දියබුබුල උල්පත

අද මම කියන්න යන්නේ පොලොන්නරුවේ වැඩිය ප්‍රසිද්ධ නැති වුනත් ඉතා වැදගත්, අලංකාර තැනක් වන #දිය_බුබුල ගැනයි. මුලින්ම කියල ඉන්නම්කෝ කොළඹ ඉදන් එද්දි එන්න පුලුවන් පාරවල් ගැන.. මින්නේරිය ටවුන් එකෙන් හිගුරක්ගොඩ පාරට හැරිල ඇවිත් හිගුරක්ගොඩ ජයමග පිරිවෙන ඉස්සරහින් දකුණට හැරිල තියෙන කාපට් පාර දිගේ 200m විතර යන්න ඕන #බුබුලට යන්න. සෝමාවතියේ යන ගොඩක් බස් නම් නිතර නිතර මෙතනට ඇවිත් කෑම කාලා, නාලා එහෙම යනව. හා හා දැං ඇති නේද මේ විස්තර?? ඉතිහාසය ගැනත් පොඩ්ඩක් කියන්නම්කෝ.....
මේ ස්ථානය ගැන පැහැදිලි සාක්ෂියක් තියෙන්නේ බෝහියර් මහතාගේ සටහනක් තුල ඉතා කුඩා විස්තරයකි. බෝහියර් දුටු ලංකාව නම් වූ පරිවර්තන කෘතියේ මින්නේරිය පිළිබදව ඇති පරිඡේදයේ අවසානයට මෙම උල්පත ගැන සදහනක් තියෙනව.. පොත කියවපු හෝ ලග තියෙන අයෙක්නම් පොඩ්ඩක් කියවල බලන්න වටිනව.. 
මීලග පැහැදිලි සාක්ෂියක් ලැබෙන්නේ 1933 මැයි මසේ 3 (දිනය වැරදියි නම් නිවැරැදි කරන්න, මතක විදිහට දැම්මේ) දින මින්නේරිය ජනපදයේ ජනතාවට අමතක නොවන දවසක් වන්නේ එදින තමා මින්නේරිය ව්‍යාපාරය ආරම්භ කරන්නේ. ඒ මෙම උල්පත අසලයි. ඒ ගැන එකල එම ස්ථානයේ පිහිටුවා ඇති ගල් ටැඹ සාක්ෂි දෙයි. දැං එම ගල් ටැඹ අසල ඇති පංසලේ ස්ඵාපනය කර ඇත්තේ සංවර්ධන කටයුතුවල නිරත වෙද්දි හානි සිදුනොවන ආකාරයටයි.
භූගත ගංගාවක් පොලොව මතුපිටට පැමින මේ උල්පත නිර්මාණය වී ඇති අතර එය ආරම්භ වන්නේ කොහෙන්ද කියා තවමත් සොයා⁣ගෙන නැත. මෙම උල්පතේ ජලයේ සල්ෆර් දියවී ඇති අතර මෙම වතුරට රෝග සුවකිරීමේ හැකියාවක් ඇති බවට ගමේ පැරැන්නන් ගේ විශ්වාසයයි. ඕනෑම නියං කාලයක මෙහි වතුර අඩු නොවෙන අතර මෙහි අවට තවත් කුඩා උල්පත් රැසක් පිහිටා ඇත. හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල නල ලිදක් ඉදිකිරීමේදී මෙම භුගත ගංගාවට සම්බන්ධ වී අදටත් එයින් ජලය ගලා යනු ලැබේ.
ලංකාවේ කොහේ ගියත් මොනදේ බැලුවත් ඒ තැන අපිරිසිදු කරන්න එපා. ඡායාරූප පමණක් රැගෙන යන්න... එහි අලංකාරයට හානි නොකර..
ප.ලි. මට හොදට ලියන්න බෑ
(හර්ෂ මදුෂාන් රත්නායක )
#දියබුබුල
මේ fb පෝස්ට් එක.. ඡායාරූප බොහොමයක් එහි ඇත

Comments

  1. Hamadama mehemada?? Hidenne nadda??

    ReplyDelete
    Replies
    1. ඔව් හිදෙන්නේ නෑ.. අර 2010 විතර ආපු නියගෙට වැව් එහෙමත් හිදුනා. පරාක්‍රම සමූද්‍රය මින්නේරිය ඉදන්. ඒත් බුබුල හිදුනේ නෑ

      Delete
  2. අපි කියවනවා. දිගටම ලියන්න.

    ReplyDelete
  3. සල්ෆර් තියෙනවා නම් බොන්න බැරුව ඇති නේද ? ඒ වගේම කිවුල ඇතියි හිතනවා. ගූගල් දෙයියන්ගෙන් අංජනමක් බැලුව පාර හොයා ගන්න, කොහෙද අංජනම් දේවියි හනුමන්තයි දෙන්නම ඔෆ්ද කොහෙද. හම්බ උනේ නැහැ :(

    ReplyDelete
  4. හිගුරක්ගොඩ තියෙන මේ දිය බුබුල ඇත්තටම ජාතික සම්පතක්. ඒක රැකගැනීම අප කාගෙත් යුතුකමක් වේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....