බලු කතා

මේ දවස්වල කඩේට ගියත්, ලොතරැයි කූඩුවට ගියත්, fb ගියත්, පාර්ලිමේන්තුව පැත්තේ ගියත්, අතන මෙතන හැමතැනම ඇහෙන්නේ බලු කතා ගැන.. ඉතිං ඒ නිසා මමත් හිතුවා බලු කතාවක් කියන්න..

  දං ඔය බල්ලෝ ඉන්නවා නේද?? උන් අපිට පේන්ඩ ඉන්නවාට වඩා ගොඩාක් වෙනස්.. ගොඩාක් දියුණුයි. බල්ලෝ ගැන ඉතිහාසය බලද්දි පූසෝ ගැන කතා නොකරම බෑ.. ඉස්සර මිසරයේ ජීවත් උන පූසෝ විසින් මිනිස්සුන්ව පාලනය කලා.. බලන්න මිසර චිත්‍රවල පූසන්, පූසියන් විසින් අණ කරලා පිරමිඩ හදවන විදිහ. ඉතිං ඔහොම කාලයක් පූසෝ මිනිසුන්ගෙන් වැඩ ගත්තා.. ඒකට විරැද්ධව නැගී හිටින්න තරම් ශක්තියක් මිනිස්සුන්ට තිබ්බේ නෑ.. මෙහෙම යද්දි තමා බල්ලෝ මේ ලෝකෙට ආවේ.. සමහරැ කියනවා පිටසකවලින් ආවා කියලත්. තව සමහරක් කියනවා පොලොව යට බලු රාජධානියක් තියෙනවා ඒකෙන් ආවා කියලත්. ඇවිත් මිනිසුන්ව බේරාගෙන පූසන්ව එලවලා මිනිසුන්ට මේ ලෝකේ පාලනය කරන්න ඉඩ කඩ හදලා දුන්නා.

  අපේ ඈයොන්ට ඉතිං මොන දේත් මතක දවස් 7යිනේ.. ඉතිං දැං කොහොම මතක තියෙන්නද මේවා.. ඉතිං වැඩි දවස් නොයාම මිනිස්සු බල්ලන්ට බල්ලොන්ට වාගේ සලකන්න පටං ගත්තා... හැබැයි ඉතිං බල්ලෝ තරහා උනාද? නෑ.. බල්ලෝ දන්නවානේ මිනිස්සුන්ගේ හැටි. ඒ නිසා අදටත් ඉවසීමෙන් ඉන්නවා.. හැබැයි මිනිසුන්ට වඩා දියුණුයි බල්ලෝ.. උන් හැබැයි ඒක මිනිසුන්ට දැනෙන්නට දෙන්නේ නෑ.. දැං ඔය බල්ලෝ දෙන්නෙක් හම්බ උනාම පුක ඉබලා බලන්නේ ඇයි කියලා දන්නවාද?? (පුකට පුක නොකියා රත්තරං කියන්ඩ යෑ ආයුබෝවන්...? ඒ නිසා රෙදි උස්සන් එන්ඩ එපා ඈ) ඒකටත් හේතුව මිනිසුන්ම තමා.. ඔය බල්ලොන්ටත් ඉන්නවා ජනාධිපති කෙනෙක්, අගමැතිලා දෙන්නෙක් නෑ එකයි ඉන්නේ.. අනික බල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය තදට ක්‍රියාත්මක කරනව.. බල්ලෝ තමා ලෝකෙට ප්‍රජාතන්ත්‍රවාදය හදුන්වලා දුන්නේ කියලා පුරාණ බලු පොතක ලියලා තිබ්බා කියලා අපේ ටොමියා අටං අයියාට කියලා තියෙනවා.. අටං අයියයි බල්ලෝයි අතර තියෙන සම්බන්ධය ගැන පස්සේ කතා කරමුකෝ...

දැං ඉතිං ඔය බල්ලෝ සෙට් එක එක තැනකට සෙට් වෙලා හෙනම මීටිමක් තියනවා අවුරැදු 4ට සැරයක්.  ඒකට ලෝකේ සියලුම බල්ලෝ සහභාගී වෙනවා.. කාලෙන් කාලෙට තැන වෙනස් කරනවා.. මොකද මිනිස්සු දැන ගයි කියලා. මෙහෙම එක කාලෙක ලංකාවේ තමා මේක පවත්වන්න තීරණය කලේ.. ඒ කරලා වැඩේ පවත්වන්න දිනයක් දාගෙන බල්ලෝ කට්ටිය සෙට් උනා මූද අයිනේ තැනකට.. දැං රැලිය නැගලම යනවා. ඔය අස්සේ ලංකාවේ පොලිසියට ආරංචියක් එනවා අයුතු බලුරාශියක්.. නෑ නෑ ජන රාශියක්රැස් වෙලාය, පවතින ආණ්ඩුව පෙරලන්න ලැස්ති වෙනවාය කියලා.... පොලිස්පතිතුමා වහම නියෝගයක් නිකුත් කලා අවම බලය යොදවලා විසුරුවා හරින්න කියලා..

ඔය රැලියට එන බල්ලෝ නිතරම අහවල් වැඩේ කරන්න හදන නිසා නීතියක් දාලා තිබ්බා පුකවල් ගලවලා තියලා තමා ඇතුලට එන්න පුලුවන් කියලා... බල්ලන්ට අහවල් වැඩේ කරන්න තැනක් නොතැනක්, වෙලාවක් කලාවක් නැති නිසා තමා ඔය නීතිය දැම්මේ. දැකලා තියෙනවානේ එක බැල්ලි වටේට බල්ලෝ 20ක් විතර මරා ගන්නවා. අපේ අැයෝ වාගේ උන්ට කාමර ඕනෑ නෑනේ.. ඉතිං දැං මේ රැලියට පොලිසිය පනින කතන්දරය පොලිසියේ ලොකු තැනකිම්ම බලු ජනාධිපතිගේ ලේකම්ට දැන ගන්න ලැබුනා. ඒවෙලාවේ කට්ටිය කලබල උන පාර තමන්ගේ පුක හොය හොයා නොයිද අහුවෙන පුකක් අරන් මිසින් උනා. එදා මාරැ වෙච්ච පුක තාමත් හොයාගන්න බැරි උන බල්ලෝ සෙට් එකක් ඉන්නවා තාමත්. ආන්න ඒක නිසා තමා බල්ලෝ අදටත් බලන්නේ පුක ඉව කරලා. තිබ්බාට වඩා හොද පුකක් ලැබුනු උන් අනික් උන් ඉව කරද්දි සද්දේ දානවා.. ඇයි ඒ පුකේ අයිතිකාරයාද දන්නේ නෑනේ.. ඔන්න ඔහොමයි උනේ..
ආ කියන්න අමතක උනානේ අදටත් අපේ සමහරක් කොල්⁣ලෝ ඉන්නවා පූසිට යටත්ව.. ඒක බල්ලොත් දන්නවා....
HMR

Comments

  1. බල්ලොගැන සෑහෙන්න දැනුවත් වුනා.....මටත් ඉන්නව යාලුවො කීපදෙනෙක් පූසියන්ට යටත්වෙලා ඉන්න....��

    ReplyDelete
  2. එහෙමයි එහෙනං ඒකත් උනේ 🤣

    ReplyDelete
  3. බලු ටෝක් දාන්න එපා ඩෝ(මීට බල්ලෙක් )😂😂😂😂😂

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....