අංගම්මැඩිල්ල/මැණික් හා දුප්පත්කම

අද අංගම්මැඩිල්ල පැත්තේ අපි සාමාන්‍යයෙන් නොදකින පැත්තක් ගැන කථා කරන්න හිතුනා.
අපේ රටේ මැණික්   හම්බ වෙන ප්‍රධාන පැති වලට අමතරව තවත් විවිධ ස්ථාන වලින් මැණික් හම්බ වෙනව කියල ඔබ දන්නවාද?? පොලොන්නරුවේ අංගම්මැඩිල්ල සීමාවේ අඹන්ගග ආශ්‍රිතව පොලොව මතුපිටට ආසන්නව විවිධ මැණික් වර්ග හමුවී තිබෙනව.
හැබැයි දැං නං කියන්න යන්නේ මැණික් ගැන නම් නෙවෙයි. කලහගල, අංගම්මැඩිල්ල ප්‍රදේශයේ බහුතරයක් මිනිසුන් කරන්නේ අනවසර මැණික් ගැරීමයි.. අනවසර මැණික් ගැරීම කියන්නේ අඹන් ගගේ ඉවුරේ හෝ වනොද්‍යානයේ ඇතුලේ පස් කපාගෙන ගගට රැගෙනවිත් මැණික් ගැරීමයි.. මෙය රජයේ අවසර ගෙන කිරීමට තරම් හැකියාවක් ඔවුන් හට නොමැත. කැළය තුල පතල්ද හාරා ඇති බව දැගන්නට ලැබුනද ඒවා සොයාගැනීම දුෂ්කර කාර්යයකි.
මෙම පතල්වලට ඇති එකම බාදාව වනජීවි නිළධාරීන් හා පොලිසිය මගින් සිදුකරන වැටලීම්ය. ඉතිං ඔවුන් එයට විකල්පයක් සොයාගෙන ඇත... නමුත් එම විකල්පයම ඔවුන් තව තවත් දුප්පත්කමේ පතුලට ඇද දැමීමට සමත් වී ඇත.
ඉහත දමා ඇති ඡායාරූපය හොදින් බලන්න.. මෙවැනි නිවාස තවත් තිබෙන අතර මේ නිවාස වල ජීවත්වන ජනතාව කරන එකම කටයුත්ත මැණික් ගැරීමයි.. ගගේ වැලි ගෙන ගගේම සිට මැණික් ගැරීම සිදුකරන්නේ කාන්තාවන් හා කුඩා දරැවන්ය.
ගගේ වැලිවල කුඩා මැණික් කැට තිබෙන අතර ඒවා එකතු කිරීමයි ඔත්තු බැලීමයි සිදුකරන්නේ ඔවුන් විසිනි.
මේ අතර පිරිමින් වනයතුල ඇති පතල් තුල සිට පතල් කැණිමේ යෙදෙයි.. මේවා එතරම් ගැඹුරට හෑරීමක් සිදුනොකරයි. සාමාන්‍යයෙන් දවස අවසානයේ තමන් සොයාගන්නා ලද මැණික්ද සමග මොවුන් නිවාස කරා පැමිනෙයි. ඔවුන් පැමිණීමේදී ගමේ මැණික් මුදලාලිලා මාර්ගය අසලට විත් ඔවුන්ගේ මැණික් ලබා ගැනීම සිදුකරනු ලබයි.. කුඩා මැණික් කැට සියල්ලටම බොහෝ විට  ලැබෙනුයේ රැපියලේ 1500/= පමණ මුදලකි..
ප්‍රමාණයෙන් ලොකු මැණික් ඉතා දුර්ලබ අතර ඒවාට 5000 සිට මිල නියම වෙයි.. ඒ මේවායේ නියම මිල නොවෙන අතර මුදලාලිලාගෙන් ලැබෙන රැකවරණය නිසා ඔව්න්ගේ මිලට මැණික් ලබා දීම සිදුකරයි..
දිනක් මනහන්සි වී සොයාගත් මැණික් වල නියම වටිනාකම බලා ගැනීමට නම් ඔබ එම මුදලාලිලා ගෙන් මැණික් මිලදී ගැනීමට යායුම වේ.. පොලොන්නරුවට පැමිනෙන සංචාරකයන්ට ඉතා අධික මිලකට ඔවුන් මෙම මැණික් අලෙවිකරන අතර තතුදත් අය පවසන ආකාරයට ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානීන්ට එයින් සුළු කොටසක් ලබාදීමද සිදුකරනයි..
මෙම අසාධාරණයට විරැද්ධ වීමට තරම් හැකියාවක්, දැනුමක් අර අහිංසක ජනතාවට නොමැත. එදා වේලවත් හරියට නැතිව දුප්පත්කමේ අඩියටම වැටී සිටියත් ඔවුන්ට අපට මෙන් ප්‍රශ්න නැත. එකම ප්‍රශ්නය බඩගින්න පමනකි.

Comments

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....