නූතන බුදු දහම කොයිබටද??
මම මේක ලියන්න හිතුවේ ලංකාවේ අද තත්ත්වය බලද්දි අපි කොයි තරම් බුදු දහම පිලිපදිනවාද කියල ආපසු හිතන්න, බලන්න කාලේ ඇවිත් කියල හිතුන නිසයි.. මූනු පොතේ එක් සහෝදරයෙක් දාලා තිබ්බ කමන්ටුවක් මම දානව ඉස්සරලම... මේක කියවලා ඊට පස්සේ දැං මොකද වෙලා තියෙන්නේ කියල කථා කරමු අපි.
"යටත් විජිත සමයේදි එංගලන්තයේ පාස්ටර් කෙනෙකුගෙ මල්ලි කෙනෙක් හිටියා රීස් ඩේවිස් කියලා .ඒ අය කලේ යටත් විජිත රටවල් වල කතෝලික ධර්මය ප්‍රචාරය කිරීම. රීස් ඩේවිස් තෝර ගත්තෙ අපේ රට. මොහු ලංකාවට පැමිනියා 1892 දී.ඔහු පලමුව කලේ සිංහළ ඉගෙනීම. ඊට පස්සෙ රට වැසියා සොයා ගම් නියම්ගම් සැරි සැරුවා.කිසිම අයුරකින් ඔවුන්ගේ මතය ලක්වැසියා අතරට පැල පදියන් කිරීමට නොහැකි වුනේ පන්සලත් සමග බද්ද වී සිටි නිසයි. මොහු ඔහුගේ පරමාර්ථය අත හැරියේ නැහැ . බුදුදහමට පහර ගැසීමට නම් බුදුදහම ඉගෙන ගතයුතු යැයි මොහු කල්පනා කලා. එවිට බුදුදහමට පහර ගසා කලකිරවා රටවැසියන්ට කතෝලික දහම ගැන රුචියක් ඇතිකල හැකියයි ඔවුන් කල්පනා කලා. බුදුදහමට පහර ගැසීමට නම් ත්‍රිපිටකය පරිශීලනය කල යුතු යැයි මොහු ඇතුලු මොහුගේ නඩය තීරණයකට එලඹීය.එවිට ප්‍රශ්නයක් වූයේ ත්‍රිපිටකය ග්රන්ථාරූඩ වී තිබුනේ පාලි භාෂාවෙන් නිසාය. මොහු පලමුව සියල්ල පසෙකින් තබා පාලි භාෂාව ඉගෙන ගත්තේය. ඒ බලපිටියේ රේවත ස්වාමීන්වහන්සේ ගෙනි. පසුව ඔහු ධර්ම දේශනා 18,000 ක් පමන ඇති ත්‍රිපිටකය මැනවින් පරිශීලනය කරන ලදී. ඉන්පසුව කතෝලික දහම ප්‍රචලිත කිරීම පසෙකලා රික් ඩේවිස් බුදුදහම වැලඳගන්නා ලදී. පසුව මොහු එංගලන්තයට ගොස් පාලි භාෂාව ඉගෙන ගැනීම සඳහා ඇකඩමියක් ලන්ඩන් නුවර ආරම්භ කරන ලදී."
දැං හිතන්න අපි බෞද්ධ උනේ කොහොමද??
අර කොටුවේ හාමුදුරුවෝ කියනව වාගේ අපේ මහ එවුන් දෙන්න බෞද්ධ නිසා නේද??
බෞද්ධ අපි ත්‍රිපිටකය කියවලා තියෙනවාද?? ජාතක කථා පොත??
වැඩිය ඕන නෑ පැටලෙන්නේ නැතුව පන්සිල් පද පහ??
හිතට තට්ටු කරල තමන්ගෙන්ම අහල බලන්න?
නෑ නේද?
හැබැයි fb එකේ නටනව බුදු දහම රැකගන්න ඕන කියල මරාගන්නවා අර ගෑනු කෙනෙක් බුද්ධ රෑපයක් තියෙන ඇදුමක් ඇදන් ඉන්න පොටෝව දැකල.
හැබැයි ගමේ පන්සලේ හාමුදුරුවෝ දානේ වැළදුවාද කියල බලනවද??
