අපේ ගම (3 කොටස)

අපි ඉතිං ස්කෝලේ ගියේ ⁣ගමේ එකටමනේ..
1 වසරේ ඉදන් පට්ටම පට්ට සෙට් එකක් හිටියා අපිට. කොහොමින් ⁣කොහොමින් හරි 9 වසරෙදි අධ්‍යාපන මට්ටම අනුව අපිව කඩල වෙන් කලා. මම A එකේ අනික් උන් B C. මොනව උනත් පීරියඩ් එකේ විතරයි පංතියට යන්නේ නැත්නම් අනික් පංතිවල.
ඔය අපේ අපත සෙට් එකට එක එක නම් තිබ්බා.
මාත් එක්ක පෙරපාසලේ ඉදන් ආව පොරක් හිටියා ගෙවල් ලගම ඌ මාන කොකා
චතුර සේනාරත්න වාගේ පොරක් හිටියා ඌ කොත්තුවා
කොලු කාරයෙක් හිටයා බතයා.. 
ආයේ කැවුමා, කිරියා, KT කියලත් එකෙක් හිටියා. (කැවුමා නම් ෙම්ක දකිනවා)
මම ඉතිං.. ඕනා නෑ ඒක මෙතනට.. 
ඕක තමා අපේ අපත සෙට්එක සිංහලෙන්ම කියනවනම් මගෝඩි වැඩම තමා. හැබැයි මාට්ටු වෙන්නේ නෑ.. අපේ ස්කෝලේ හිටියා සැර සර් කෙනෙක් සිසිර කියල, කැඩෙට්, විනය බාර, ශිෂ්‍ය නායක බැලුවේ සර් තමා. සර්ගේ පවුල තමා 11 වසර අපේ පංතිය බාර.  සිංහල කලේ..
ඔන්න සීන් එක අපේ ස්කෝලේ ප්‍රාථමික අංශය තියෙන්නේ මීටර් 700 ක් විතර දුරිං. ඒකාලේ දෙක වෙන් කරල නෑ දැං වාගේ. එකම ස්කෝලේ තමා තැන් දෙකක උනාට. ඔය ස්කෝල දෙකට යන පාර මැදින් යනව යෝද ඇල (මින්නේරිය වැවේ ඉදන් එන). ඕක හරහා පාලමක් තියෙනව කොන්ක්‍රීට්. වතුර වැඩිම උනාම පාලමේ ගැවෙනව. හැබැයි පාලම ඇතුලේ අඩි 2ක් විතර හිස්. යටින් පීනගෙන ගිහින් ඉන්න පුලුවන් ඇතුලේ. වාහන යද්දි වගේම ඇවිදන්    යද්දීත් හොදට ඇහෙනව ඕක යට ඉද්දි.. ඔන්න මූලික විස්තර කිව්වා. දැං හිතාගන්නකෝ තැන ගැන.

  ඒ් පාලම දැං ඉවුරැ හදලා ඉස්සර මෙහෙම නෑ

දවසක් බතයා ඉන්ටෝල් එකෙන් පස්සේ ගෙනාව යෝජනාවක් ඇලට පැනලා නාලා ඇල දිගේම බතයලගේ ගෙදර යං කියල..  මූ හිටියේ ඇල ලගමයි. ස්කෝලේ ඉදන් 2km විතර දුරයි ගෙදරට. ඇල දිගේ එච්චර නෑ.. අපිත් එකමතිකවම ස්ථීර කරල සෙට් එකම ස්කෝලේ පිටිපස්සේ වැටෙන් පැනල ඔතන තියෙනව නාන ලිදක් ඇලේ වතුර නැති කාලෙට. ඔතන ඇදුම් ගලවල වවුලන් පිටින් පැන්නා ඇලට. ලිද ලග පේර ගහ මුල ඇදුම්. දැං නනා ඉද්දි කිරියා පාලම උඩට නැගල වතුරට පිනින්න. ඈත ඉදන්ම සිසිර සර්ගේ වෑන් එක එනව දැකල.. සර්ට මූව නෝට්. හැමදාම මොකකට හරි වේවැල් පාරක් කනවමයිනේ. මූ කෑ ගහගෙනම පැන්නා සිසිර සර් එනෝ කියල.  කට්ටිය සිං ගාලා පාලම යටට මිසිං.  (ඒකාලේ කිමිදුම් හැකියාව විශ්මිතයි)
වෑන් එක පාලම උඩ නවත්තල පොර අපිව හොයනව කියන එක දැං ශුවර් එකටම දන්නවා. කොහොම හරි පැයක් විතර පාලම යට අපි.. වෑන් එක ගියේ නෑ තවම.. හෙමීට කිරියා අයිනකින් පීනලා ගිහින් ඔලුව දාලා බැලුවා. වැන් එක තියෙනව සර් නෑ.. දැං ආයේ ඇතුලට වෙලා ඉන්නවා පට්ටම සීතලයි.  කොහොම හරි සර් වෑන් එක අරං ගියේ 1ට ව්තර. පැය 3ට කිට්ටු වෙන්න දැං වතුරේ.. වෑන් එක ගිය ගමන් හෙමීට ගොඩ වෙලා ඇදුම් ගන්න ගියා
හුටස්පර ගොඩයි.. 😟😟😟😟
ඇදුම් රහත්වෙලා.. 😮😮😮😮😮
එහෙමම ඇල දිගේ බතයලගේ ගෙදරට ගිහින් උගේ ඇදුම් ඇදං, ගෙදර බත් මුට්ටියත් හූරගෙනම කාලා 4ට විතර ගෙවල් බලා ගියා ඕං.. 
ලස්සනම සිද්ධිය උනේ පහුවදා..
උදේ රැස්වීමට ආපු පිනා අර ඇදුම් ටික අරං ඇවිත් ඇත්ත කියල බාරවෙන්ඩ කිව්වා නීතියේ නාමෙන්.. අපි යයිද බාර වෙන්ඩ.. එකෙක් ගියේ නෑ ඇදුම් ගන්න. 
(කිරියා ආයේ ස්කෝලේ ආවේ මාසෙකින් විතර ඒ නිසා අදටත් ඒ අපියි කියල කවුරැත්ම දන්නේ නෑ.)

Comments

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....