අපේ ගම 4 කොටස

අපේ ගම කිව්වට දැන් නම් ගමට වඩා අපි කරපුවාතමා ඕං කියන්න තියෙන්නේ..
අද කියන්නේ #කැවුමාගේ ට්‍රාන්ස්මීටර් ජෝගිය ගැන....

#fm ට්‍රාන්ස්මීටර් ජෝගිය with කැවුමා

අපේ කැළුම් හෙවත් කැවුමා කියන්නේ 6 වසර විතර වෙද්දි ⁣රේඩියෝවක ඒරියල් එකෙන් රිංගලා කැසට් පීස් එකෙන් එලියට එන ජාතියේ බුවෙක්.. (දැන් වෙන වෙන ඒවාගේ රිංගලා පවුලගෙන් කොසුපාර කෑවට) ඉතිං මුට මාරම ඇම්මක් තිබ්බා ඕවා ගැන..

උගේ ගෙදර තිබ්බේ ඉස්කෝලේ ඉදන් 3kmවිතර දුරින්.. ගේ ඉස්සරහම රේල් පාර තියෙන්නේ.. ඒ පැත්තේ ඒ දවස්වල කරන්ට් එක තිබ්බේ උගේ ගෙදරට විතරයි... අනික් අය කරන්ට් අරං තිබ්බේ නෑ.. අල්ලපු වැටේ හිටියා පොරක් හෙන පාට් එකෙන් තමා ඉන්නේ.. ඌ බැට්රියක් හොයාන ඇවිත් ගෙදර සෙට් එකක් දානව.. මූ බීලා ඇවිත් රෑ 12 විතර සද්දෙට ⁣තමා මේක දාන්නේ.. කොච්චර කිව්වත් මූ අහන්නේම නෑ... අනික හෙනම චන්ඩියානේ.. ඉතිං කැවුමා කල්පණා කරල කරල ගත්තා ඇක්ෂන් එකක්..

මූ හැදුවා fm ට්‍රාන්ස්මීටර් එකක් හදල අරෑ රේඩියෝව දාපුවාම මූ ඒ ලයින් එක ජෑම් කරල මූට ඕන සිංදු දාන්න ගත්තා.. මේක ටිකක් මාට්ටු වෙන්න පුලුවන් කියල දැනුන මූ කරා වෙන වැඩක්.. අර පරණ රේඩියෝ ටියුන් කරන කොට එනවනේ සෝ සද්දයක් අන්න ඒ සද්දේ තමා දැං ට්‍රාන්ස්මීටර් කරන්නේ..

ඔන්න අරෑ වෙනද වගේ රේඩියෝව ස්දදෙන් දැම්මා.. ටික වෙලාවකින් රේඩියෝවේ සෝ සද්දේ එනව.. මූ එනව එකක් ගහනව රේඩියෝවට.. එතකොට අර සද්දේ නතරවෙනව.. ඔහොම ඔහෙම දවස් කිහිපයක් කරනව.. දැං මූ හිතන්නේ රේඩියෝවේ අවුලක් කියල... ඉතිං සෝ ගාද්දි ගෙදර කොස්සෙන් හිටං ගහනව දැං.. කුණුහරුප වැලයි එහෙන්.. දවසක් මූ ගහනව ගහනව සෝ ගාන එක අඩුම නෑ.. ගත්තා රේඩියෝව ගැහුවෙ නැතෑ පොලොවේ.. දැං ඉතිං කාටවත් තාමත් කරදරයක් නෑ උගෙන්..
අනික ඌ තාමත් දන්නේ නෑ මේක මුගේ වැඩක් කියල.. දැගත්තත් දැං කැළුමා ගෙදර නැති නිසා අවුලක් නෑ.. නේද කැළුම් මධුශංක

හැබැයි #කැවුමා ඊට පස්සේ පටන් ගත්තේ නැතෑ තඩි  බෆල් දෙකක් හදං ගමටම ඇහෙන්න දාන්න..
ඕකටත් ඔය වැඩේම තමා කරන්න ඕන කියන එකයි මගේ මතය..

Comments

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....