Posts

නූතන බුදු දහම කොයිබටද??

Image
මම මේක ලියන්න හිතුවේ ලංකාවේ අද තත්ත්වය බලද්දි අපි කොයි තරම් බුදු දහම පිලිපදිනවාද කියල ආපසු හිතන්න, බලන්න කාලේ ඇවිත් කියල හිතුන නිසයි.. මූනු පොතේ එක් සහෝදරයෙක් දාලා තිබ්බ කමන්ටුවක් මම දානව ඉස්සරලම... මේක කියවලා ඊට පස්සේ දැං මොකද වෙලා තියෙන්නේ කියල කථා කරමු අපි. "යටත් විජිත  සමයේදි  එංගලන්තයේ  පාස්ටර් කෙනෙකුගෙ මල්ලි කෙනෙක්  හිටියා රීස් ඩේවිස් කියලා .ඒ අය කලේ  යටත් විජිත රටවල්  වල කතෝලික  ධර්මය  ප්‍රචාරය  කිරීම. රීස් ඩේවිස් තෝර ගත්තෙ අපේ රට. මොහු ලංකාවට පැමිනියා 1892 දී.ඔහු පලමුව කලේ සිංහළ ඉගෙනීම. ඊට පස්සෙ රට වැසියා සොයා ගම් නියම්ගම් සැරි සැරුවා.කිසිම අයුරකින් ඔවුන්ගේ මතය ලක්වැසියා අතරට  පැල පදියන් කිරීමට නොහැකි  වුනේ පන්සලත් සමග බද්ද  වී සිටි නිසයි. මොහු ඔහුගේ පරමාර්ථය  අත හැරියේ නැහැ . බුදුදහමට පහර ගැසීමට නම් බුදුදහම  ඉගෙන ගතයුතු  යැයි මොහු කල්පනා කලා. එවිට බුදුදහමට පහර ගසා කලකිරවා රටවැසියන්ට කතෝලික දහම ගැන රුචියක් ඇතිකල හැකියයි ඔවුන් කල්පනා කලා. බුදුදහමට පහර ගැසීමට නම් ත්‍රිපිටකය  පරිශීලනය  කල යුතු යැය...

වෙනස්ම කථාවක්

Image
""මම ඉතිං ලිවීමට අලුත්නේ. අද පොඩි කෙටි කථාවක් ලියන්ඩ කියල.. ගුන දොස් තිබේනම් පහලින් කමන්ට් කරන්න. ඔයාල⁣ගේ සහය මහමෙරක් තරම් මට.""" ======================================= සදුනි කොට්ටය අසල ඇති i phone එක අතට අරං වෙලාව බලද්දියි දැක්⁣කේ උදේ 9ත් පහුවෙලා කියල.. වෙනදාට නම් උදේම ඇහැරිලා ස්කීම් එකේ පාර දිගේ හරි, හිතුනොත් දියතට හරි ගිහින් ලැසීවත් අරං ජොගින් යනවනේ පැයක් දෙකක්.. ඔය යද්දි ඉතිං අර සක්කරවට්ටම මිසිස් ඩයස්ගේ මූණ නිකම් ඇද වෙලා රවල බලන විදිහ මතක් වෙලා සදුනිට ඇදේදිම හිනා ගියා..  මිසිස් ඩයස් ඉන්නේ සදුනිගේ ගෙදරට ගෙවල් 3කට එහා.. ස්කීම් එකේ පරණම පදිංචි කාරියක්.. කිසිම හැඩයක් නැති පිටි ගෝනියක් වගේ මහත මිසිස් ඩයස් හැඩට ඉන්න තමන්ට ඊර්ෂ්‍යා කරනව කියලයි සදුනිට නිතරම හිතුනේ.. ඇයි කොයිවෙලාවේ දැක්කත් රවලා බලන ඒ මූනේ සදුනි කිසිම දවසක හිනාවක් දැකලම නෑ.. සදුනිගේ කල්පනා ලෝකය බිදිමින් දුරකථනය නාද වන්නට විය.. "Hello Mom Good Morning" "ශෙනාල් Good Morning My darling, කොහොමද ඔහේ??" "මෙහේ ගොඩාක් සීතලයි මමී.. ඊයේ දවසම හිම වැටුනා.. මායි ඩැඩියි ඇදට වෙල...