මොනව නැතත් නිකමට හාමුදුරුවෝ රෑ වෙලා නූල්ඩ්ලස් පැකට් එකක් කඩෙන් අරං ගියොත් ඒක ඇති මාස ගානකට.. අවසානේ පත්තරෙත් දාලා බ්‍රේකින් නිවුස් එහෙකට TV එකෙත් යනව අහවල් පන්සලේ අහවල් හිමි නම රෑට කාලා කියල.. අපේ රටේ පන්සල් කීයක් තියෙනවද දානේ නොලැබෙන?? හැබැයි කවුරැ හරි කිව්වොතින් මම රහත්වෙලා කියල ආං එතනට ගිහින් ලක්ෂ ගනන් වියදම් කරනව.. මතක තියාගන්න බුදු රජාණන්වහන්සේගේ ධර්මය කාටවත් බලෙන් අපට සරණයවන්න බෑ.. අපි විසින්ම සරණ යන්න ඕන. අද රටේ බෞද්ධයන් හිතාන ඉන්නේ ලක්ෂ ගනන් වියදම් කරල දාන දුන්නාම නිවන් යන්න පුලුවන් කියල.. හැබැයි කරන්නේ වංචාව, හොරවැඩ, ඒවගෙන් උපයන මුදලින් දාන දුන්නා කියල හරියන්නේ නෑ.. හිතන්න.. ජීවත් වෙන ටිකකාලේ අපි අපිවම රවට්ටමින් ඉදල අවසානේට බොරැවට සිල් අරං වැඩක් නෑ.
අපි බෞද්ධ කියල නමට විතරක් කියල වැඩක් නෑ...
දේවාල පස්සේ යනවනම්,
කේන්දර කාරයෝ පස්සේ යනවනම්,
ලෙඩ හොදකරන අය පස්සේ යනවනම්..
අපි බෞද්ධ වෙන්නේ කොහොමද??
අපි බුදුරජාණන් වහන්සේ දේශණා කරපු ධර්මයට අනුව ජීවත් වෙනවනම්,
හිතනව පතනව නම්,
ආකල්ප හදා ගන්නවානම්,
අපිට
බුදු දහම බේරගන්න කියල fb එකේ මරා ගන්න ඕන නෑ..
පාරට බැහැල ගහගන්න ඕනනෑ.
අනික් ආගම් වලට බනින්න ඕන නෑ..
අර උඩ ටික කියවපු ඔබට තේරැම් ගියාද කොයි තරම් සත්‍යවාදී දර්ශනයක්ද අපි මේ එක එක අයට ඕන විදිහට විකෘති කරගෙන තියෙන්නේ කියල..?? බුදු රජාණන්වහන්සේගේ අපිට නීති දාලා නෑ අනික් ආගම් වලට වාගේ..
ඉතිං අපේ අය උදේට සුරාමේරය කියල හවසට යන ගමන් බාර් එකෙන් බෝතලයක් අරං බීලා ගෙදර ගිහින් FB ඇවිත් නිරාගමිකයන්ටයි අනික් උන්ටයි බනිනව.. ඉතිං කෝ එතන බෞද්ධ කමක්..??
ඉතා වට්නා ඉගැන්වීමක් ලග තියාගෙන අන්ධයෝ වගේ අපි හැසිරෙනව..
අනික් ආගම් වගේ මේක ආගමක් නෙවෙයි.. ඉගැන්වීමක්, දර්ශනයක්.
බල කිරීමක් නෑ.. කැමතිනම් ඉගෙන ගන්න පුලුවන්..
මම හැමදාමත් කියනව වාගේ මම මගෙන් පටන් ගන්න ඕන..
මම වෙනස් වෙන්න ඕන.. එතකොට මට පුලුවන් අනික් අයට ආදර්ශයක් වෙන්න කියල හිතන්න පුරැදු වෙන්න ඕන.. අපිට ඕන ආකල්පමය වෙනසක් මිසක් ආගම බේරගන්න යුද්ධයක් නෙවෙයි.
මේක දකින සමහරැන්ට ටිකක් විතර හිත රිදෙයි.. මේ මගේ අදහස්..
මම ඉපදෙද්දි මම නිරාගමිකයි....
හර්ෂ මදුෂාන් රත්නායක
ප.ලි.
මේ අදහස් ලිව්වේ අද රටේ තියෙන වාතාවරණය සැලකිල්ලට අරගෙන මිසක් කාගේවත් දේශපාලන හෝ ආගමික අවශ්‍යතාවකට නොවන බව දැන ගන්න..
