එක් සමයෙක්හි ජම්බුද්වීපයෙහි පුලතිසි මෙත්පල් නිරිදාණන්, අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් හා එක්වැ දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරණ සමයේ එනුවර ස්ත්‍රී සමුහයා රජ මාළිගාව ඉදිරිපිට රැස්ව මහත් වූ ශබ්ද නගන්නට වූ හ. දෙසවන බිහිරි කරවන ස්ත්‍රී සමුහයා ගේ ඝෝෂාව කන වැකුණු ඇසිල්ලෙහි ම මෙත්පල් නිරිදාණන් ස්ත්‍රීන් කවර කරුණක් අරභයා ඝෝෂා කරනේදැයි දැනගනු වස්, මාළිගයේ මුර සෙබළෙකු ස්ත්‍රීන් සමුහයා වෙත පිටත් කර යැවූ හ. " නැගිණියනි, තොප සමුහයා කුමන කරුණක් අරභයා ඝෝෂා කරන්නෙහු ද?" සෙබළා ඇසී ය. "රාජ පුරුෂය, අපගේ මාස් ශුද්ධිය වන කල්හි යොදා ගන්නා පැණි අමුඩ රෙදි කඩටත් රජ වාසලෙන් සියයට සියයක් වූ බද්දක් නියම කොට ඇත්තාහු ය. ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ යි ස්ත්‍රී තොමෝ පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ. " "රාජ පුරුෂය, මෙබඳු බද්දක් අසාධාරණ යැ, නොහොබින්නේ යැ , යහපත පිණිස නොවන්නේ යැ' යි එක හඬින් කී හ. ඉදින් මෙකරුණු නොපමාව උන්වහන්සේට සැළ කරව, නැතහොත් උන් වහන්සේ පසු දින පත්‍රය පිටවන තෙක් උකටලීව කජු බුදිමින් කල් යවා රාත්‍රී දහයට සැතපෙනු ඇත්තේ යැ' යි " කී ...