නූතන බුදු දහම කොයිබටද??
මම මේක ලියන්න හිතුවේ ලංකාවේ අද තත්ත්වය බලද්දි අපි කොයි තරම් බුදු දහම පිලිපදිනවාද කියල ආපසු හිතන්න, බලන්න කාලේ ඇවිත් කියල හිතුන නිසයි.. මූනු පොතේ එක් සහෝදරයෙක් දාලා තිබ්බ කමන්ටුවක් මම දානව ඉස්සරලම... මේක කියවලා ඊට පස්සේ දැං මොකද වෙලා තියෙන්නේ කියල කථා කරමු අපි. "යටත් විජිත සමයේදි එංගලන්තයේ පාස්ටර් කෙනෙකුගෙ මල්ලි කෙනෙක් හිටියා රීස් ඩේවිස් කියලා .ඒ අය කලේ යටත් විජිත රටවල් වල කතෝලික ධර්මය ප්රචාරය කිරීම. රීස් ඩේවිස් තෝර ගත්තෙ අපේ රට. මොහු ලංකාවට පැමිනියා 1892 දී.ඔහු පලමුව කලේ සිංහළ ඉගෙනීම. ඊට පස්සෙ රට වැසියා සොයා ගම් නියම්ගම් සැරි සැරුවා.කිසිම අයුරකින් ඔවුන්ගේ මතය ලක්වැසියා අතරට පැල පදියන් කිරීමට නොහැකි වුනේ පන්සලත් සමග බද්ද වී සිටි නිසයි. මොහු ඔහුගේ පරමාර්ථය අත හැරියේ නැහැ . බුදුදහමට පහර ගැසීමට නම් බුදුදහම ඉගෙන ගතයුතු යැයි මොහු කල්පනා කලා. එවිට බුදුදහමට පහර ගසා කලකිරවා රටවැසියන්ට කතෝලික දහම ගැන රුචියක් ඇතිකල හැකියයි ඔවුන් කල්පනා කලා. බුදුදහමට පහර ගැසීමට නම් ත්රිපිටකය පරිශීලනය කල යුතු යැය...