නොසැලකිල්ල

Image
ඔබ ඔය පහළින් දකින්නේ පිටරටක ඡායාරූප නොව ලංකාවේ මින්නේරිය රක්ෂිතය තුල අද තත්ත්වයයි.. මෙයට හේතුව කුමක්ද කියල ඇහුවොත් එක එක අයට එක එක හේතු තියෙනව.. මම නම් කියන්නේ ඔය මොනවත්ම න...

ඌවේ කැරැල්ලේ පුරෝගාමී කිවුලේගෙදර මොහොට්‌ටාල

Image
ක්‍රි. ව. 1815 දී උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වීමට හේතු වූ ප්‍රධාන කාරණයක්‌ වූයේ එවකට උඩරට සිටි ප්‍රධානීන් බලලෝභයෙන් භේදභින්න වී කටයුතු කිරීමය. ඔවුහු පසුව ඉංග්‍රීසීන් උඩරටට ගෙන්වා ගෙන ගිවිසුමක්‌ ද අත්සන් කරමින් උඩරට පාලන බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පැවරුවෝය. එතැන් පටන් ඉංග්‍රීසීන් විසින් ගෙන ගිය පාලනය උඩරට රදළයන් බලාපොරොත්තු නොවූ එසේම රදළයන්ට අවාසි සහගත වූවක්‌ බව පෙනී යැමට වැඩි කලක්‌ ගත වූයේ නැත. මෙසේ උඩරටින් ඇති වූ අප්‍රසාදයේ ගිනි පුපුරු පුපුරා ගියේ ඌවෙනි. 1818 දී ඉංග්‍රීසි පාලකයන්ට විරුද්ධව ඇති වූ කැරැල්ල සුළු කලකින් මර්දනය කිරීමට හේතු කීපයක්‌ බලපෑවේය. එයින් ද ප්‍රධාන වූයේ සමහර සිංහල ප්‍රධානීන් ඉංග්‍රිසීන්ගේ තාන්න මාන්නවලට ලොබ වී ඉංග්‍රීසීන් වෙනුවෙන් කැරැල්ල මර්දනය කිරීමට ඉදිරිපත් වීමයි. ඔවුන් අතරින් මහවලතැන්න හා එක්‌නැලිගොඩ ප්‍රධාන වන අතර කැරැල්ල මැඬලීම සඳහා ඌව විනාශ කිරීමේදී ඌවේ අහිංසක ගැමියන් ඝාතනය කිරීමෙන් පමණක්‌ නොව ඔවුන්ගේ ගේ දොර, ගම්බිම් ගිනි තැබීම ද හරකබාන මරා දැමීම ද ඵල දරණ ගහකොළ කපා දමා විනාශ කිරීම ද කිරීමෙන් ඌවේ වැසියන් බියවද්දමින් කරනු ලැබුවේ මහා විනාශයකි. මෙහිදී ම...

අපේ ගම 4 කොටස

අපේ ගම කිව්වට දැන් නම් ගමට වඩා අපි කරපුවාතමා ඕං කියන්න තියෙන්නේ.. අද කියන්නේ #කැවුමාගේ ට්‍රාන්ස්මීටර් ජෝගිය ගැන.... #fm ට්‍රාන්ස්මීටර් ජෝගිය with කැවුමා අපේ කැළුම් හෙවත් කැවුමා ...

ගිරිතලේ වැව් අසිරිය...

