න ගත්තා...

👉 මේකනේ කොල්ලෝ, ඔකුන් අර පාට ඇදුමෙන් ඉන්න පොලිස්කාරයෝ,උන්ට මම ඉස්සෙල්ලා බඩුත් එක්ක මාට්ටු.ඉතින් මම පොඩි සද්දයක් දාලා මාරු වෙන්න බැලුවා.කොහෙද මුන් මට වටකරගෙන කෙලින්න ගත්තානේ බන්.👈

👇👇👇👇👇👇👇
👉👉👉 තෝ මෙතන මාත්.එක්ක රචනාවක් කියනවාද බල්ලෝ..නවත්පන් ඔය කියවිල්ල. 👈👈👈

🤚 පස්වාන් දහසකට බුදුවෙන්න ඉන්ස්පැක්ටර් මහත්තයෝ ඔන්න ඕකයි වුනේ..පොලිසිය කියලා දන්නවා නම් අම්මපා යන්නේ නැ ඒ පැත්කටවත්...සමාව අවසර සැර්.

👉 සොමේ මාමා කියන්නේ කසිප්පු කියන දර්ශනයේ ශාතෘවරයා.ඉතින් අපි එහි අනුගාමිකයන්,
උබලා දෙන්නා උසාවියේදිත් ඕකම කියපන්.එනවා මෙතන පොලිසිය අතතියන්න කැ$% හු#&#නලා.....

" බුදුසැර් උසාවි දැම්මට නම් කමක් නැ..එ්ත් අර සොමේ මාමා හැමදාම සර්ගේ කොවටස් එකට ගේන වතුර බෝතලෙන් වතුර ටිකක් දෙනවා නම් ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා."

Sandaruwan S Bandara

Comments

  1. අම්මෝ වඩාගෙන ගෙනියන්න ඇත්තෙ පොලීසියට....😅😁

    ReplyDelete
  2. බ්ලොග් එකේ අකුරු ලොකු වැඩියි , පෝස්ට් එකේ උඩට මොනවද බං අර එන්නේ කලින් ලියපුවද ... උඹ මේක හදන්න ඇත්තේ ෆෝන් එකෙන් ඒකයි මේ අවුල

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....