මා ඇතුලු සියලු බෞද්ධයන්ට බුදුරාජාණන් වහන්සේගේ වදාළන ලද ධර්මය තුල අපි සිටින ස්ථානය ගැන හා සත්‍ය වශයෙන්ම වර්ථමානේ බුදුදහම හා අපේ ගමන් මග ගැන නැවැත සිතාබැලීමට අවස්ථාවක්.💓
ReplyDeleteබුද සරසරණ මල්ලා.. අපි අපිට පුලුවන් පෙරලිය කරමු.
ReplyDeleteඅර්ථවත් ලිපියක්.......
ReplyDeleteඔබ ඉදිරිපත් කරන කරුණු ගැඹුරින් සිතා අප දෙසටම විදුලි පන්දම හරවා බැලියුතුය. ඒ ගැන පිං.
ReplyDeleteරීස් ඩේවිඩ්ස් මහතා මා දන්න පරිදි ලංකාවට පැමිණි බ්රිතාන්යපරිපාලන සේවයේ/සිවිල් සේවයේ නිළදරුවෙකි. ඔහුගේ පිය ඉත ජනප්‍රිය කිතුනු පූජක වරයෙකි. යාත්‍රාමුල්ලේ ධම්මාරාම හිමිපාණන්ගෙන් පාලි උගත් ඔහු ඒ වනවිට සංස්කෘත පාලි බස උගත් ඔහු ඒ බස දැනසිටිබව පෙනේ. සිය ප්‍රසිද්ධ H දේශන මාලාවේදී තමානට පාලි ඉගැන්වීම පිළිබඳ තම කෘතවේදිත්වය නොමදව පල කලේය. https://en.wikipedia.org/wiki/Thomas_Rhys_Davids
Sorry.
ReplyDeleteඔබ ඉදිරිපත් කරන කරුණු ගැඹුරින් සිතා අප දෙසටම විදුලි පන්දම හරවා බැලියුතුය. ඒ ගැන පිං.
රීස් ඩේවිඩ්ස් මහතා මා දන්න පරිදි ලංකාවට පැමිණි බ්රිතාන්යපරිපාලන සේවයේ/සිවිල් සේවයේ නිළදරුවෙකි. ඔහුගේ පිය ඉතා ජනප්‍රිය කිතුනු පූජක වරයෙකි. යාත්‍රාමුල්ලේ ධම්මාරාම හිමිපාණන්ගෙන් පාලි උගත් ඔහු ඒ වනවිට සංස්කෘත බස දැනසිටිබව පෙනේ. සිය ප්‍රසිද්ධ HIBERT දේශන මාලාවේදී ධම්මාරාම හිමිපාණන්ට තමනට පාලි ඉගැන්වීම පිළිබඳ තම කෘතවේදිත්වය නොමදව පල කලේය.
ඇත්තටම අපි බෙ ෟද්ධද?? අපිට හිතන්න වෙනවා...
ReplyDeleteඔන්න අපිත් ොඩවැදුනා...
ReplyDeleteආපහු එනවා
ඇත්තටම නිදාගෙන ඉන්න අයව ඇහැරවන්න පුළුවන්. ඒත් බොරුවට නිදාගෙන ඉන්න අයව පුබුදුවන්න පුළුවන් මොන ජගතාටද?
ReplyDeleteදැන් බහුතරය බහුජ්ජයන්ගෙ බුද්දාගං සිස්ටම් එක ඇවිල්ල නානසාර මොඩල් එක නෙව, මේක හරිම විදිහට විස්තර කරපු පහළ තියන කවිය උපුටා ගත්තෙ හැලප කඩේට අධිපති හැලපාචාර්ය හලපයියාගේ ලිපියකින්.
ReplyDeleteබොනවද දහම් පැන් - නැත්නං පොවන්නද
මොනවද අඩෝ පන්සිල් - කණ පලන්නද
වෙනවද නිදුක් - නැත්නං දුක් නිවන්නද
යනවද නිවන් - නැත්නං තෝ යවන්නද
හැබැයි ජීවත් වෙන්න ලෙහෙසිම විදිහ තමයි කිසිම ආගමක් ඇදහීමෙන් වැළකීම, මොකද එකත් බන්දිමක්ම තමයි :)
බලාගෙන යනකොට ඉහත කවිය දමිත් කේතක ලියාපු එකක්, පොඩි මිස් ෆයර් එකක් !!!
ReplyDeleteමේන් මෙතනින් බලාගන්න