Image
දෙවන අග්බෝ රජු විසින් (ක්‍රි.ව. 608-618) සාදවන ලද ගිරිතලේ වැව පොලොන්නරුවේ පිහිටා ඇති තවත් එක් සුවිශේෂී වැවකි.. මේ වැව ආශ්‍රිතව ඇති මින්නේරිය-ගිරිතලේ ස්වභාව රක්ෂිතය පිහිටා ඇති අතරම ඒ පිළිබදව අගනා විස්තරයක් දිවයින පුවත්පතින් උපුටා දමන ලදි. Link (ඉහත ඡායාරෑප මා විසින් ගන්නා ලද ඒවාවේ.. ) ======================================================== හැදින්වීම දැනට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර ඇති ස්‌වභාව රක්‍ෂිත පහ අතුරෙන් ගිරිතලේ මින්නේරිය ස්‌වභාව රක්‍ෂිතයට හිමිවන්නේ ප්‍රමුඛ ස්‌ථානයකි. 1978 දී අභය භූමියක්‌ බවට පත්කර තිබූ මෙම භූමි ප්‍රමාණය මහවැලි කඩිනම් ව්‍යාපාරයට සමගාමීව බිහිවූ වස්‌ගමුව සෝමාවතිය ජල ගැලුම් නිම්නය හා මාදුරුඔය වැනි වනෝද්‍යාන සමඟ 1988 පෙබරවාරි මස 12 වැනිදා ස්‌වභාව රක්‍ෂිතයක්‌ දක්‌වා සංරක්‍ෂණ වශයෙන් උසස්‌ කෙරිණි. මෙසේ ප්‍රකාශයට පත්කෙරුණු ගිරිතලේ - මින්නේරිය ස්‌වභාව රක්‍ෂිතයේ කලාප (බ්ලොක්‌ස්‌) හතරකි. කලාප අංක 1,2,3, හා 4 වශයෙන් ඒවා නම්කර තිබිණි. මෙම කලාප හතර අතරින් කලාප අංක තුන ලෙස හැඳින්වූ කොටස 1997 අගෝස්‌තු මස 12 වැනිදා මින්නේරිය ලෙස ශ්...

අංගම්මැඩිල්ල/මැණික් හා දුප්පත්කම

Image
අද අංගම්මැඩිල්ල පැත්තේ අපි සාමාන්‍යයෙන් නොදකින පැත්තක් ගැන කථා කරන්න හිතුනා. අපේ රටේ මැණික්   හම්බ වෙන ප්‍රධාන පැති වලට අමතරව තවත් විවිධ ස්ථාන වලින් මැණික් හම්බ වෙනව කියල ඔබ දන්නවාද?? පොලොන්නරුවේ අංගම්මැඩිල්ල සීමාවේ අඹන්ගග ආශ්‍රිතව පොලොව මතුපිටට ආසන්නව විවිධ මැණික් වර්ග හමුවී තිබෙනව. හැබැයි දැං නං කියන්න යන්නේ මැණික් ගැන නම් නෙවෙයි. කලහගල, අංගම්මැඩිල්ල ප්‍රදේශයේ බහුතරයක් මිනිසුන් කරන්නේ අනවසර මැණික් ගැරීමයි.. අනවසර මැණික් ගැරීම කියන්නේ අඹන් ගගේ ඉවුරේ හෝ වනොද්‍යානයේ ඇතුලේ පස් කපාගෙන ගගට රැගෙනවිත් මැණික් ගැරීමයි.. මෙය රජයේ අවසර ගෙන කිරීමට තරම් හැකියාවක් ඔවුන් හට නොමැත. කැළය තුල පතල්ද හාරා ඇති බව දැගන්නට ලැබුනද ඒවා සොයාගැනීම දුෂ්කර කාර්යයකි. මෙම පතල්වලට ඇති එකම බාදාව වනජීවි නිළධාරීන් හා පොලිසිය මගින් සිදුකරන වැටලීම්ය. ඉතිං ඔවුන් එයට විකල්පයක් සොයාගෙන ඇත... නමුත් එම විකල්පයම ඔවුන් තව තවත් දුප්පත්කමේ පතුලට ඇද දැමීමට සමත් වී ඇත. ඉහත දමා ඇති ඡායාරූපය හොදින් බලන්න.. මෙවැනි නිවාස තවත් තිබෙන අතර මේ නිවාස වල ජීවත්වන ජනතාව කරන එකම කටයුත්ත මැණික් ගැරීමයි.. ගගේ වැලි ගෙන ගගේම සිට මැණික් ගැර...