අපේ ගම 1 (කොටස)
ඔන්න ඉතිං කියන්න යන්නේ මීට අවුරැදු 22 විතර කලිං අපේ ගම ගැන.. මම උපන්නේ කුරැණෑගල උනාට පදිංචිය පොලොන්නරුවේ, හිගුරක්ගොඩ, රජ ඇල ග්‍රාමයේ.. රජ ඇල කිව්වාට අපි රජඇල අවසානේ කොනේ තමා ඉන්නේ.. දැං නම් පාරවල් කාපට් කරල, පාලං එහෙම හදල තියෙන්නේ.. ඉස්සර එහෙම නෑ..
අපේ ගෙදර පිහිටලා තියෙන්නේ වෙල් යායවල් තුනකින් වටවෙලා.. දකුණට වෙන්න වත්ත මායිම දිගේ ඇලක් යනව කුඹුරු වලට වතුර අරං යන.. #තම්බි ඇල කියලයි ඒක හදුන්වන්නේ. ඒ නමට හේතුව ඒ ඇල යන්නේ හිගුරක්ගොඩ ඇති එකම මුස්ලිම් ගම්මානයේ කුඹුරු වලට නිසාවෙනි. ඒ කාලේ අක්කර කාලක් පමණ වන අපේ ඉඩමෙත් කුඹුරක් තමා තිබ්බේ. පොඩි ගොඩැල්ලක මැටියෙන් හදල හුනු ගාලා පැත්තකට තහඩුයි පැත්තකට පොල් අතුයි වහපු පොඩි ගෙයක් තමා අපිට තිබුනේ.. මේ 1994 වාගේ කාලේ..
ගෙදරින් යන්න තියෙන්නේ ඇල හරහ පොඩි ඒදණ්ඩක් දාලා තිබුනා ඒ කාලේ.. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයේ පාරක් තිබුනා එක ඉවරයි මින්නේරිය ඔය ලගින්. ඔයෙන් එගොඩට යන්න තිබුනේ අඩි 3 පාලම කියල පට පාලමක්.. ඊට පස්සේ #බුබුල. කලින් පෝස්ට් එකේ බුබුල ගැන තියෙනව.

ඔන්න ඉතිං ඒ කාලේ අපේ ගේ පිටිපස්සේ කුඹුර කලේ වයසක අත්තා කෙනෙක්.. ඒ අත්තාගේ ළමයින්ම 11ක් ඉන්නවා, බහුතරයක් නිවුන්නු. ඒකෙන් වැඩ්මහල්ම සහොදරයෝ තමා මේ කුඹුරු වැඩට සහභාගී වෙන්නේ.. මී හරක් බාන් 5ක් විතර හිටියා මට මතක විදිහට ඒ දවස්වල. මී හරක්ගෙන් හාල ඉවර වෙද්දි එන මඩ සුවද තාමත් දැනෙනව වාගේ. ඒ කාලේ මම ඉතිං අවුරැදු 5 ක විතර කොල්ලානේ.. (මම ඉපදුනේ 90) අර සීයා ඇඹුල ගෙනාවත්, තේ ගෙනාවත් මට අඩගහල දෙනව.. මමත් ඉතිං පැනල යන්නේ ඇයි දවස පුරාම වෙලේ මඩේ නටල නටල හොද ගනන්නේ... මඩ නාගෙන ඉද්දි ඒ සීයා මට කවපු කෑම තරම් රසට කවමදාකවත් මම කාලා නෑ.. අදටත් ඒ සීයා ජීවත්වෙලා ඉන්නව. දැං අවුරැදු 96ක් විතර ඇති. ඇස් නොපෙනුනාට හැමෝම අදුනනව. ඒ අතීතය අපේ ලමයින්ට tv එකෙන් තමා බලන්න වෙන්නේ.. ඒකත් සැකයි..
තවත් කොටසකින් අපි හමුවෙමු...
(හර්ෂ මදුෂාන් රත්නායක )
තවත් කොටසකින් අපි හමුවෙමු...
(හර්ෂ මදුෂාන් රත්නායක )
ඔය කියන කිසිම දෙයක් කොළඹ කාක්කෙක් වෙච්චි මමවත් කියවලා මිසක් අත් විඳලා නැහැ... ඉතින් ආපහු එහෙම කාලයක් එන එකකුත් නැහැ :(
ReplyDelete